News Line| Off Air
Generic placeholder image

Aug
28

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම වෙනස් වෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලයේ නම ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස වෙනස් කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේ දී ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මෙලෙස අදාළ නාමය සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව සදහන්. එම දෙපාර්තමේන්තුවට මෙරට ජාතික බුද්ධිමය දේපල පද්ධතිය පාලනය කිරීමේ […]


Aug
28

මරදාන කොටුව දුම්රිය අනතුරට සම්බන්ධ නිලධාරීන් 04කගේ වැඩ තහනම් කෙරේ

Generic placeholder image

අද පෙරවරුවේ මරදාන හා කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය 02 ක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයින් හතර දෙනෙකුගේ වැඩතහනම් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ අනතුරට ලක් වූ මරදාන සිට කලුතර බලා ධාවනය කෙරුණු දුම්රියේ රියදුරු, රියදුරු සහායක සහ නියාමකවරුන් දෙදෙනායි. සංඥා නොමැතිව මෙම දුම්රිය ධාවනය […]


Aug
28

ටෙක්නිකල් මංසන්ධියේ රථවාහන තදබදයක්

Generic placeholder image

විරෝධතා පාගමනක් හේතුවෙන් මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට මේ වනවිට රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාවය සංවිධාන කර ඇති බව සදහන්. විරෝධතාවය ‍ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කර කොළඹ ලෝටස් මාර්ගය හරහා ගමන් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.


Aug
28

උතුරේ ජනතාව සහය දිය යුත්තේ කාටද? ඒ ගැන උතුරේ හිටපු ඇමති අත් පත්‍රිකා බෙදයි

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනතාව සහය පල කල යුතු පක්ෂයන් තෝරා ගත යුතු ආකාරය පිළිබද අත් පත්‍රිකා බෙදා දීමක් ටි.එම්.කේ පක්ෂය විසින් මේ දිනවල ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව උතුරේ දෙමල ජනතාව සිය අනාගතය ගැන සිතා මෙම මැතිවරණයේදී කටයුතු කල යුතු බවයි එම පක්ෂය සදහන් කරන්නේ.මෙම අත් පත්‍රිකා […]


Aug
28

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටසක් නුදුරේදීම ජනතා අයිතියට

Generic placeholder image

මෙම වසර අවසානයට පෙර ශ්‍රී ලංකා අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 100 කට අධික ප්‍රමාණයක් අලුතින් එක් කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව මාතර සිට මත්තල දක්වාත් , කඩවත සිට කෙලවරපිටිය දක්වාත් මෙයට ඇතුලත් වන අතර එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේහි මාතර සිට අපරැක්ක දක්වා කොටස ලගදීම ජනතා අයිතියට පත් කරන බවයි එම අධිකාරිය වැඩි […]


Aug
28

තවත් කොමිෂන් සභා වාර්තාවක් නීතිපතිට

Generic placeholder image

2006 වර්ෂයේ ජනවාරි මස 01 වෙනිදා දින සිට 2018 වර්ෂයේ ජනවාරි 31 වෙනි දින දක්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා සමගම් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා සම්බන්දයෙන් පත් කල ජනපති කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ සදහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය […]


Aug
28

ජනපති සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ජාවක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රියේ සිදු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ට්ටුව එකතුව ඇතිකර ගැනීමට යන සන්ධානය පිළිබද වැඩි වශයෙන් කරුණු සාකච්ජා කර ඇති බවයි වාර්තා වන්නේ.


Aug
28

ශ්‍රීලනිපය විනය කඩන අයට දැඩි පියවර ගන්නා බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලේ සිය පක්ෂය අතහැර යන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා එකම ආකාරයකින් දැඩි පියවර ගන්නා බවයි. විශේෂයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පක්ෂය විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ද සිය පක්ෂය දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බවද එම මහතා වැඩි […]


Aug
28

ගෝඨාභය ඝාතනය කරන්න සැලසුම් ඇති බවට අත්අඩංගුවට ගත් පලෙයි වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට දෙමළ ඩයස්පෝරාව විසින් තුවක්කුකරුවන් පිරිසක් යොදවා ඇති බව ප්‍රශ්න කිරීම් හමුවේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව දැඩි කරණ අත්අඩංගුවට ගත් වෛද්‍ය සින්නයියා ශිවරූබන් නමැති වෛද්‍යවරයා යාපනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාෂයන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෛද්‍යවරයාගෙන් […]


Aug
28

මරදාන කොටුව අතර දුම්රිය දෙකක් අනතුරට – ප්‍රධාන මාර්ගයේ දුමිරිය ධාවනයටත් බාධා

Generic placeholder image

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බවයි. ඒ අනුව මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ අංක 412 දරන දුම්රිය දෙක මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් ප්‍රධාන […]


Aug
28

ඇමසන් ගිනි නිවන්නට G7 ආධාර එපා – බ්‍රසීල රජය කියයි

Generic placeholder image

වාර්තාගත ලෙස ඇමසන් වනාන්තරයේ ඇවිලෙන ලැව්ගිනි නිවා දැමීම සඳහා G7 රාජ්‍ය නායකයන් විසින් පිරිනැමීමට සූදානම් වන මූල්‍යාධාර ප්‍රතික්ෂේප කිරීමට එරට බ්‍රසීල රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව G7 රාජ්‍ය නායක සමුළුව අවසානයෙදී ඇ.ඩො.මිලියන 22ක මූල්‍යාධාරයක් ලබා දීමට එම රටවල රාජ්‍ය නායකයින් තීරණය කල අතර කෙසේවෙතත් මෙම ආධාර තම රටට අවශ්‍ය නොවන බව […]


Aug
28

රුසියාවේ නිපදවන ලද පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනපති අතට

Generic placeholder image

ඇමරිකන් ඩොලර් 50,000ක් පමණ වටිනා රුසියාවේ නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය, විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා. ඒ එහි නිර්මාපක රුසියන් ජාතික ආචාර්ය Evgeny Usachev මහතා විසින්ය. මේ අවස්ථාවට රුසියානු විද්‍යාඥයකු මෙන්ම ශ්‍රී ලංකාවේ රුසියන් තානාපති සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක […]


News Articles
Latest Videos
Most Popular Post