දිවයිනේ දිස්ත්‍රීක්ක 12කට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජීඩාවට පත් සංඛ්‍යාව නවදහස් දහසය දක්වා වැඩිවී තිබෙනවා. මේ හේතුවෙන් අවතැන්වූ පුද්ගලයින් 4284 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන තුල රඳවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. දිස්ත්‍රීක්ක කිහිපයකට නායයාමේ අවතුරු ඇගවීමේ නිවේදන මේ වන විට නිකුත් කර ඇති අතර ඒ අතරින් මාතලේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රීක්කවල ප්‍රාදේශීය ලේකම් […]
ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද අළුයම වාහන හතක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකු තුවාල ලබා දඹුල්ල සහ ගලේවෙල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. වර්ෂාපතනයත් සමග අළුයම් කාලයේ මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ඒ පිළිබඳව පොලිසිය පැමිණ පරික්ෂා කරමින් සිටියදී එකවරම ටිපර් රථයක් වෑන් රථයක් එකිනෙක ගැටීම සිදු වූ බව […]
උත්සව සමයේ විශේෂ සැලැස්මක් යටතේ ආරක්ෂාව තර කිරිමට ත්‍රිවිධ හමුදා සහ පොලිසිය පියවර ගෙන තිබෙනවා. මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා. ඒ යටතේ කතෝලික ප්‍රජාව විශාල වශයෙන් සිටින ප්‍රදේශ ආවරණයවන පරිදි ජනතාවගේ ආරක්ෂාව සහතික කිරිම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනිමට අදාල අංශ වෙත උපදෙස් ලබාදී ඇති […]
මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර පීලි පැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා. ඊයේ රාත්‍රියේ මෙම එන්ජිම පීලිගත කර හානි වූ දුම්රිය මාර්ගයද පිළිසකර කෙරුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී ඩබ්ලිව්.ඩී.ආර්. පද්මලාල් කියා සිටියා. ඒ අනුව මේ වන විට කොටුව – මරදාන, දෙමටගොඩ අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන […]
අධික වර්ෂාව නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජලාශ 75 ජල ධාරිතාව සියයට 82 දක්වා වැඩි වී තිබෙනවා. මේ වන විට ජලාශ 42ක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙනවා. කලාඔය පිහිටි ජලාශවල වාන් දොරටු විවෘත කිරීම නිසා රාජාංගන ජලාශයට පහළ කොටසේ නිල බැම්ම ගං වතුර අවදානම් කලාපයේ පදිංචි ජනතාවට ඉවත් වන […]
සංචාරක ශ්‍රී ලංකා කණඩායම සහ පාකිස්ථානය කණඩායම් අතර පවතින දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා පක්සිතනයට වඩා ලකුණු 45 මේ වන විට ඉදිරියෙන් පසුවෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 08 ක දැවි ලබා ගෙන සිටින ලකුණු ප්‍රමාණය 236 කි. පකිස්ථානය සිය පළමු ඉනිම සදහා […]
ඉන්ෆ්ලුවන්සා වෛරස ආසාදනය වූ රෝගීන්ගේ වැඩි වීමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. පවතින වැසි සහ ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉන්ෆ්ලුවන්සා රෝගය වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි සෞඛ් අමාත්‍යාංශය සඳහන් කරන්නේ. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, […]
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇති බව සඳහන්.
මරදාන දුම්රිය ස්ථානය හා දෙමටගොඩ දුම්රිය ස්ථාන අතර මාර්ගයේ ඊයේ (19) දින දුම්රිය එංජිමක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබෙන දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතිනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ඉහළට මෙන්ම පහළට ගමන් ගන්නා සියලුම දුම්රිය බහෝ ප්‍රමාදයක් සහිතව ධාවනය වෙනවා.
සුදු වෑන් ප්රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගොනු කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වැසි ද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.75-100 පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසෙහි වැසි තත්ත්වය තරමක් වැඩි වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශ වල […]
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද පස්වරු 02.00ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකු කැඳවා ඇති බව සඳහන් වෙනවා.