පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ගොඩකවෙල ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්භන්ධයෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි එම පැමිනිල්ලට අදාළව රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා ඇතුලූ 04 දෙනෙකු අද ගොඩකවෙල පොලිසියට පැමිනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා පසුව මන්ත‍්‍රීවරයා ඇතුලූ පිරිස ඉදිරිපත් කෙරුනේ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණටයි එහිදී […]
කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය එම විරෝධතාව සංවිධාන කර තිබුණේ රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය මර්දනය නතර කරන්නැයි බල කරමිනුයි. විරෝධතාවට එක්ව සිටින සිසුන් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් […]
මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇති බව වර්තවෙනවා. ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ශ්රී පාද වන්දනා සමය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතයි. ශ‍්‍රී පාද පත්මය පිහිටුවා වසර 2 600 ක් සපිරීම මෙවර වන්දනා සමයේ විශේෂත්වයක්.ඒ වෙනුවෙන් වන විශේෂ ආශීර්වාද පිංකම් මාලාවක් මෙවර උදුවප් පොහෝ දිනයේදී ශ‍්‍රී පාද මලූවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊට සමගාමීව සාධාතුක කරඩුව සමන් දේව ප‍්‍රතිමාවන් සහ දේවාභරණ වලට චාරිත‍්‍ර විධි පවත්වා සිදු […]
යාපනය දිස්ත්‍රීක්කය තුළ පිහිටි ඇතැම් පොලිස් ස්ථානයන්හි අපරාධ මැඩලීම දුර්වල හා පහළ තත්වයක පැවතීම හේතුවෙන් යාපනයේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ඊයේ සවස සිට අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් පියවර ගෙන තිබෙනවා. යාපනය දිස්ත්‍රීක්කය තුළ පිහිටි පොලිස් කොට්ඨාස 09ම නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන ඇත්තේ පසුගිය දිනයන්හි සිදුවූ අපරාධ රැල්ල මැඩපැවැත්වීම ඉතා […]
අද දවසේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ නව ඇමතිවරයා ලෙස වැඩ භාර ගනිමින් සජිත් ප්‍රේමදාස තමන්ගේ මුල්ම කටයුත්ත ලෙස කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්ට රුපියල් මිලියනයක මුදලක් ප්‍රධානය කර තිබෙනවා. ඒ ඔහුගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය සාර්ථක කර ගැනීමට. මේ මුදල සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ සහ ඔහුගේ හිතවතුන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකර තිබීමද විශේෂත්වයක්.
ඉන්ධන මිල සූත්‍රය දිගටම ක්‍රියාත්මක බව නව මුදල් ඇමති ලෙස වැඩ භාර ගනිමින් මංගල සමරවීර ඇමතිවරයා මාධ්‍යයට අදහස්දක්වමින් කියා සිටියා. නව පත්වීම ලැබීමෙන් පසුව තම අමාත්‍යාංශය වෙත ගොස් අද දිනයේම වැඩ කටයුතු ආරම්භ කිරීමට නව මුදල් ඇමතිවරයා කටයුතු කර තිබුණා. එමෙන්ම හෙට පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කිරීම පිළිබදවත් ඔහු අදහස් පලකර සිටියා.
රජයේ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීම සිදුවූ අතර, අග්‍රාමාත්‍යවරයා ඇතුලූව අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් සංඛ්‍යාව 29 ක්. අමාත්‍යවරුන් දිවුරුම්දීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල රැස්වීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණා. එහිදී අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිවූ බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ. හෙට දිනයේදී මෙම අතුරු […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු, උතුරු පළාත් සංවර්ධන වෘත්තිය පුහුණු හා නිපුනතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට අවසන්ව තිබෙනවා. ඒ අනුව ලද ඇමතිධූර පහතින්…
මීට සුළු මොහොතකට පෙර රවී කරුණානායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරයෙන් සහ හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමතිවරයා ලෙස දීවූරුම් දී තිබෙන බවට වාර්තාවෙනවා.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ජනාධීපති ලේකම් කාර්යාලායේදී ආරම්භ වී තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ තනි තනිව අමාත්‍යවරු දිවුරුම්දීම සිදුවන බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. නිල තොරතුරු ලද විගස සියත 24 තුළින් බලාපොරොත්තුවන්න..