තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළගොස් තිබෙනවා. තවත් ආසාධිතයින් 12 දෙනෙක් අද දින සුවය ලබා නිවෙස් වෙත ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම අද දින තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 182 ක්. දැනට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 517 ක්
මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් […]
මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවා. අද අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ […]
පුද්ගලයන් දාහත්ලක්‍ෂ හතළිස් අට දහස් විසි දෙනෙකු සදහා රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ සදහා රුපියල් මිලියන 8015 කට අධික මුදලක් වැය කළ බව එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවා. සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් විසිපන් ලක්‍ෂයකට වැඩි පිරිසක් සදහා රුපියල් 5000 දීමනාව ලබාදීමට වැය කර ඇති මුදල […]
රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන නිවසේ සිට වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත් වල නිරත වන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සදහා මූලිකත්වය දෙන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සදහා අවශ්‍ය අමුද‍්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපයීමේ අවස්ථාව වෙළදුන්ට සලසමින් සෞඛ්‍ය […]
ජාඇළ, කපාලකන්ද ප්‍රදේශයේදී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයෙකු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ආසාදනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ සිට පැමිණි අයෙකු ඇසුරු කිරිම හේතුවෙන් එම පුද්ගලයා ආසාදනයට ලක්ව පසුගිය අප්‍රේල් මාසයේ රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. පසුව ඔහු අප්‍රේල් 16 වනදා සුවය ලබා නිවසට ගොස් තිබෙනවා. එහිදී ඔහු තවදුරටත් දින 14ක් […]
අද දිනයේ මෙතෙක් කිසිදු කොරෝනා ආසාධිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 690 ක්.
කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති කොවිඩ්-19න් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයට අමතරව අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙකු සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. මෙරටින් හඳුනාගෙන […]
කොරෝනා වෛරසය ආසාධිතව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් දස දෙනෙක් අද සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාධිතයින් සංඛ්‍යාව 172 දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින් සංඛ්‍යාව 690 ක්. මේ වන විට රෝගීන් 511 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාධිතයින් 2293 ක් වාර්තා වී තිබෙනවා. එය ඉන්දියාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවයි. මේ සමග ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 37,336 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 71 ක් වාර්තා වන අතර එරටින් වාර්තා වන […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද පස්වරුවේ තවත් ආසාධිතයින් 16 ක් හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා හමු වූ ආසාධිතයින් සංඛ්‍යාව 21 ක් වනවා. මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 521 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් පසුවනවා. එමෙන්ම සුවය ලැබූ රෝගීන් 162 ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර කොරෝනා වෛරසය […]