News Line| Off Air
Generic placeholder image

Jun
9

ලොව පුරා කොරෝනා මැඩලු රටවල් අතරට ආ නවතම රට

Generic placeholder image

නවසීලන්තය තුළ කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේ්දනය කර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා විමක් සිදුවි නොමැති බවයි. සෞඛ්‍ය අංශවල නිගමනයට අනුව මේ වන විට නවසිලන්තය කොවිඩ් […]


Jun
9

බස් ගාස්තු වැඩි නොකරන බවට සියලු බස් සංගම් එකඟ වෙයි

Generic placeholder image

බස් ගාස්තු වැඩි නොකිරීමට සියලු බස් සංගම් ඊයේ (08) දින එකඟ විය. එමෙන්ම ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ පැවැත්විය. යාන්ත්‍රික දෝෂ සහිත බස් අලුත්වැඩියාවට ලක්ෂ 3ක ණයක් ලබා දීමට එහිදී තීරණය විය. ප්‍රමාද වූ ලීසිං වාරික සඳහා සහන කාලයක් මෙන්ම […]


Jun
9

අපේක්ෂකයින්ට අද සිට මනාප අංක නිකුත් කරයි

Generic placeholder image

මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද(09) දින නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක නිකුත් කරන බවයි. මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය. සෞඛ්‍ය […]


Jun
8

රිෂාඩ්ට යළි නොතීසි

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08) යළි නොතීසි නිකුත් කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණි. මෙම නඩුවට අදාළ ලිඛිත […]


Jun
8

ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු දිවියෙන් සමුගනී

Generic placeholder image

ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොහු මිය ගිය බව එරටින් වාර්තා වන අතර මිය යන විට මොහු 39 හැවිරිදි වියේ පසුවූවා.


Jun
8

තවත් නාවිකයින් 34ක් සුවය ලබයි

Generic placeholder image

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර […]


Jun
8

වැසි තත්වය තවදුරටත්

Generic placeholder image

නිරිත දිග‍ මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර […]


Jun
8

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදැසන කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්මේන්තුව සදහන් කරනවා.


Jun
8

දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට ලෙස ඉන්දියාව වාර්තා වේ

Generic placeholder image

දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට ලෙස ඉන්දියාව පත්ව තිබෙනවා. එරටින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 257,000 ඉක්මවා තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 7,207 වාර්තා වෙනවා. ඊයේ දිනය තුල ඉන්දියාවෙන් කොවිඩ් මරණ 261 ක් වාර්තා වී තිබෙනවා.


Jun
8

මැතිවරණ දිනය තීරණය කිරීමට කොමිසම අද රැස්වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) රැස්වෙයි. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට […]


Jun
8

මෙරට කොරෝනා ආසාදියින් ගණන 1835 ක් ඉහළට

Generic placeholder image

අද (07) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් […]


Jun
8

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි

Generic placeholder image

බස්නාහිර පළාත තුළ අද(08) සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාවට නංවන බව පොලීසිය පවසනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේ, එහි පළමු අදියර ලෙස මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි. දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන […]


News Articles
Latest Videos
Most Popular Post