විදෙස් රටවල සිට මෙරටට පැමිණි පිරිසකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එම සංඛ්‍යාව 69ක්. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 538ක් දක්වා ඉහළ ගියා.
රත්ගම, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ නෙදර්ලන්ත හිමිනමගේ අපවත් වීම ඝාතනයක් බවට සැක මතුව ඇතැයි වාර්තා වනවා. එම හිමිනමගේ දේහය පසුගියදා රාත්‍රියේ රත්ගම කලපුවේ තිබී හමු වූ අතර පොලීසිය පැවසුවේ, 60 හැවිරිදි උන්වහන්සේ නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසයකර ඇති බවයි. 35 වසරක් පැවිදිව සිටි උන්වහන්සේ මියන්මාරය සහ තායිලන්තය වැනි රටවල මින් පෙර වැඩවාසය කර තිබුණා. […]
මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 146 දක්වා ඉහළ ගියා. ඒ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු තහවුරු කිරිමත් සමගයි. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගත වන රජයේ සේවකයින්ට දිනකට රුපියල් 3,000 බැගින් දින 10ක් ලබා දීමට තීරණයකර තිබෙනවා. ඒ, අග්‍රහාර රක්ෂණාවරණය යටතේයි. එමෙන්ම කොරෝනා වෛරසයෙන් මියයන එම සේවකයින්ට අදාළ රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ගෙවීමටත් තීරණය වී තිබෙනවා.
නව ආසාදිතයින් 169 දෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එලෙස වාර්තා වූ සියලු ආසාදිතයින් පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 469ක්. එමෙන්ම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් […]
2024 වසරේදී සඳ තරණය කිරීම සඳහා ගඟනගාමීන් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නාසා ආයතනය විසින් නම් කරනු ලැබ තිබෙනවා. ඇමරිකාවේ උප ජනාධිපති මයික් ස්පෙන්ස් මහතා මේ පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කළා. 8 වැනි ජාතික අභ්‍යාවකාශ කවුන්සිලයේ රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් පසුගිය 8 වැනිදා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී මියගිය දින 20ක් වයසැති බිළිඳාගේ මෘත දේහය භාර ගැනීමට එම බිළිඳාගේ මව්පියන් පැමිණ නැති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. ඔහු පැවසුවේ, දරුවාගේ දේහය භාර ගැනීමට මව හෝ පියා නොපැමිණීම හේතුවෙන් එය මෘත ශරීරාගාරය වෙත යොමු කළ බවයි. පසුව පොලිසිය මාර්ගයෙන් මව්පියන්ට […]
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, සීමා නීර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත්කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔහු ලබන 15 වැනිදා නව ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ලබන 14 වැනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන ධුරය සඳහා මේජර් ජෙනරල් […]
2021 වසරේ අයවැය සඳහා ඉදිරිපත්කර ඇති යෝජනා අද සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඊට අදාළව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහතින් :
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඉදිරි පැය කිහිපය තුළ ප්‍රභල අකුණු සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. එලෙස අකුණු සහිත තද වැසි ඇති වනවිට ඉන් […]
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා නව ලේකම්වරයෙක් පත්කර තිබෙනවා. එලෙස පත්කර ඇත්තේ, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වන අතර ඔහු ඉදිරියේදී නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.