කොරෝනා වැළදී මියගිය පලමු රෝගියා ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු උදෑසන 11: 10 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී සිදුකෙරුණා. ඒ දැඩි සීමාවන් යටතේයි.
සමාජ මාධ්‍ය ජාලා හරහා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන ලද පුද්ගලයෙකු කුරුණෑගල පොලිස් වසමේ උහුමීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවණය […]
ලන්ඩන්වල ජීවත් වු 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. ඔහු දින ගණනක් දැඩ් සත්කාර ඒකකයේ සිට මෙලෙස ම්යගොස් තිබෙන බව වාර්තා වනවා.
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 113 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.
දිවයිනේ පළමු කොරෝනා මරණය අයි.ඩී.එච් රෝහලෙන් වාර්තා වුණා. ඔහු මාරවිල ප‍්‍රදේශයේ 65 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙක්. මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාධනය වන විට වකුගඩු බද්ධ කිරීමකට ලක්ව තිබූ අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් ද පෙළි ඇති බව සදහන්. මොහු අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.
ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ජනාධිපති කාර්යය සාධක බලකායේ රැස්වීමක් අද(28) පෙරවරුවේ පැවැත්වුණා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශවල නිලධාරීන් සහ යුධ හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, තැපැල්පතිවරයා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වි තිබෙනවා. ඒ අනුව රජයේ රෝහල්වල සායනිකව […]
රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය මත ජනතා ගැටලුවලට සහය සැලසීම සඳහා කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ස්ථාපිත කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා. මෙමගින් එදිනෙදා ජන ජීවිතය අඩාල නොවී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල […]
පසුගිය 20 වනදා උදෑසන 06 සිට අද දහවල් 12 දක්වා ගත වූ කාලසීමාව තුළ දිවයිනේ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 5386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ වාහන 1358 ක්ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් බවයි. අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගත වූ පැය 6 තුළ පුද්ගලයින් 201 ක් සහ […]
පසුගිය දින 14 තුළ ඉන්දියාවේ, චෙන්නායි සිට පැමිණි අයෙක් නම් අදාල පුද්ගලයින් තම ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කර නිරෝධායනයට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරනවා.
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වුහාන් නගරය පුරා මාස දෙකක කාලයක් වසා දැමීමෙන් පසුව අද (28) දින යලි අර්ධ වශයෙන් විවෘත කර තිබෙනවා. වුහාන් නගරයට වෙනත් නගර වලින් ජනතාවට පැමිණීමට අවසර ලබාදී ඇති අතර නගරයෙන් පිටවීමට කිසිවෙකුට අවසර හිමිව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. හුබෙයි ප්‍රාන්තයේ අගනුවර වන වුහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරස් […]
මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 110 දක්වා ඉහල ගොස් තිබෙනවා. අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මෙම අළුතින් හදුනාගත් රෝගීන් 04 දෙනා අතරේ නුවර – අකුරන ප‍්‍රදේශයේ පුද්ගලයෙකුද ඇතුලත්. ඔහු නුවරින් වාර්තා වූ පළමු කොරෝනා ආසාධිතයා යි.
චින රජය විසින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. එම උපකරණ තොගය අද ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩලවලට අවශ්‍ය මුඛ ආවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ඊට ඇතුලත්. එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි. එමෙන්ම අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට හා රාගම […]