ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඉදිරි මාස තුන සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් වන අතුරු සම්මත ගිණුම සිකුරාදා (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. දැනට පවතින ලෝක ආර්ථික තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳව සළකා බලා දිය හැකි ජනතා සහන උපරිම ලෙස අතුරු සම්මත ගිණුමට ඇතුළත් කරන ලෙස අග්‍රාමාත්‍ය […]
මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු වේතනයෙන් රුපියල් 3000 ක් මාසිකව අඩුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදලට යන බවත් ඔහු වෙනත් පක්ෂයක සාමාජිකයකු නම් එසේ නිදහස් පක්ෂයට මුදල් යවන්නේ කුමකට දැයි විමසිය යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කර සිටිනවා. තමන් දේශපාලනයට පැමිණි පක්ෂයේ සාමාජිකත්වය ආරක්ෂා කරගනිමින් ඕනෑම කෙනෙකුට තවත් දේශපාලන සංවිධාන හා ගනුදෙනු […]
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කොළඹ මහ නරග සභාවේ 2019 අයවැය ලේඛණය සම්මත කර ගැනීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා. ශ්‍රීලනිපය නියෝජනය කරන විපක්ෂ නායක එම්.එච්. මන්සිල් ඇතුළු පිරිසක් මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළා. මෙහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 77ක් ලැබුණු අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා, ශ්‍රී […]
චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින ශක්තිමත් මිතුදම තවදුරටත් තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණු ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුනා. පසුගිය කාලය පුරා පැවති කාලගුණික බලපෑම් හේතුවෙන් රජය ආරම්භ කළ සහන වැඩපිළිවෙළට සහය දැක්වීමක් වශයෙන් රුපියල් […]
මුලතිව් සෙල්වපුරම් මුහුදු තීරයේ කිසියම් පිරිසක් විසින් ඊයේ කොටි සංවිධානයේ ධජයට සමාන වූ ධජ දෙකක් එලා තිබියදී හමු වූ බවට මුලතිව් ධීවරයින් කියා සිටිනවා. මුලතිව් සෙල්වපුරම් මුහුදු වෙරළේ දෛනිකව ධීවර රැකියාවට පැමිණෙන ධීවරයින් පසුගිය දින දෙක තුළ මුහුදු ගමන් නොගොස් ඇත්තේ මුහුදු රළ රළුවීම නිසා වන අතර ඊයේ දින නැවත මුහුදු ගමන් ආරම්භ කිරීමට ගිය […]
හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව සන්ධාන මහ ලේකම් හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති හෙයින් ඔහුගේ මන්ත්‍රීධුරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව එක්සත් ජාතික […]
විධායක ජනපතිධූරය අහෝසි කිරීමට අදාළව ගෙන එන යෝජනාවකට තමන්ට විරුද්ධ වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කලා.එසේම ලංකාවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇති බවත් විධායක ජනපතිධූරය අහෝසි කිරිම මගින් රට අස්ථාවර වන බවට පවසන ප්‍රකාශ සඳහා තමන් එකඟ නොවන […]
ඊයේ පැවති නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී හිටපු අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධුරයක් ලබා නොදෙන බවට ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවට වාර්තා වෙනවා. ඒ පසුගිය කාලයේ සරත් ෆෝන්සේකා විසින් දිගින් දිගටම ජනපතිට අපහසාත්මකව එල්ල කල චෝදනා නිසාවෙන් බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියා.
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම හෙට දිනය දක්වා තවදුරටත් කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ පිරිසට අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ සාකච්ඡා කරමින් පැවතීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. ලංකා කම්කරු කොංග්‍රසය සහ ඊ.පී.ඩී.පී සංවිධානයට ද රජයට එක්වන ලෙස ආරාධනා කර […]
මෙවර IPL වෙන්දේසීයේ වැඩිම මිලට අලෙවි වූ ඉන්දීය ක්‍රීඩකයා බවට පත් උනේ Jaydev Unadkat . ඔහු ගියවරත් වටිනාකම අනුව දෙවැනි වටිනාකම ලද ක්‍රීඩකයා වීමද විශේෂයක්. එමෙන්ම එංගන්තයේ නවක ක්‍රීඩක Sam Curran මෙවර වටිනාකම වැඩිම විදේශීය ක්‍රීඩකයා බවට පත් උනා. පහතින් දැක්වෙන්නේ වැඩිම මිලට අලෙවි වූ ක්‍රීඩකයින් 08 දෙනාගේ ලැයිතුවයි…
පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ට්විටර් ගිණුම හරහා පිළිතුරු ලබාදී තිබේ. ඒ පොහොට්ටුවේ සාමාජිකත්වය පිළිබදව පලකල සටහනකටයි. මෙහිදී නාමල් මන්ත්‍රීවරයා පල කර තිබුණේ මෙවන් ප්‍රතිචාරයකුයි. ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පවතින ගැටලුවක් සම්බන්ධයෙන් හර්ෂද සිල්වා මහතා අවධානය යොමුකර […]