News Line| Off Air
Generic placeholder image

May
3

ලොවපුරා කොරෝනා මරණ දෙලක්ෂ හතළිස් හතරදහස ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මවන අතර මුළු ආසාදිතයන් ගණන තිස් හතර ලක්ෂ අසූ තුන්දහස් තුන්සිය හතළිස් හතක් දක්වා ඉහළ ගොස් තිබේ. අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොවිඩ් 19 වෛරසය චීනයට පමණක් සීමා වුණි. […]


May
3

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වෙයි

Generic placeholder image

රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වේ. මෙවර එහි තේමාව වී ඇත්තේ, ‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්නයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන්නැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.


May
3

දිස්ත්‍රික්ක 4ක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට උදේ ඉවතට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට(04) අළුයම 05.00ට ඉවත් කෙරෙයි. එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම […]


May
3

කොරෝනා රෝගීන් 705 ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 705ක් දක්වා ඉහළ ‍ගිය අතරකෙසේ වෙතත් සුවය ලැබු සමස්ත ‍ආසාදිතයින් ගණන 172 ක් දක්වා වැඩි විය. මේ වන විට පුද්ගලයින් 524 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


May
2

සුවය ලැබු අයෙකුට යළි කොරෝනා වෛරසය ආසාදනය වෙයි

Generic placeholder image

ජාඇල, කපාලකන්ද ප්‍රදේශයේදී හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ආසාදනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ. ඉතාලියේ සිට පැමිණි අයෙකු ඇසුරු කිරිම හේතුවෙන් එම පුද්ගලයා ආසාදනයට ලක්ව පසුගිය අප්‍රේල් මාසයේ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. පසුව ඔහු අප්‍රේල් 16 වනදා සුවය ලබා නිවසට ගොස් තිබේ. එහිදී ඔහු තවදුරටත් දින […]


May
2

වෙසක් සැමරිය යුතු ආකාරය ගැන අගමැතිගෙන් ඉල්ලීමක්

Generic placeholder image

රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන නිවසේ සිට වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත් වල නිරත වන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සදහා මූලිකත්වය දෙන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සදහා අවශ්‍ය අමුද‍්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපයීමේ අවස්ථාව වෙළදුන්ට සලසමින් සෞඛ්‍ය […]


May
2

කොවිඩ්-19 ආසාධනය වී සුව වූ පුද්ගලයෙකුට යළි වෛරසය ආසාදනය වෙයි

Generic placeholder image

ජාඇළ, කපාලකන්ද ප්‍රදේශයේදී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයෙකු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ආසාදනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ සිට පැමිණි අයෙකු ඇසුරු කිරිම හේතුවෙන් එම පුද්ගලයා ආසාදනයට ලක්ව පසුගිය අප්‍රේල් මාසයේ රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. පසුව ඔහු අප්‍රේල් 16 වනදා සුවය ලබා නිවසට ගොස් තිබෙනවා. එහිදී ඔහු තවදුරටත් දින 14ක් […]


May
2

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා නොවෙයි

Generic placeholder image

අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 690 ක්.


May
2

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 160ක්

Generic placeholder image

කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ්-19න් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. මෙරටින් හඳුනාගෙන […]


May
2

මෙරට තවත් කොරෝනා ආසාධිතයින් දස දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාධිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් දස දෙනෙක් අද සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 172 දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින් සංඛ්‍යාව 690 ක්. මේ වන විට රෝගීන් 511 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.


May
2

මෙරට මේ දක්වා සියලුම කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන අවසන්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් විසි පස්දෙනෙකු ඊයේ දිනය තුළදී මෙරටින් සොයා ගත්තේය. ඉන් දහඅටදෙනෙක් නාවික හමුදා සෙබළුන් වෙයි. ගතවු පැය 24ක කාලය තුල කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියේය. මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන […]


May
2

ලොවපුරා කොරෝනා මරණ 239500 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන 239,500 ඉක්මවයි. ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයන් ගණන මිලියන 3.4 ඉක්මවද්දී සුවය ලබා ඇති සංඛ්‍යාව මිලියනයකට අධිකයි. ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වන අමෙරිකාවෙන් ඊයේත්, අලුතින් ආසාදිතයින් 36,007 ක් වාර්තා වී තිබේ. ඊයේ දිනය තුළ පමණක් එරටින් වාර්තා වූ මරණ ගණන 1,897 […]


News Articles
Latest Videos
Most Popular Post