News Line| Off Air
Generic placeholder image

Jul
28

ජෝර්දානයේ ශ්‍රී ලාංකිකයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ජෝර්දානයේ රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයින් 340කට ආසන්න පිරිසක් සිදු කල විරෝධතාවයකට මෙලෙස එරට පොලිසීයෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙලෙස විරෝධතාවල නිරතව සිටින්නේ ජෝර්දානයේ අල්කාරා ප්‍රදේශයේ කර්මාන්තපුරයක සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසකටයි. ඒරට වසංගත තත්වය හේතුවෙන් රැකියා අහිමි වූ මෙම පුද්ගලයින් සොයා බැලීම සදහා ජෝර්දානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ […]


Jul
28

PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබද තීරණාත්මක සාකච්ඡාවක් අද

Generic placeholder image

මේ වන විට වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර අද හමුවක් කැදවා තිබෙනවා. මේ අනුව PHI වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබදව අවසන් තීරණයක් මෙම හමුවෙන් අනතුරුව ගැනීමට බලාපොරොත්තු වන බවයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ.


Jul
28

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.


Jul
27

උතුරු කොරියාවෙන් හමු වූ කොවිඩ් ආසාදිතයා

Generic placeholder image

ලොව පුරා රටවල් අතර කොරෝනා වෛරසයෙන් යම් පමණකට හෝ බේරී සිටීමට උතුරු කොරියාව උත්සහ දරන පසුබිමක කොරෝනා ආසදිතයෙක් බවට සැක කරන පුද්ගලයෙකු සොයා මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබෙනවා. දකුණු කොරියානු පොලීසිය සදහන් කරන්නේ එම පුද්ගලයා ලිංගික අපයෝජන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙක් බවයි. කෙසේ වෙතත් උතුරු කොරියානු මාධ්‍ය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් […]


Jul
27

පාසල් වෑන් රථවල ලීසිං ගෙවීමට මාස 06ක සහන කාලයක්

Generic placeholder image

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය විසින් කළ ඉල්ලීමට අවධානය යොමු කරමින් පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස 06ක සහන කාලයක් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාව පළ කර තිබෙනවා. ඔහු මේ අදහස් පළකර සිටියේ දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි අවස්ථාවේදීයි. මේ සමගම නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන […]


Jul
27

පොලිස් මුලස්ථානයෙන් විශේෂ අංක දෙකක්

Generic placeholder image

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්, අයථා ලෙස උපයා ගැනීම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාජිකයන් සම්බන්ධයෙන් දැනුම් දීමට පොලිස් මුලස්ථානය විසින් අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. ඉහත කරුණු සම්බන්දයෙන් 1997 සහ 1917 යන අංක ඔස්සේ දැනුම් දිය හැකිය.


Jul
27

විදුලිය නොමැති නිවාස වලට සුර්ය විදුලි බල පද්ධති

Generic placeholder image

විදුලි බලය ලබාදීමට සුදුසු තත්ත්වයක නොමැති නිවාස සඳහා සුර්ය විදුලි බල පද්ධතිය බැගින් නොමිලේ ලබා දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය මහතා උපදෙස් දී තිබෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුල විදුලිබලය නොමැති පවුල් 12,500ක් පමණ ජිවත් වනවා. මෙය මහා මැතිවරණයෙන් පසුව […]


Jul
27

මැතිවරණ කොමිසමේ තීරණයක් වෙනස් වෙයි

Generic placeholder image

ජුලි 31 වනදා නිරෝධායනය වන පුද්ගලයන් උදෙසා ජන්දය ප්‍රකාශ කිරීමට සැලසුම් කර තිබු ජංගම වැඩ සටහන නොපවත්වන ලෙස අද මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් අද පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


Jul
27

වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා නව ආසාදිතයින් 500 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ඕස්ට්‍රලියාවේ වැඩිම අවදානමට ලක්ව තිබෙන ප්‍රාන්තය වශයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ඊයේ හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් ගණන 532 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 06 ක්.


Jul
27

රියදුරු පුහුණු පාසල් අධීක්ෂණයට ජාතික වැඩ පිළිවෙලක්

Generic placeholder image

රියදුරු පුහුණු පාසල් වල සිටින රියදුරන් පුහුණු කරවන උපදේශකයන් නිසි පරිදි දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස මෝටර්රථ ප්‍රවාහණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී මාර්ග අනතුරු පිළිබඳව පවතී වැඩසටහනක් අමතමිනි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම දෙපාර්තමේන්තුවේ සිටින විමර්ශන […]


Jul
27

බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක්

Generic placeholder image

බත්තරමුල්ල ප්‍රදේශයේ විදුලි භාණ්ඩ වෙළද සැලක ගින්නක් හටගෙන ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා. මෙම ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ දෙපාර්තුමේන්තුව කටයුතු කරමින් සිටින බවයි වැඩි දුරටත් සදහන් වන්නේ. ගින්නට හේතුව පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.


Jul
27

අගමැති මෝදී ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරයි

Generic placeholder image

කොරෝනා අවධනම වැඩි රටවල් අතර අප අසල්වැසි ඉන්දියාවද වාර්තා අතර මුල් තැනක් ගෙන සිටිනවා. විශේෂයෙන්ම මේ වන විට එරට ආසාදිතයින් ගණන 1,385.685 ක් වන අතර වාර්තා වන මරණ ගණන 32.063 ක්. මෙවන් පසුබිමක ඉන්දීය අගමැති මෝදී විශේෂ රූපවාහිනී වැඩ සටහනකට එක් වෙමින් ජාතිය අමතා සදහන් කරන්නේ මෙම වෛරසයෙන් බේරීම සදහා සිය ජනතාව දැනුවත්භාවයෙන් හා වගකීමෙන් […]


News Articles
Latest Videos
Most Popular Post