News Line| Off Air
Generic placeholder image

Jul
20

මුහුද රළුවීම නිසා හලාවත වෙරළට ආසන්න පවුල් 52 ක් ඉවතට

Generic placeholder image

පවතින වැසි සහ තද සුළං හේතුවෙන් ප‍්‍රදේශ රැසකින් ආපදා තත්ත්වයන් වාර්තා වන අතර මුහුද රළුවීම නිසා හලාවත, කුරුසපාඩුව ප‍්‍රදේශයේ පවුල් 52 ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කළ බවයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පැවසුවා. එම පවුල් හලාවත, වැල්ල රෝමානු කතෝලික දේවස්ථානයේ තාවකාලිකව රැදවීමටද කටයුතු කර තිබෙනවා. පසුගිය දින කිහිපයේදී මුහුද රළුවීම හේතුවෙන් හලාවත, කුරුසපාඩුව වෙරළ තීරය […]


Jul
20

නායයෑම් ‍රතු නිවේදන දිස්ත්‍රීක්ක දෙකකට තවදුරටත්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක දෙකකට තවදුරටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ ඒ පිළිබද කරුණු දක්වන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කලේ රත්නපුර ඉඹුල්පේ වේවැල්වත්ත මාර්ගය භාවිතා කිරීමේදී ඉතාමත් අවධානයෙන් භාවිතා කරන ලෙසත් එම ප්‍රදේශයේ ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් […]


Jul
20

අද රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කෙරේ

Generic placeholder image

පොල්ගහවෙල සහ පොතුහැර අතර දුම්රිය හරස් මාර්ගයක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද දිනයේ ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රිය 8 ක් අවලංගු කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ, මඩකලපුව, තලෙයිමන්නාරම සහ ති‍්‍රකුණාමලය බලා ධාවනය වීමට නියමිතව තිබූ රාතී‍්‍ර තැපැල් දුම්රියත් ඊට අමතරව එම දුම්රිය ස්ථානවලින් කොළඹ කොටුව බලා ධාවනය වීමට […]


Jul
20

දිවයිනට තවදුරටත් වැසි හා තද සුළං

Generic placeholder image

දිවයින හරහා දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින තද සුළං තත්ත්වය අද දිනයේත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (60-70) පමණ දක්වාවන ඉතා තද සුළං ද, සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ […]


Jul
19

ජනතාවගේ දුගීභාවය අවම කිරීමට සියලු නිලධාරින් කැප විය යුතු බව ජනපති කියයි

Generic placeholder image

ජනතාවගේ දුගී භාවය අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති වංචාවෙන් සහ දූෂණයෙන් තොරව කාර්යක්ෂමව ක්‍රියාවට නංවමින් එහි පූර්ණ සහ කඩිනම් ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කැපවීම සියලූ නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. වැව් ගම් පුබුදුව සංවර්ධන වැඩසටහන පිළිබඳ අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එතුමා මේ බව සඳහන් කළා. දිස්ත්‍රික්ක 07ක […]


Jul
19

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 9 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් එම උසස් වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළා.


Jul
19

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළ පොලිස් කොමිසමේ ලේකම් රිමාන්ඩ්

Generic placeholder image

ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් සහ පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක අගෝස්තු 2 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (19) නියෝග කර තිබෙනවා. ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාගේ නියෝගයකට අනුව ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (19) ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත […]


Jul
19

සුරංග, මිලින්ද, ජෙෆ්රි, ජීවන් බංග්ලාදේශ තරගාවලියෙන් හැළේ

Generic placeholder image

බංග්ලාදේශයට එරෙහිව මේ මස අවසානයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 24 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයන් ඉවත්කර තිබෙනවා. ලෝක කුසලාන තරගාවලියේ ස්ථානය අහිමිවීම පිළිබඳව දැඩි කථා බහට ලක්වූ පිට දඟ […]


Jul
19

වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සදහා එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩක බෙන් ස්ටොක් නිර්දේශ වෙයි

Generic placeholder image

වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි විශිෂ්ඨතම සම්මානය සඳහා එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් නිර්දේශ කර තිබෙනවා. ඉකුත් දා පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය අහිමි කරමින් කුසලානය එංගලන්තයට දිනා දීමට බෙන් ස්ටොක් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා. බෙන් ස්ටොක් යනු නවසීලන්තයේ ඉපිද පසුව සිය පවුල සමග බ්‍රිතාන්‍යයට […]


Jul
19

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සිසුන්ට 500ක දෛනික දීමනාවක්

Generic placeholder image

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලුම සිසුන්ට රුපියල් 500ක දෛනික දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරනය කර තිබෙනවා. 2017 වසරේදී ආරම්භ කෙරුණු වෘත්තීය විෂය ධාරාව මේ වනවිට පාසල් 310 ක සිදු කෙරෙනවා. ඒ යටතේ වෘත්තීය විෂයන් 26ක් හැදෑරීමට සිසු දරු දැරියන්ට අවස්ථාව දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා. සාමාන්‍ය පෙල සමත්, අසමත් භාවය නොසලකා […]


Jul
19

21 වනදා තෙක් ධීවර කටයුතු වලින් බැහැරව සිටින ලෙස කාළගුණයෙන් දැනුම් දෙයි

Generic placeholder image

අයහපත් කාළගුණය හේතුවෙන් මන්නාරම, පුත්තලම, කොලඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ලබන 21 වනදා තෙක් ධීවර කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80ත් 90ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අද […]


Jul
19

01 වනදා සිට අලුත්වන අයි.සී.සී කි‍්‍රකට් නීති මෙන්න

Generic placeholder image

2014 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක පිල් හියුස් ප්‍රාන්ත තරගයක් අතරතුර පන්දුව හිසේවැදීමක් නිසා ඇතිවූ ආබාධයකින් ජීවිතයෙන් සමුගත්තා. ඉන්පසු හිස් ආවරණය හා ගෙල අතරට නව ආවරණයක් යෙදීමටද අයි.සී.සී.ය කටයුතු කළා. එමෙන්ම අයි.සී.සී ය මෙවන් අවස්ථාවක් උදා වූ විට ක්‍රීඩකයින් වෙනුවෙන් නවතම පියවරක් අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා. එනම් අන්තර්ජාතික ක්‍රිකට් තරග වලදී පන්දුව හිසේ වැදීම […]


News Articles
Latest Videos
Most Popular Post