News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තදවැසි ද ඇතිවිය […]


Jan
3

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමිට ජනපති සමාව

Generic placeholder image

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමි වී ඇතැයි වාර්තා වනවා. නීති විරෝධි අන්දමින් ටී 56 ගිනි අවි 2 ක් සහ ජීව උණ්ඩ 210 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ උන්වහන්සේට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබුණා. 2010 ජනාධිපතිවරණයට දින කිහිපයකට ඉහතදී විහාරස්ථානය වැටලූ […]


Jan
3

“ඉරුදෙණියාය” නවතම ටෙලි නිර්මාණය 11 වැනිදා සිට සියත TV ඔස්සේ

Generic placeholder image

නයනි.. දඟකාර, කටකාර වුණත් අහිංසකකමින් පිරි සහ පිරිමි ගති ඇති සුන්දර පෙනුමක් උපතින්ම හිමි දුප්පත් යුවතියක්. වරුණ.. ධනවත් පවුලක උපත ලද හැඩකාර කොල්ලෙක් වුණත් ඉගෙනීමට අනුවණ, ඒත් බුද්ධිමත් තරුණයෙක්. හාත්පසින්ම වෙනස් පවුල් පසුබිම් හිමි නයනි සහ වරුණ අතර සුන්දර ආදර අන්දරයකට මුල පිරුණත් එය උපන් ගෙයිම මිය යන්නේ තෙවැන්නියකගේ බලපෑම නිසා ද? නැතිනම් වරුණගේ වරදින් […]


Jan
3

ඊයේ වැඩිම ආසාදිත ගණන ගම්පහින් – කොළඹින් වාර්තා වූ ආසාදිතයින්ගේ අඩුවක්

Generic placeholder image

අද උදෑසන වන විට මෙරටින් කොරෝනා රෝගීන් 515 දෙනෙකු හදුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 144ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 96ක් ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 47ක් ද, සෙසු රෝගීන් 215 අනෙක් දිස්ත්‍රික්කවලින් ද වාර්තා වී ඇති බවයි කොවිඩ් […]


Jan
2

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ලබන මස සිට ස්ථාවර මිල ගණන් යටතේ

Generic placeholder image

අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි මස සිට ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යන බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. සහල්, පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල් මැස්සන්, ළුෑනු, අර්තාපල්, බිත්තර සහ කුකුළු මස් යන ආහාර එම ආහාර වර්ගවලට ඇතුළත්. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :


Jan
2

ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය ආසාදිත රැඳවියන්ගේ ඡායාරූප එළියට (ඡායාරූප)

Generic placeholder image

පොළොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය රැඳවියන් සිව්දෙනෙකුගේ ඡායාරූප මාධ්‍යයට මුදාහැර තිබෙනවා. පෙරේදා අලුයම කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් 5 දෙනෙකු අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගොස් තිබුණා. අනතුරුව පොලිසිය සහ යුද හමුදාව එක්ව කළ මෙහෙයුමකින් එක් රැඳවියෙකු හලාවත, දෙමටපිටිය ප්‍රදේශයේ දී සොයා ගත්තා. එලෙස සොයා ගැනුණේ, මද්දුමරාලලාගේ කවිදු මධුශාන් නැමති 27 හැවිරිදි, […]


Jan
2

දිනයේ ආසාදිතයින් ගණන 502 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 502ක්. නව ආසාදිතයින් 191 දෙනා සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවල මුළු ආසාදිතයින් ගණන […]


Jan
2

තවත් කොරෝනා මරණ 3ක් – අනන්‍යතාව තහවුරු කළ නොහැකි අයෙකුත් ඒ අතර

Generic placeholder image

කොරෝනා ආසාදනය වී සිටි තවත් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. කොළඹ 13, මරදාන සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු එලෙස මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අනන්‍යතාව තහවුරු කළ නොහැකි වයස අවුරුදු 70ත් 80ත් අතර පුද්ගලයෙකු ද ඒ අතර වන බවයි. ඒ […]


Jan
2

තවත් කොරෝනා රෝගීන් 311ක්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 311 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එම ආසාදිතයින්ගෙන් 228 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු ආසාදිතයින් 83 දෙනා හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර […]


Jan
2

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා රෝගය පාලනයට රජය අපොහොසත් වී ඇතැයි එ.ජා.ප.යෙන් චෝදනා

Generic placeholder image

තම බලය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින ආණ්ඩුව රටේ ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමේ වගකීම අමතකකර දමා ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට කොරෝනා රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. රුවන් විජයවර්ධන මහතා මේ අදහස් පළ […]


Jan
2

වායුගෝලය කැළඹෙයි – උතුරට සහ නැගෙනහිරට තද වැසි

Generic placeholder image

දිවයිනේ උතුර සහ නැගෙනහිර පළාත්වලට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ අදාළ පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි. ඊට අමතරව උතුරුමැද, ඌව සහ මධ්‍යම පළාත්වලටත් හම්බන්තොට දිස්ත්‍රික්කයටත් විටින් විට […]


Jan
2

මත් වතුර ලෙස පෙට්‍රල් බීමට ඇබ්බැහි වූ තරුණයෙකු දිවි නසා ගනියි

Generic placeholder image

කලක සිට මත්ද්‍රව්‍ය ලෙස පෙට්‍රල් පානය කිරීමට ඇබ්බැහි වී සිටි තරුණයෙකු ඊයේ ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා. එම තරුණයා වසර කිහිපයක සිට ඊට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබුණත් දිගින් දිගටම පෙට්‍රල් පානයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඇති වූ මානසික ව්‍යාකූලතාවක් හේතුවෙන් ඔහු ඊයේ පස්වරුවේ‍ දිවි නසාගෙන ඇති බව […]


News Articles
Latest Videos
Most Popular Post