News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
22

බස්නාහිර පළාත හුදෙකලා කරන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

උත්සව සමයත් සමග ජනතාව බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත් වෙත යා හැකි බැවින් එම පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ජනතාව බස්නාහිර පළාතේ සිට පිට පළාත්වලට යෑම තුළින් වෙෙරසය පැතිර යාමේ විශාල අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් ජනවාරි පළමු වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙසයි මහජන සෞඛ්‍ය […]


Dec
22

උපරිමාධිකරණය ගිනි ගත්තේ කොහොම ද?

Generic placeholder image

පසුගියදා කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේ හටගත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් නොවන බවට අනාවරණ වී තිබෙනවා. ගින්න හට ගැනීමෙන් පසු සිදු කළ පරික්ෂාවෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා. එම ගින්න සම්බන්ධයෙන් රජයේ රස පරික්ෂකවරයා කළ පරීක්ෂණයේ වාර්තාව ද මෙතෙක් නිකුත් වී නැහැ. කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංකීර්ණයේ සේවකයින් […]


Dec
22

පහළොස් හැවිරිදි දැරියක් සිරුරට ගිනි තබාගෙන මියයයි

Generic placeholder image

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් පහළොස් හැවිරිදි දැරියක් සිය සිරුරට ගිනි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ දැරිය ඇගේ නැන්දණියගේ පුත්‍රයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට විරුද්ධ වූ නැන්දණිය නිරන්තරයෙන් ඇයට බැණ වැදී තිබුණා. ඒ හේතුවෙන් කනස්සල්ලට පත් දැරිය සිය නිවස තුළදීම සිරුරුට ගිනි තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. බරපතල පිළිස්සුම් තුවාල ලැබූ දැරිය කලවාන […]


Dec
22

සිවු හැවිරිදි දරුවා සමග පියා යතුරුපැදි අනතුරකින් මරු දකී

Generic placeholder image

පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියේ ගමන් ගත් අඹු සැමි යුවලක් සහ ඔවුන්ගේ සිවු හැවිරිදි දරුවා අනතුරට ලක්ව තිබෙන අතර එහිදී පියා සහ දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බව පිළියන්දල පොලිසිය සදහන් කරනවා. මව බරපතල තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙන අතර අදාල අනතුරෙන් මිය ගොස් තිබෙන්නේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක් හා ඔහුගේ පුතු වන […]


Dec
22

පොළොන්නරුවේ මාර්ගයක් ජලයෙන් යට වෙයි – දිස්ත්‍රික්ක කිහිපයකට ඉතා තද වැසි

Generic placeholder image

අධික වැසි සමග පොළොන්නරුවේ සිට මඩකලපුව දක්වා මාර්ගය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ හේතුවෙන් අදාළ මාර්ගය හරහා කුඩා මෝටර් රථ ධාවනය කිරීම තාවකාලික නවතා දමා ඇති බවයි. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් […]


Dec
22

ගම්පහ කොවිඩ් තත්වයේ යම් පාලනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය ගම්පහ දිස්ත්‍රික්කය තුළ යම් පමණකට පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. කෙසේ නමුත් අවදානම තව දුරටත් පවතින් බවයි එම අංශ අවදාරණය කරන්නේ. ගත වූ පැය 24 ක කාලය තුල කොරෝනා රෝගින් 39 දෙනකු වාර්තා වී තිබෙන අතර ඉන් දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් 08 දෙනෙක් වාර්තා වී තිබෙනවා.


Dec
22

කෑගල්ලේ කොරෝනා ඔසුවට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටු අනුමැතිය

Generic placeholder image

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ කොරෝනා මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව තහවුරු කළා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, අදාළ ඖෂධය මේ වනවිටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබා දීමට අනුමැතිය දී ඇති බවයි. […]


Dec
22

ස්වයං නිරෝධායනය වන්නට කියූ වෛද්‍යවරයෙක් අණ නොතකා රෝගීන් පරික්ෂා කර බෙහෙත් දීලා

Generic placeholder image

නාවලපිටිය උලපනේ නගරයේ පෞද්ගලික වෛදය මධ්‍යස්ථානයක් වසා දැමීමට එම ප්‍රදේශයේ මහජන පරික්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත අශ්‍රිතයෙක් වන වෛද්‍යවරයෙක් හට ස්වයං නිරෝධායනය වන්නට උපදෙස් ලබා දී තිබියදී ඒ උපදෙස් නොතකා ඔහුගේ පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කර රෝගීන් පරික්ෂා කර බෙහෙත් ලබා දීමට කටයුතු කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ වන අදාල වෛද්‍යවරයා නැවතත් ස්වයං […]


Dec
22

බැස්ටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කරයි

Generic placeholder image

පිටකොටුව, බැසිටියන් මාවතේ තාවකාලික වෙළඳසැල් කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. එම වෙළඳසැල් හිමියන් පැවසුවේ ඊයේ රාත්‍රියේ සිටම වෙළඳසැල් කඩා ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ තාවකාලික වෙළඳසැල් 95ක් කඩා ඉවත් කෙරුණා. මින් පෙර එම වෙළඳසැල් ඉවත් කරන බවට නාගරික සංවර්ධන අධිකාරිය මගින් අදාළ වෙළඳසැල් හිමියන්ට දැනුම් දී […]


Dec
22

කොරෝනා වෛරස නව ප්‍රභේදයේ වේගවත් පැතිරීම නිසා එංගලන්තයම ලොක් ඩවුන් වන ලකුණු ?

Generic placeholder image

එංගලන්තයෙන් හමු වූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය වේගවත් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර නත්තල් සමයේ එංගලන්තයම යළි දරුණු අගුළු දැමීමට ලක් විය හැකි බව එරට බලධාරීන් සදහන් කරනවා. විශේෂයෙන්ම එරට විශේෂඥන් සදහන් කරන්නේ මෙම වෛරස් නව ප්‍රභේදය 70 % ඉක්ම වූ ප්‍රතිශතයකින් ජනතාව අතර වේගයෙන් ව්‍යාප්ත වන බවයි. ලන්ඩන් නුවරින් පමණක් නව වෛරසය අසාදනය වූ පුද්ගලයින් […]


Dec
22

කොරෝනා ආසාදිත ආගරපතන සභාපතිවරයා හම්බන්තොටට – ප්‍රාදේශීය සභාවත් තාවකාලිකව වැසෙයි

Generic placeholder image

කොරෝනා වෙෙරසය ආසාදනය වූ බවට හදුනා ගැනුණු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ආගරපතන ඇල්බියන් වත්ත ප්‍රදේශයේ තෝන්ෆීල්ඩ් කොටසේ පැවැති මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදිත බවට මින් පෙර හඳුනාගෙන තිබුණා. අදාළ මංගල උත්සවයට ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සහභාගී වී තිබූ අතර පසුව ඔහුටත් […]


Dec
22

සංචාරකයින් රැගෙන එන ගුවන් යානා වලට සහනයක්

Generic placeholder image

2020 දෙසැම්බර් මස 26 සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා කාලය තුලදී විදේශ ගුවන් සේවා මෙරටට ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු අය කිරීම අත්හිටුවීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අදාල නියමු ව්‍යපෘතිය දෙසැම්බර් මස 26 වෙනිදා සිට ජනවාරි මස 19 වෙනිදා දක්වා සිදුකිරීමට බලාපොරොත්තු […]


News Articles
Latest Videos
Most Popular Post