කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය යලි ලබන 22 වනදා සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව එහි පළමු අදියර වශයෙන් බත්තරමුල්ල කාර්යාලයේ සේවාලාභින් 250 කට සහ ගාල්ල කාර්යාලයේ සේවාලාභින් 50 ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිර වී සිටි ඉන්දීය ජාතිකයින් 153 දෙනෙකු අද ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි- 1202 දරණ විශේෂ ගුවන් යානයක් මගින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටි පිරිසක් යළි මව් රටට පිටත්ව ගොස් ඇත්තේ.
කිසිදු අයුරකින් බස් ගාස්තු වැඩි නොකරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ පවතින තත්ත්වයත් සමග බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට බස් හිමියන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවයි. කෙසේ වෙතත් වත්මන් තත්ත්වය හමුවේ පෞද්ගලික බස් හිමියන්ට පාඩු සිදුවන්නේ නම් සාකච්ඡා කර ඔවුන් […]
මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම ඉන්දියාවට දිනෙන් දින වැඩි වන බව වාර්තා වෙනවා . මේ වන විට එරට ඊයේ දිනය තුල කොරෝනා නව ආසාදිතයින් 12000ක් පමණ වාර්තා වී තිබෙන අතර මරණ 311 ක්ද ඒ අතර වනවා. එමෙන්ම නව අසාදිත අගය වැඩි වීමත් සමග එරට දුම්රියන් තාවකාලික රෝහල් බවට පත් කර කඩිනමින් වෛරසයෙන් පිඩාවට පත් රෝගීන් හට […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සාමාජිකයින් අතරින් මේ වන විට ප්‍රතිකාර ලබා සුව වී රෝහලෙන් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 712 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබු වෛද්‍ය පීඨ 08 ක් විභාග කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා. මේ අතර අනෙකුත් විශ්ව විද්‍යාල වල අනෙකුත් පීඨවල අවසන් වසර විභාග කටයුතු ලබන 22 ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන හාරලක්ෂ තිස්පන් දහස ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ආසාදිතයින් ගණන ලක්ෂ 80 කට ආසන්නයි. වෛරසයෙන් දැඩි බලපෑම් හේතුවෙන් මේ වන විට අමෙරිකව පෙරමුණෙන් සිටින අතර එරට මේ වන විට සිදුව ඇති මරණ ගණන එක්ලක්ෂ 17,853ක්. වෛරසය ආරම්භ වූ චීනයේ මේ වන නැවත වතාවක් වෛරසය හිස ඔසවමින් […]
කොරෝනා වෛරසය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඖෂධ බෙදා හැරිමේ කටයුතු අද සිට නතර කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අංශය ද මේ පිලිබදව දැනුවත් කල බවත් කෙසේ වෙතත් මැතිවරණ කාලසීමාවක් ප්‍රකාශයට පත් කර තිබෙන හෙයින් ඖෂධ බෙදාහැරිමේ කටයුතු සිදුකිරිමේ අපහසුතා මතුව ඇති බවද එම […]
කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් වසා දැමුණු සියලු සත්වවෝද්‍යාන සහ ජාතික වනෝද්‍යාන අද සිට යලි විවෘත කරන බව විෂයභාර අමාත්‍ය අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ සංචාරකයින්, සංචාරක මඟ පෙන්වන්නන් ඇතුළු සියලු දෙනා පිළිපැදිය යුතු බව රජය අවධාරණය කරනවා.
දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ස්ථාන කිහිපයක තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි දිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
කෑගල්ල නගරයේ පොදු වෙළඳ සංකීර්ණයේ හදිසියේ ගින්නක් හට ගෙන තිබෙනවා.. එම ගින්න මැඩ පැවැත්වීම සදහා ආරක්ෂක අංශ මෙන්ම කෑගල්ල නගර සභාව, ගිනි නිවන ඒකකය කටයුතු කරමින සිටින බවයි වාර්තා වන්නේ.
බොලිවුඩයේ දක්ෂ නළුවෙකු වූ සුශාන්ත් සින්ග් රාජ්පුත් සියදිවි හානිකරගෙන තිබෙනවා. මුම්බායිහි පිහිටි සිය නිවසේ දී ඔහු මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දක්ෂ රෝමාන්තික චිත්‍රපට නළුවෙකු වූ ඔහු ටෙලි නාට්‍ය මාලාවන් හරහා රංගන දිවියට පිවිසි අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක එම්.එස්.දෝනිගේ චරිතාපදානය මූලික කරගත් චිත්‍රපටයේ දෝනිගේ චරිතයට පණ පෙව්වේ මොහුය. ඔහු රංගනයෙන් දායක […]