කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා තිබෙනවා. අද පෙරවරු 10.00ට යාවත්කාලීන වූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ දෛනික වාර්තාවට අනුව මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමු වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව මෙතෙක් රෝගීන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් නව දෙනෙකු සුවය ලබා තිබෙනවා. […]
ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබාදීම සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා […]
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු එක් දිනක් තුලදී වෛරසයෙන් මියගිය වැඩිම පිරිස ඉතාලියෙන් වාර්තා වී තිබෙනවා. ගතවූ පැය 24 තුලදී ඉතාලියේ වාර්තා වූ මුළු මරණ සංඛ්‍යාව 969 ක් බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මේ වන විට ඉතාලියේ සිදුව ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 9,134ක් වන අතර වාර්තා වන මුළු රෝගීන් ගණන 86,498 ක්. […]
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300 ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. පුනානි, කන්දකාඩු සහ වව්නියාව නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වූ පිරිසක් ඒ අතර වන බව වාර්තා වනවා. ඒ අනුව පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බව […]
ගතවූ පැය 24ක කාලය තුළ කිසිඳු නව කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව ආසාධිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පසුවන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප‍්‍රකාශ කළේ.
බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක්ට ද කොවිඩ් 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය ලේකම්වරයා සිය නිවසේදී ස්වයං නිරෝධායනයට ලක්වීමට තීරණය කර ඇති බව විදෙස් වාර්තා පැවසුවා.
අද දිනයේ සිට ඇදිරි නීතිය කඩ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.
2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. පවතින තත්ත්වය සලකා බලා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන දරුවන් අපහසුතාවට පත් නොවන පරිදි තවත් කල් දැමීමට වුව තමන් ඇතුලු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර […]
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන තිබෙනවා. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබෙනවා. සෙසු රටවල ද මෙම පියවර […]
මේ වන විට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙනවා. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසයි. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ […]
නැවත දැනුම්දෙනතුරු රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ඖෂධහල් මගින් ඖෂධ නිවෙස්වලට බෙදාහැරීම සඳහා ඉඩ ලබා දී ඇති බව සදහන්. එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සදහා සුපිරි වෙළදසැල් වලට අවසර ලබාදී ඇති අතර එම වෙළදසැල් විවෘත කර පාරිභෝගිකයින්ට […]
කටුනායක අපනයන සැකසුම් කළාපයේ සේවය කරමින් සිටි පිරිස් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) ආරම්භ කෙරුණා. ඒ අනුව 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කළාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටි බව සදහන්. කටුනායක පොලීසිය ඊයේ (26) රාත්‍රීයේ ශබ්දවාහිනී යන්ත්‍ර උපයෝගී කර ගනිමින් මේ පිළිබඳ පුවත ප්‍රදේශය පුරා ප්‍රචාරය කර තිබෙනවා. මෙම […]