News Line| Off Air
Generic placeholder image

Mar
8

අරවින්දට ගෙදරින් දීපු තාම පිළිනොගත් අවවාදය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Mar
7

ඉන්දු පාකිස්තාන උණුසුමට හේතුවූ ත්‍රස්තයන් රැසක් පාකිස්තාන දැලේ

Generic placeholder image

ඉන්දීය පාලනයේ පවතින කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කළ පාකිස්තාන ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පිරිසක් එරට පාකිස්තානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගත් ජායිෂ්-ඉ-මොහම්මද් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ සහ එහි නායකයා ලෙස සැලකෙන මසූද් අසාර්ගේ පුත්‍රයෙකු සහ සහෝදරයාද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව කියැවෙයි. මෙම ත්‍රස්ත ක්‍රියා පාලනය කරන ලෙසට පාකිස්තානය […]


Mar
7

නාමලුත් හෝම් ස්විට් හෝම් ගන්න යයි

Generic placeholder image

මේ වසරේ විවාහ වන තරැණ යුවල සඳහා මෙවර අයවැය මගින් යෝජනා කර ඇති “හෝම් ස්විට් හෝම්” ණය මුදල තමාද ලබාගැනීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (7) දා පාර්ලිමේන්තුවේදී පැවසීය. අයවැය විවාදයේදී රාජ්‍ය අමාත්‍ය  නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් සිටින අතරතුර එතුමාට ප්‍රශ්නයක් යොමු කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය. […]


Mar
7

ට්‍රම්ප් කනස්සල්ලෙන්

Generic placeholder image

උතුරු කොරියාවේ වසාදමා තිබූ රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා පැවැත්වීමෙන් දින දෙකකට පසු මෙම රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානය පිලිබඳව තොරතුරු අනාවරණය වුණා කෙසේ වුවත් උතුරු කොරියාව මෙම රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානය පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.


Mar
7

වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක්

Generic placeholder image

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගතකිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන්නැයි ඉල්ලමින් ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. පසුගිය පෙබරවාරි 25 වනදා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් සිය […]


Mar
7

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ – මංගල සමරවීර

Generic placeholder image

ආර්ථික අර්බුදයක් නෑ ඇත්තේ අභියෝගයක් පමණයි. සාර්ථක අයවැය හමුවේ විපක්ෂය නිහඬව විසිර ගියා. යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ. – මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික අර්බුදයක් නොව ආර්ථිකය හමුවේ ඇති අභියෝග පමණක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ඔක්තෝබර් 26 සිදුවීම හේතුවෙන් ආර්ථික […]


Mar
7

අධිරජ්‍ය ධර්මා⁣ශෝක මහ නිරිදුන් කුජ්ජතිස මහා රහත් උතුමන්ගේ ධාතු ස්ථූපය

Generic placeholder image

#කුජ්ජ #තිස්ස #සෑය(සිලා චේතිය) අධිරඡ ධර්මා⁣ශෝක මහ නිරිදුන් කුජ්ජතිස මහා රහත් උතුමන්ගේ ධාතු ස්ථූපයයි මේ… ස්වර්ණමාලී මහා සෑයටත් ජේතවනාරාමය අතර පිහිටා තිබේ. ධර්මා⁣ශෝක රජ්ජුරුවෝ මියගොස් ලංකාවේ පහලවී කුජ්ජතිස්ස නමින් අරහත්වයට පත්වී ඇති අතර,උන් වහන්සේ අනුරාධපරයේ වැඩ සිට පසුව සිතුල් පවුවේ වාසය කර ඇති අතර උන්වන්සේ පිරිණිවන් පැවයින් පසු උන්වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි ශ්‍රී දේහය අහසින් […]


Mar
7

පොලිසිය කියන ඔක්කොම ඇත්ත කියලා පිළිගන්න ඕනි නෑ – ලාල්කාන්ත ප්‍රථම වරට මාධ්‍යට පිළිතුරු දෙයි

Generic placeholder image

පසුගියදා රිය අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ජවිපේ සාමාජික ලාල්කාන්ත මහතාට අද (07) දින ඇප දෙනු ලැබුවා. එහිදී ඒ මහතා මාධ්‍ය වෙත අදහස් පල කලා.එම රිය අනතුර සම්බන්ධයෙන් කණගාටුවන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.


Mar
7

නාඩු සහ සම්බා සහල් වල උපරිම සිල්ලර මිල මෙන්න

Generic placeholder image

නාඩු සහ සම්බා සහල් කිලෝවක් සදහා ලබන අපේ‍්‍රල් මස පළමු වනදා සිට උපරිම සිල්ලර මිලක් නියම කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කරනවා. ඒ අනුව නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80 ක් ද සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85 ක උපරිම සිල්ලර මිලක් සඳහන් වෙනවා.


Mar
7

හැමදේම දෙයියො දෙන්නෙ නෑ – මාලිංගගෙන් ඔවදනක්

Generic placeholder image

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සූදානම් කර තිඛෙන්නේ ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා පෙරහුරු තරගාවලියක් ලෙස බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. එසේම ශ්‍රී ලංකා කණ්ඩායමට දිනුමේදී මෙන්ම පරාජයේදීත් ධෛර්ය සැපයිය යුතු බව ද අමාත්‍යවරයා බදුල්ලේ පැවති උත්සවයක දී ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග ඊයේ තරගයෙන් අනතුරුව පැවති […]


Mar
7

අල්ලස් නීතිය අලුත් කිරීමට සූදානමක්

Generic placeholder image

පෞද්ගලික අංශයට දේශපාලනඥයන්ට බලපැවැත්වෙන ආකාරයටම අල්ලස් නීති සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරනවා. මීට අමතරව අල්ලස, දූෂණය නැති කිරීම සඳහා සකස් කළ පස් අවුරුදු වැඩපිළිවෙළ මේ මස 18 වැනිදා එළිදක්වන බවද එම කොමිෂමේ අධ්‍යක්ෂක ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේය. අල්ලස් හා දූෂණ චෝදනා එල්ලව […]


Mar
7

විදුලි පරිභෝජනය කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

දෛනික විදුලි පරිභෝජනයේදී අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙනවා. එම අමාත්‍යාංශය සදහන් කලේ පවතින වියළි කාළගුණයත් සමග ජලාශ වල ජල මට්ටම අඩු වී ඇති බවයි. කාසල්රී, මාවුස්සාකැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙ‚ගල සහ සමනලවැව ජලාශවල ජල මට්ටම සියයට 41.8 ක් දක්වා පහත ගොස් තිඛෙනවා එම ජලාශවලින් ලබා ගන්නා ජලය උපයෝගි කර […]


News Articles
Latest Videos
Most Popular Post