ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද සහ ඌව පළාත් වලට සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි. එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 […]
පහුගිය කාලයේ ලංකාවේ ඉන්ධන මිල අහසට නැග්ගා. ඒ නිසා වැඩියෙන්ම බැට කෑවේ ත්‍රීවිල් සහ යතුරුපැදි හිමිකරුවන්. හැබැයි ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් ආරංචියක් අද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කිව්වා. ත්‍රීවිල් සහ යතුරුපැදි වලට නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා එතුමා සඳහන් කරා. ඒ සඳහා වන තත්ව පරීක්ෂණය මේ වන විට […]
මේ දවස්වල රුසියාවේ පැවැත්වෙන FIFA ලෝක කුසලානයට තමයි හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ. FIFA ලෝක කුසලානයට සහභාගී වුන පාපන්දු කණ්ඩායමකට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ උරුගුවේ සමග පැවැත්වෙන තරඟයට සහභාගිවීම සදහා යමින් සිටි සවුදි අරාබි කණ්ඩායම ගමන්ගත් ගුවන් යානයේ ගින්නක් ඇති වෙලා තිබෙනවා. මොස්කව් නුවර සිට රෝස්තොව් දක්වා යමින් සිටියදී තමයි මේ අනතුර […]
අද හවස තවත් නියෝජ්‍ය ඇමතිවරයෙක් පත් කරන්න නියමිතයි කියලා වාර්තා වෙනවා. එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරයෙක් බුද්ධික පතිරණට තමයි මේ නියෝජ්‍ය ඇමතිකම ලැබෙන්නේ. ඔහු කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙන්න නියමිතයි. වර්ථමාන ආණ්ඩුවේ කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමාත්‍යවරයා වන්නේ රිසාඩ් බදියුදීන්. වසර දෙකක්ම ඔහු මාතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගත්ත මන්ත්‍රීවරයා විදියට වාර්තා ගත […]
කොදෙව්වන් සමඟ පැවති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ජයපරාජයෙන් තොරව ඊයේ අවසන් වුණා. බාධක මැද්දේ පැවැත් වුන මේ තරඟය දැඩි කතා බහට ලක් වුණා. මේ තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් එක්ක තරඟාවලිය 1 – 0 ක් විදියට පෙරමුණ ගන්න කොදෙව්වන් සමත් වුණා. ඒ වගේම කොදෙව්වන්ට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගැනීමේ ලංකාවේ බලාපොරොත්තු සුන් වුණා. […]
ලෝක බලවතුන් අතර හැම වෙලේම මොකක් හරි යුද්ධයක් පටන් ගන්නවා. අවි ආයුධ වලින් කරන යුද්ධ නැතත් සීතල යුද්ධ සහ වෙළඳ යුද්ධ නිතර ඇති වෙනවා. මේ වෙද්දී ලෝකයේ ඉන්න බලවත්ම රටවල් 2 තමයි ඇමෙරිකාව සහ චීනය. විදෙස් වාර්තා සඳහන් කරන විදියට ඇමෙරිකාව සහ චීනය වෙළඳ යුද්ධයක් පටන් අරන් තියෙනවා. ඒ, අමෙරිකාව චීනයට එරෙහිව නව තීරු බදු […]
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ දඬුවමත් එක්ක ස්දමජයේ තවත් වෙලා තියෙනවා. ඒ උන්වහන්සේට ජම්පරය අන්දවන එක කොච්චර සදාචාරාත්මකද කියලා. මේ අතරේ උන්වහන්සේට සමාව ලබා ගන්නත් උත්සහා කරනවා. මේ ගැන කතා කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා අතර සාකච්ඡාවක් අද පැවැත් වෙන්න නියමිතයි. අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියත් මේ සාකච්ඡාවට එකතු වෙන්න නියමිතයි.
ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය අතරදී ලංකාවට පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට තමයි මේ චෝදනාව එල්ල වුණේ. මේ ගැන පරීක්ෂණ අද ආරම්භ කරනවා කියලා ICC ය සඳහන් කරනවා. 5තරඟයේ 3 වෙනි දවසේදී ආයෙත් පන්දුවේ ස්වභාවය ගැන ගැටළුවක් මතු වුණා. ඒ පන්දුව ඇලෙනසුළු ස්වභාවයක් ගෙන තිබෙන […]
https://youtu.be/ZFsjJ29eDHc?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
අද 2018 ජුනි මස 19 වන අඟහරුවාදා රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.20 සිට 04.54 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.04 සිට 04.30 දක්වා සුභ දිශාව: දකුණු දිශාව මේෂ ලග්නය තරමක් ඉවසීම අඩු දිනයකි. නමුත් කායික ශක්තිය ඉතා ඉහල දිනයකි. නොදන්නා අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය […]
පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ප්‍රවීන නිවේදන ශිල්පියෙකු වන මහේශ් නිශ්ශංක පහුගිය දවසක අත්අඩංගුවට ගත්තා. එත් අද ඔහු සහ ඔහුගේ පුත්‍රයා රුපියල් 75,000 ක ශරීර ඇපයක් සහ රුපියල් 1,000 ක මුදල් ඇපයක් මත නිදහස් කරා. එළඹෙන ඔක්තෝම්බර් මස 22 වන දින ආපහු අදාල නඩුව කැඳවීමට නියමිත වෙලා තියනවා. මේ අතර අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි මහේෂ් නිශ්ශංක කිව්වේ, […]
චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ ඉඳන්ම ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එකතු කරගත්ත ගායන ශිල්පිණීයක්. එත් චම්පා කල්පාරි මේ දවස්වල ඉන්නේ නම් යහපත් තත්වයක නෙමෙයි. මේ ගැන සියත FM හි Talk Of the Town විශේෂාංගය හරහා අපි ඔබට කිව්වා. ඒ ගැන වැඩි විස්තරයක් සියත 24 හරහා මේ විදිහට ඔබට ගෙන්න අපි කල්පනා කළා. ඔබව […]