මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය සේවකයෙක් තම පෞද්ගලික ගිණුම් ඔස්සේ යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් වන ආකාරයේ කිසිදු ප්‍රචාරණයක් සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා. එසේ කරන්නන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ වගන්තියට ප්‍රකාරව දඩුවම් ලබා දිය හැකි බවයි […]
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලංකා සතොස ආයතනයට සහල් ගෙන්වීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබෙන අතර තවද ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (19) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනාද සමඟයි. කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ […]
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා 1949 ජුනි මස 20 වනදා උපත ලැබිය. යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.
අද (20) දිනයේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද වාර්තා වේ. දිවයින හරහාෙ විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ […]
දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂනය උපයෝගී කරගෙන අභ්‍යවකාශ ජය ගැනීමට වෙහෙස දරන අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන SPACE ( ස්පේස් පර්පෙචුවල් ) විසින් 2024 දී යෝධ බැලුනයක් හරහා අන්තික් ගෝලයට මගින් යැවීම සදහා උත්සාහයක නිරත වෙනවා. ඒ අනුව යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට සංචාරකයින් දියත් කිරීම මෙහි අරමුණ වන අතර ඒ තුලින් සංචාරකයින්ට පෘථිවියේ දර්ශනීය […]
පිරිවෙන් සහ දහම් පාසල් අධ්‍යාපනයේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉංග්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණ දැනුම පිරිවෙන් විෂය මාලාව තුළ සෙසු විෂයන්ට සමගාමීව හැදෑරීමේ අවස්ථාව සලසා දිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. සෑම මසකම තෙවන සතියේ පැවැත්වෙන බෞද්ධ උපදේශක සභාව තෙවන වරටත් ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපති […]
හැටන් නගරයේ මහජන වෙළඳපල ආශ්‍රිතව පාරිභෝගිකයින්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අවස්ථාවේ අනවසර වෙළෙදසැල් හිමිකරුවන් හා නගර සභාවේ නිලධාරීන් අතර නොසන්සුන්තාවයක් ද හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
පසුගිය සදුදා දිනයේ වසර 45 කට පසු ඉන්දීය සහ චීන හමුදා අතර පැවැති මාරාන්තික ගැටුමෙන් ඉන්දීය සබලුන් 20 දෙනකු ජිවිතක්ෂයට පත් වූ අතර ඒ තුලින් දෙරට අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා යම් බිදීමකට ලක් වුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට ගැටුම අතරමගදී චීන හමුදා භාරයට ගත් ඉන්දීය සබලුන් 10 දෙනෙකු නිදහස් කර […]
පොදු ප්‍රවාහන සේවා අතර මුල් තැනක් ගන්නා බස් රථ මගීන්ගේ පහසුව පිණිස ජාතික ගමනාගමන කොමිෂම විසින් සියලුම බස්රථ සම්බන්ධව මගීන්ට ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දීමට තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි. මේ තුලින් මගී ජනතාවට තමන් ගමන් කරන බස්රථය පිලිබදව දත්ත ජංගම දුරකථනය හරහා ලබාගැනීමට හැකි වෙනවා. එනම් තමන් ගමන් […]
ඉන්දියාවට මේ වන විට කොරෝනා වෛරසයේ ප්‍රබල බලපෑමක් සිදු කරනු ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අද ඉන්දීය චෙන්නායි නුවර යලිත් වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා. ඒ තමිල්නාඩුවේ බහුතරයක් චෙන්නායි රෝගීන් ලෙස හදුනාගෙන තිබීමයි. මේ අතර දකුණු චෙන්නයි අසල්වැසි දිස්ත්‍රික්ක 03ක් මේ වන විට වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එමෙන්ම නගරයෙන් […]