ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටිනවා. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් […]
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා. ඒ අනුව කීරි සම්බා 1kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් වනවා.
කොරෝනා වසංගතයට එරෙහිව මෙහෙයුම් වල යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශී‍්‍ර ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රුපියල් ලක්ෂ 15 ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්‍ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රුපියල් ලක්ෂ 15 ක මුදලක් ද, දරුවන් නොමැති පවුලකට අවිවාහක අයෙකුට රු. ලක්ෂ […]
සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID -19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම සහල් මෝල් හිමියන් තම ප්‍රදේශය තුළ සහල් නිෂ්පාදනය, තමන් සතු වී තොග සහල් බවට පත් කිරීම කළ යුතුයි. සුළු සහල් මෝල් හිමියන් තම ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශය තුළත්, මධ්‍යම පරිමාණ සහල් මෝල් […]
මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව වෛරසය වැළදී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 50 ක් වනවා.
මේ වන විට අලුත උපන් දරුවන්ට කොවිඩ් නයින්ටීන් ආසාධනය වීමට ඉඩ ඇති බව වෛද්‍යවරුන් පවසනවා. එබැවින් වෛරසයෙන් දරුවන් ආරක්ෂා කරගැනීම සදහා වෛද්‍යවරුන් වැඩි උනන්දුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බැංකොක් හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට කොරෝනා වෛරසය ආසාධනය වැළැක්වීම සදහා විශේෂ මුහුණු ආවරණයක් සකස් කර තිබෙනවා. එම ආවරණය සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ […]
මෙවර අයි.පී.එල් තරගාවලිය තවදුරටත් කල් දමා තිබෙනවා. එය පැවැත්විය හැකි කාලසීමාවක් මෙම අවස්ථාවේ තීරණය කළ නොහැකි බව අයි.පී.එල් සභාපති රජිව් ශුක්ලා මහතා පැවසුවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර තරගමාලාවේ ආරම්භය අපේ‍්‍රල් 15 දක්වා කල් දැමුණා. එහෙත් දැනට පවතින වාතාවරණය හමුවේ එදින තරගමාලාව ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙනවා. දැනට පවතින එකම අරමුණ කොරෝනා […]
මේ වන විට ලොව පුරා කොරෝනා මරණ 90086 ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1,541,538 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම සුවය ලබා රෝගීන් 342, 272 ක් රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට තවමත් රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 48, 509 ක් ලෙසයි […]
කොවිඩ් 19 වෛරස ආසාදනය වු කාන්තාවක් බේරුවල ප්‍රදේශයෙන් අද අලුතින් හදුනා ගැණුනා. ඇයගේ සැමියා ඉන්දුනීසියාවේ සංචාරක නිරතව පැමිණි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 190 ක් වන අතර ඉන් පුද්ගලයින් 135 දෙනෙකු තවමත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා. එමෙන්ම පුද්ගලයින් 47 දෙනකු අද වන විට සුවය ලබා සිටිනවා. වෛරසය […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 190 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට පියවර ගැනීම සඳහා අදාල මාර්ගෝපදේශ නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා. කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන්, බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පැවසුවා.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද(09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව ඔහු […]