News Line| Off Air
Generic placeholder image

Jun
28

ලංකාවේ කොරෝනා පාලනය පකිස්ථානයේ ඇගයීමට

Generic placeholder image

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ලංකාවේ කොරෝනා පාලනය පිලිබදව ප්‍රශංසා සිදු කල බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ පකිස්ථාන අගමැති හා පැවැති දුරකථන සංවාදයක් අතරතුරයි. ජනපතිවරයා එහිදී සිය ස්තුතිය පල කල බවත් දෙපාර්ශවය අතර තිබෙන ද්විපාර්ශවිය සබදතා වර්ධනය කර ගැනීම සදහා මෙහිදී වැඩි දුරටත් කතිකා කල බවයි […]


Jun
28

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක් වූ ලොව පුරා රටවල් අතරින් තව දුරටත් පෙරමුණ ගෙන සිටින්නේ ඇමෙරිකාවයි. මේ වන විට අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 25 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වන මරණ ගණන 125, 000 ඉක්මවා ගොස් ඇති බවයි එරටින් වාර්තා වන්නේ. පවතින තත්වය අනුව ලිහිල් කල සිමාවන් නැවත පැනවීමට එරට බලධාරීන් පියවර ගෙන […]


Jun
28

අයර්ලන්තයේ නව අගමැතිවරයා ලෙස මිචෙල් මාටින් තේරී පත්වේ

Generic placeholder image

අයර්ලන්තය පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ රැස්වීමකදී මිචෙල් මාටින් මහතා නව අගමැතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. එම ජන්ද විමසීමේදී ඔහුට පක්ෂව ව ජන්ද 93 ක් හිමි වූ අතර විපක්ෂව ලැබී ඇත්තේ ජන්ද 63ක් පමණි.


Jun
28

GMOA මුල් පුටුව යළිත් අනුරුද්ධ පාදෙණියට

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා යළි තේරී පත්වී තිබෙනවා. ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බවයි එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබෙන අතර මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක […]


Jun
28

පළමු අදියර යටතේ හෙට පාසල් විවෘත කෙරේ

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් හෙට (29) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. පාසල් යළි විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළ අතර ඉන් පළමු අදියර ලෙස හෙට සිට විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට තීරණය […]


Jun
28

මුව ආවරණ නොපළඳින්නන් සොයා අද සිට දිවයින පුරා මෙහෙයුම්

Generic placeholder image

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් ඇතුළු නිරෝධායන නීති කඩ කරන්නන් සොයා අද සිට දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කරන බව පොලීසිය පවසනවා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, කොරෝනා ව්‍යාප්තියත් සමග පැන වූ නිරෝධායන නීති ඇතැම් පුද්ගලයින් නිසි ලෙස පිළිනොපදින බවය. ඒ හේතුවෙන් යළි ත් මෙරට කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව ද […]


Jun
28

අද කාලගුණය

Generic placeholder image

අද (28) බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වෙනවා.


Jun
27

මුව ආවරණ නොපලදින්නන්ට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය කියයි

Generic placeholder image

COVID-19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සෞඛ්‍ය පුරුදුවලට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.


Jun
27

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය අභියස

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වූ ලොව පුරා ආසාදිතයින් ගණන ලක්ෂ 99 ඉක්මවා ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ ගණනව 496,000කට අධිකයි.


Jun
27

එජාපයේ මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙටින් ඇරඹෙයි

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණයට අදාල ප්‍රචාරණ කටයුතු හෙට පක්ෂ නායක ,හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා. මේ අනුව හෙට කොළඹින් ආරම්භ කරන ප්‍රචාරණ කටයුතු දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ටාස මට්ටමින් ජුලි 04 වනදා සිට පක්ෂයේ ප්‍රචාරණ කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන බව පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. […]


Jun
27

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 18ක් වතුර නෑ

Generic placeholder image

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ‍(27) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.අද රාත්‍රී 10.00 සිට හෙට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 01, 11 සහ 12 […]


Jun
27

කොරෝනා ආසාදිතයින් ගණන 2014 ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් ආසාදිතයින් 4 සිව් දෙනෙකු වාර්තාවීමත් සමගයි. එම අසාදිතයින් පකිස්ථානයේ සිට පැමිණ අය වන අතර ඉන් තිදෙනෙක් මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ අනෙක් ආසාදිතයා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනා ගෙන තිබේ. මේ අතර කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු ඊයේ සුවය ලැබීී ය. ඒ අනුව සුවය […]


News Articles
Latest Videos
Most Popular Post