ලෝකයේ ළමුන් තුන්දෙනෙකුගෙන් එක් දරුවෙක් විෂ සහිත ඊයම්වලට ගොදුරු වීමේ අනතුරක් පවතින බව පර්යේෂණයක් මගින් සොයාගෙන තිබෙනවා. එම අනතුරට මිලියන අටසීයක් පමණ ලෝකයේ දරුවන් ගොදුරු වීමට ඉඩකඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ‘Pure Earth’ සංවිධානය ඇස්තමේන්තු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වාර්තාවට අණුව විෂවීමට ප්‍රධාන හේතූන් වශයෙන් දක්වා ඇත්තේ ඊයම් අන්තර්ගත බැටරි, විද්‍යුත් අපද්‍රව්‍ය, ආකර […]
2020 මහ මැතිවරණයට කලාකරුවන් හා කලාකාරිණියන් දස දෙනකු ඉදිරිපත් වූ අතර එයින් 04 දෙනකු පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඉතිරි 06 දෙනා ම මැතිවරණ තරගයෙන් පරාජයට පත් වුණා. මේ අනුව මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ රංගන ශිල්පින් වන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදී උද්දික ප්‍රේමරත්න මහතා සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදී රන්ජන් රාමනායක මහතා, ප්‍රවීණ රංගන ශිල්පිනී […]
ශ්‍රී ලංකාවට අවේනික ලයිකන විශේෂ 90ක් ඇතුළුව ලෝකයට ලයිකන විශේෂ 123ක් හදුන්වා දුන් ගෝතමී වීරකෝන් මහත්මිය ලන්ඩනයේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ලයිකන අංශයේ ජ්‍යෙෂ්ඨ භාරකරු ලෙස රැකියාව කරන ශ්‍රී ලාංකික විද්‍යාඥවරියකි. ඇය විසින් මේ දක්වා පර්යේෂණ පත්‍රිකා 40කට අසන්න ගණනක් ප්‍රකාශයට පත් කර ඇති අතර ලොව ප්රමුඛ පෙළ විද්‍යා සහ අධ්‍යාපන ආයතන අතරින් එකක් වන “නැෂනල් […]
මේ දිනවල ඉන්දියානු සිනමාවේ සුපිරි නිළියක් වන ප්‍රීටි සින්තා ඇතුළු පවුලේ පිරිස ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ජිවත් වන අතර කොරෝනා හේතුවෙන් එම අගනුවර වසා දමා තිබෙන වකවානුවක මේ හේතුවෙන් ප්‍රීටි සින්තා ඇතුළු පවුලේ සියලු දෙනා වගා කටයුතු සිදු කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා දක්නට ලැබෙනවා.
ටික්ටොක් හි චීන හිමිකරු බයිට් ඩෑන්ස් ට්විටර් සිය එක්සත් ජනපද මෙහෙයුම් මිලදී ගැනීමට උනන්දුවක් දැක්වීමට තීරණය කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරනවා. ඉකුත් සති කිහිපයේදී ට්විටර් – ටික්ටොක් වීඩියෝ බෙදා ගැනීම පිලිබදව මෙම කතිකාව ගොඩනැගී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ආරක්ෂක හේතූන් මත දින 45 ක් ඇතුළත ටික්ටොක් සමඟ ව්‍යාපාර කටයුතු නතර කරන […]
මන්නාරම තලෙයිමන්නාරම ප්‍රධාන මාර්ගයට යාබදව ආදම් පාලම ප්‍රදේශයේ යෝධ මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබී හමුව ඇති බව වාර්තා වෙනවා. එම යෝධ මුහුදු ඌරා කිලෝග්‍රෑම් 700 ක් පමණ ප්රමානයකින් යුක්ත වන බවයි වාර්තා වන්නේ.
ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිඳු කළ වැටලීමකදී මත්කුඩු සහ මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් සැකකරුවන් 331 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අතර හෙරොයින් ළඟ තබාගත් සැකකරුවන් 122 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත්පැන් සමඟ 94දෙනෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟද සැක කරුවන් 9 දෙනෙකු වනවා.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 183 ක් දක්වා පහල බැස තිබෙනවා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ සමස්ත ආසාදිතයින් ගණන 606 ක් වන අතර එයින් 423 ක් මේ වන විට සුවය ලබා තිබෙන බව වාර්තා වෙනවා.
අගමැති නරේන්ද්‍ර මෝදි වෙත විවෘත ලිපියක් මගින් වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ පවුල් වෙත ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන ලෙස ඉන්දියානු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කර තිබෙනවා. මෙසේ ඉල්ලීමට හේතුව වී ඇත්තේ කොවිඩ් – 19 වෛරසයට ගොදුරු වීම නිසා වෛද්‍යවරුන් 196 දෙනෙකු මේ වන විට මිය යාමයි.
මෙවර ජාතික ජන බල වේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය කාට හිමිවේද යන්න පිලිබදව අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව එම බලවේගයේ ප්‍රධාන ලේකම්වරයා සදහන් කරනවා. එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනතා විමුක්ති පෙරමුණට හිමිවන බවටද මත පල වෙනවා.
විදේශ රටවල් දෙකක සිටි ශ්‍රී ලාංකිකයන් 176 දෙනෙක් රැගෙන අද අලුයම (10) ගුවන් යානා දෙකක් කටුණායක ගුවන් තොටුපළට පැමිණ තිබුණා. ඒ කටාර් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනෙකු සහ ජපානයේ රැදී සිටි 148 දෙනෙකු රැගෙනයි. මෙම පිරිස කටුණායක ගුවන් තොටුපළේදී පී. සී. ආර්. පරීක්ෂණ වලට ලක් කෙරුණා.
මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී සිටින ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි දෙක ඉක්මවන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එම ගණන සටහන් වන්නේ 20,023,019 ක් ලෙසයි. වාර්තා වන මරණ ගණන 733,976 ක්. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 50 ඉක්මවා තිබෙනවා.