News Line| Off Air
Generic placeholder image

Mar
8

අගමැතිගෙන් ක්‍රිකට් වාර්තාවක්

Generic placeholder image

140 වන නිල් මහා සටන බැලීමට අද අගමැතිතුමා සහභාගී වී තිබෙනවා. එතුමා හෙට දිනයේදීත් ඊට සහභාගී වීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.අගමැතිතුමා සාම්ප්‍රධායක් ලෙස වයස අවුරුදු 4 සිට අද වන තුරු තිබූ නිල්මහ සටන නොකඩවා බැලීමට  හුරු වී සිටින අයෙක්. ඔහුත් සමග මෙය නැරඹීම සඳහා සුමන්දිරම් මන්ත්‍රීවරයාද එකතු වී සිටියා.


Mar
8

කාන්තා දිනය අරවින්දට බලපෑ හැටි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/uqvwEbw6bq0


Mar
8

නාලක සිල්වා ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Generic placeholder image

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය කලේ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර තිඛෙනවා ඒ එම නඩුව අද කොළඹ මහාධ්කරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ දී සැකකාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ […]


Mar
8

ශ්‍රී ලංකන් ගුවන් යානයක වෙනසක් – PHOTO

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින් කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයකි. ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලයකාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා […]


Mar
8

රජයේ ආයතනවල සිදුවූ දූෂණ, වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි 522 ක්

Generic placeholder image

රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබද සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලි ගණන 522 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පැමිණිලි 15 ක් පිළිබද මුලික විමර්ශන ආරම්භ කිිරීමට නියමිතයි. ඒ සදහා අදාළ පැමිණිලි කොමිසමේ විශේෂ පොලිස් ඒකකයට භාර දී තිබෙනවා. කොමිසම පැමිණිලි භාර ගැනීම ආරම්භ කලේ පසුගිය මස 08 වනදා යි. […]


Mar
8

ආසියාවේ එකම වේලාවකදී වැඩිම පිරිසක් වන්දනාමාන කරන බුදු පිළිමයට වසර 50 යි..!

Generic placeholder image

ලංකාවේ පාසල් අතරින් විශාලතම බුදු මැදුර පිහිටලා තියෙන්නෙත් ආනන්ද විද්‍යාලයේ. මේ බුදු මැදුර ඇතුළේ වැඩ ඉන්න බුදු පිළිම වහන්සේ තමයි, ලංකාවේ පාසල් අතරින් විශාලතම පිළිම වහන්සේ. අද වෙන කොට කරලා තියෙන සමීක්ෂණ වලින් හොයා ගෙන තියෙන විදිහට මේ බුදු පිළිම වහන්සේව දවසකට වන්දනාමාන කරන ප්‍රමාණය දෙවෙනි වෙන්නෙ අපේ රටේ දළදා වහන්සේව සහ ජය ශ්‍රී මහා […]


Mar
8

තල් ගෙඩියෙන් ක්‍රිකට් ආරම්භ කළ වත්මන් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා

Generic placeholder image

ලෝකේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල අංක දෙකේ වැජඹුණු දකුණු අප්‍රිකාව දෙකේ කොලේට දාපු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නු දිමුත් සහ තල් ගෙඩි අතර සම්බන්ධය ඔබ දන්නවාද..? මේ ඒ කතාව… ෆ්‍රෑන්ක් දිමුත් මධුෂංක කරුණාරත්න හෝඩියේ පන්තියට ඇතුලත් වෙන්නේ 1993දී.. ඒ සදහා පුංචි බොරැල්ලේ ඉදන්, නම ගිය, ජනකාන්ත, පාසල් රැසක් පහුකරගෙන ඔහු එනවා බොරැල්ල මංසන්ධියට. කොළඹ […]


Mar
8

ශ්‍රිපාදස්ථාන දොරටුවේ නම ශිව පාදම් ලෙස වෙනස් කිරීමේ තීරණය මෛත්‍රී අත්හිටුවයි

Generic placeholder image

ශ්‍රී පාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට ගෙන තිබූ තීරණය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් ඊයේ අත්හිටුවා තිබෙනවා. මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් ශ්‍රීපාදස්ථානයට ඇතුළුවන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට පසුගියදා යෝජනාවක් සම්මත කරගෙන තිබුණා. ඒ අනුව කිසිදු පාර්ශවයන් සමග සාකච්ඡා නොකොට අත්තනෝමතිකව ගත් මෙම තීරණය වහාම අත්හිටුවන ලෙසයි ආණ්ඩුකාර […]


Mar
8

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න රතු වරෙන්තු දෙකක් නිකුත් කරලා

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු වරෙන්තු දෙකක් මේ වෙනකොටත් නිකුත්කරලා තියෙනවා  කියලා විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඊයේ පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියා. ඒ  අය වැය විවාදය අතරතුර දී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්. මෙම සංවාදයට එකතු වූ සෞඛ්‍ය ඇමති  රාජිත සේනාරත්න පවසා සිටියේ […]


Mar
8

ට්‍රම්ප්ගේ හොඳ වැඩක් ලෝකයම කතා කරයි

Generic placeholder image

ඇමරිකාවේ මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදීම සම්බන්ධ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ පුද්ගලයාගේ නම ජේ බැරැට්. ඔහුට වයස අවුරුදු 44 ක්. ඔහු සුවකළ නොහැකි ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදිනවා. ඔහු මිය යාමට ප්‍රථම ඔහුගේ අවසන් කැමැත්ත වී තිබෙන්නේ ඇමරිකානු ජනාධිපති  සමග කතාබහ […]


Mar
8

රටම කතාකල මන්නාරමේ ඇටකටු පෘතුගීසි යුගයේ බවට හෙලිවෙයි

Generic placeholder image

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් කතාබහ කරපු මාතෘකාවක් තමයි මන්නාරමේ සමූහ මිනී වල. මේ සම්බන්ධයෙන් විවිධාකාර දේශපාලන මත පවා  පැටලී තිබුණා. කාලයක් රටම කතාබහ කරපු මේ මන්නාරම සමූහ මිනී වළෙන් ගොඩගත් අස්ථි කොටස් වල රහස මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඒ මන්නාරම සමූහ මිනී වලෙන් ලබාගත් අස්ථි කොටස් ඇමරිකාවේ  ෆ්ලොරිඩාහි කාබන් පරීක්ෂාවට යැවීමත් සමගයි. මෙම […]


News Articles
Latest Videos
Most Popular Post