News Line| Off Air
Generic placeholder image

May
5

බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක් නිරෝධායන කෙරේ

Generic placeholder image

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයින් 30 ක පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු හදුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගත් බව කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පි.මාලින්ද ජයවර්ධන මහතා පැවසුවා. නිවාස නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බවට අද දිනයේ තහවුරු වී ඇති බව ඔහු සඳහන් කළා. […]


May
4

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වැසෙයි

Generic placeholder image

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් සියලූම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් […]


May
4

කොරෝනා ආසාධිතයින් 721 දක්වා ඉහළ යයි – පූර්ණ සුවය ලැබූ රෝගීන් 194 ක්

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම තවත් ආසාධිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර මෙරට කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 194 දක්වා ඉහළගොස් තිබෙනවා.


May
4

කොරෝනා නිසා මියගිය අටවන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

Generic placeholder image

කොවිඩ් – 19 වැළදීමෙන් අද මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත සුසාන භූමියේදී මීට ටික වේලාවකට පෙර සිදුකෙරුණා. වයස අවුරුදු 72 ක් වූ අදාළ කාන්තාව මියගියේ හෝමාගම රෝහලේ ප්‍රකාර ලබමින් සිටියදීයි.


May
4

කොරෝනා සුව වූ පළමු ‍නාවිකයා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසුව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරීයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ‍මෙම නාවික හමුදා නිළධාරියා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් […]


May
4

ප‍්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය දීර්ඝ කරයි

Generic placeholder image

කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ප‍්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය ලබන ජූලි 24 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. දැනට පනවා ඇති සීමාවන් අර්ධ වශයෙන් ඉවත්කිරීමෙන් පසුව වුවද කොරෝනා වෛරසයට එරෙහිය සටන් කිරීමට ලබා දී ඇති උපදෙස් දැඩිව කි‍්‍රයාත්මක කරන බව ප‍්‍රංශ රජය ප‍්‍රකාශ කරනවා. ප‍්‍රංශයට කිසියම් පුද්ගලයෙකු විදේශ රටක සිට පැමිණෙන්නේ නම් සති දෙකක නිරෝධායන […]


May
4

මත්කුඩු වලට ඇබ්බැහිවූවන් වෙනුවෙන් හදුන්වාදුන් දුරකථන අංකයට ඇමතුම් 14,000 ක්

Generic placeholder image

මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සදහා හදුන්වාදී ඇති දුරකථන අංකයට මේ දක්වා ඇමතුම් 14,000 ක් පමණ ලැබී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. මේ අතර කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ඇදිරි නීතිය පැනවීමෙන් පසු රට තුළ මත්කුඩු හිගයක් මතුවීම හේතුවෙන් හෙරොයින් ග‍්‍රෑමයක මිල රුපියල් 7000 සිට 10,000 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් […]


May
4

කොරෝනා ආසාධනය වූ තවත් තුන්දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

මෙරට කොවිඩ් 19 ආසාධනය වූ තවත් රෝගීන් 03 කු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගියා. ඒ අනුව වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 187 දක්වා ඉහළගොස් තිබෙනවා. මේ වන විට මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වූ සංඛ්‍යාව 718 ක් වන අතර පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධනය වී මියගියා.


May
4

ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ 2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බවයි. ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. ධර්මාචාර්ය […]


May
4

නීතිපතිවරයාගෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමක්

Generic placeholder image

නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්.


May
3

මැයි මස විශ්‍රාම වැටුප හා රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිට ඇරඹෙයි

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහාද ගෙවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පසළොස්වක පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබෙනවා. වැඩිහිටියන්, ආබාධ සහිත […]


May
3

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය

Generic placeholder image

ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම පාලනය කරනු පිණිස හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව නිලවස්වලින් බැහැරව යාමට දෙන අවසරය අදාළ වන්නේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඇදිරි නීතිය ලිහිල් කර ඇති අවස්ථාවල නිවෙස් වලින් බැහැරව යාමට මෙය කිසිසේත් අදාල නොවන බව එම නිවේදනයේ […]


News Articles
Latest Videos
Most Popular Post