වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කර ඇති දන්සල් පරීක්ෂා කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කලේ, ඒ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් පමණ යොදවා ඇති බවයි. දන්සැල්වල ලබාදෙන ආහාරවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරනු ඇති. විශේෂයෙන් බීම වැනි පාන වර්ග ලබා දීමේ දී පිරිසිදු […]
වෙසක් සතියේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3,000ක් යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පැවැත්වෙන වෙසක් කලාප, තොරණ ආශ‍්‍රිත ප‍්‍රදේශ සදහා මෙම නිළධාරීන් යොදවා ඇති බවයි. වෙසක් සිරි නැරඹීම සදහා කොළඹට පැමිණෙන බැතිමතුන් වෙනුවන්විශේෂ දුම්රිය සේවා අදත් ක‍්‍රියාත්මකයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා කියා සිටියේ […]
වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් 432 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අනුමැතිය පරිදියි. ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට මෙලෙස නිදහස හිමිවන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, වෙසක් දිනය නිමිත්තෙන් සිරකරුවන් හමුවීමට ඥාති හිතමිත‍්‍රාදීන්ට අවස්ථාව ලබාදී ඇති බවයි.
බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත් විම හා පරිනිර්වාණය යන තෙමගුල වෙසක් පුන් පොහෝ දිනයේ දි සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන්. කාලය, දිපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසු පසු සිදුහත් කුමරුන් ලූම්බිණි සල් උයනේ දි අද වැනි දිනෙක උපත ලැබුවා. සත් පියුම් මතින් සත් පියවරක් ඇවිද යමින් සිදුහත් කුමරුන් විද්‍යාමාන කලේ […]
අද 2018 අප්‍රියෙල් මස 29 වන ඉරිදා රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.29 සිට සවස 05.57 දක්වා සුභ දිශාව: දකුණ අසුභ දිශාව: උතුර මේෂ ලග්නය සමාජ සේවා වැඩ කටයුතු වලට යොමුවන දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලාගත යුතු […]
කෙනෙකුගෙන් වයස අහනකොට එකට උත්තර දෙන්න ගොඩක් දෙනෙක් කැමති වන්නේ නෑ. විශේෂයෙන්ම ගැහැණු පාර්ශවයේ අය. මගේ වයස කීයක් විතර පේනවාද කියලයි අහන්නේ. ඒ අතරේ සමහර අයගේ වයස නම් පෙන්නේ නෑ. තවත් අයගේ වයස මුහුකුරා ගියා සේ පේනවා. වයසට යන එක කාටත් පොදු දෙයක්. එත් පෙනුම තරුණ විදියට තියාගන්න කාටත් පුළුවන්. මේකට අපි ගන්න ආහාර රටාව […]
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු උත්සවයක් පහුගිය දවසක මාතරදී තිබ්බා. මේ අවුරුදු උත්සවේ මංගල අමතිවරවයාව පිලි තිබ්බේ වල්පොළ වැඩිහිටි සංගමයේ වැඩිහිටි මාතාවක්. මේ තියෙන්නේ ඒ අවුරුදු උත්සවය අවස්ථාවේ ගත්ත ඡායාරුප කිහිපයක්.
ඉන්දීය ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ද්‍යා ගැන උණුසුම් පුවත් කිහිපයක්ම මේ දවස්වල අන්තර්ජාල වෙබ් අඩවි වල තිබුණා. ඒවා බොහොමයක තිබ්බේ කාලයක ඉඳන් හර්දික් ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ඇලී අවුරාම් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් ඉන්නවා කියලයි. එත් ළඟකදී ඉඳලා හර්දික් ඇයගෙන් වෙන්ව උර්වෂී රවුටෙලා එක්ක ප්‍රේමයක පැටලිල කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. කොහොම වුනත් , […]
ශ්රී ලංකාවේදී ප‍්‍රථම වරට බ්ලැක් මැන්ඩි නම් මත් විශේෂය සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය පවසනවා. ලද පැමිණිල්ලකට අනුව ඔස්ට්‍රියා ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල සංචාරක හෝටලයකදීයි. විදේශිකයා සන්තකයේ තිබු බ්ලැක් මැන්ඩි ප‍්‍රමාණය මිලි ග‍්‍රෑම් 8 200 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධිකයි. අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා […]
පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරල තියෙනවා. The Transit Exoplanet Survey Satellite හෙවත් TESS ලෙස තමයි මේ චන්ද්‍රිකාව නම් කරල තියෙන්න. චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කරල තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ පිහිටි අභ්‍යාවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙන්. මෙම චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් වියදම් කරල තියෙනවා. […]
2017- 2018 මෙවර ශ්‍රී පාද වන්දනා වාරය ලබන අප්‍රේල් මස 29 (හෙට) වෙනි පොහොය දිනෙන් අවසන් වෙනවා. එදිනට සිරිපා මලුවේ සිට සධාතුක කරඬුව සහිත ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමා වහන්සේලා පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය වෙත පෙරහර තුනකින් මාර්ග තුනක් ඔස්සේ වැඩම කිරීමට කටයුතු යොදා තියෙනවා. පසුගිය දෙසැම්බර් මාසයෙන් ආරම්භ වූ වන්දනා වාරය පොහොය හයකින් මාස […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අධීවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළදීයි. ඇල්පිටිය සිට කතරගම බලා වන්දනා ගමනක යමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව තිබුණා. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 17 දෙනෙකු සිට තිබෙනවා. තුවාල […]