News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

මෛත්‍රී- මහින්ද පාර්ශ්වයෙන් එන දුරකතන ඇමතුම් නිසා එජපයේ මන්ත්‍රීවරු දුරකතන ක්‍රියාවිරහිත කරලා

Generic placeholder image

පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා බව හිටපු අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ්කාරියවසම් පවසනවා. ඒ ඊයේ (20) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. එසේම මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුරකතන ක්‍රියා විරහිත කරගෙන සිටින බවත් මෛත්‍රී- මහින්ද පාර්ශ්වයෙන් ඔවුන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් සහාය ඉල්ලා සිටින බවත් අකිල විරාජ් සදහන් කලා.


Nov
21

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර අසභ්‍ය දර්ශන නැරඹූ මන්ත්‍රීවරු මෙන්න

Generic placeholder image

බස්නාහිර පළාත් සභාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් තිබෙන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු තෙදෙනෙක් අසභ්‍ය දර්ශන නරඹමින් සිටින ආකාරය දැකගත හැකිඋනා. මේ ආකාරයෙන් සභාව තුල හැසීරී තිබුණේ ගුණසිරි ජයනාත්,සුමිත් සොයිසා සහ කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුනුයි. මේ සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා බවයි පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මාධ්‍යයට පවසා තිබුණේ.


Nov
20

මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම ගැන නීතිඥයින් පිරිසක් පොලිස්පතිට පැමිණිලි කිරීමට සැරසෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමට නීතිඥයින් පිරිසක් සූදානම් වෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා නීතිඥයෝ යන නමින් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ සුනිල් වටගල ප්‍රකාශ කර සිටියේ ඉදිරි දින කිහිපයේදී මේ පිළිබද පැමිණිලි කරන බවයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතු බවත්, පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත් කිරීමේදී ජනතාව පෙරට වඩා දැනුවත්වීමක් සිදුවිය යුතු බවත් […]


Nov
20

එක්සත් ජාතික පක්‍ෂයෙන් විරෝධතා මාලාවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂය විසින් වත්මන් පාලනයට එරෙහිව විරෝධතා මාලාවක් සංවිධාන කර තිබෙනවා. මහනුවර, කළුතර, කිරිබත්ගොඩ යන ප‍්‍රදේශවලදීයී මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ. ලබන සෙනසුරාදා විරෝධතා මාලාව ආරම්භ වන අතර 27 වනදා, දෙසැම්බර් 3 වනදා සහ දෙසැම්බර් 4 වනදා යන දිනවලද විරෝධතා පවත්වන බවයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කළේ. පවතින දේශපාලන තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් […]


Nov
20

බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක්

Generic placeholder image

වවුනියාවේ කරුවේප්පන්කුලම් ගම්මානයේ බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක් ගොඩ නැගී තිබේ. මේ අරුම පුදුම මිත්රවත්වය දැක බලා ගැනීමට මේ සිද්ධිය පිළිබදව තොරතුරු කණ වැකුණු සැනින් ජනතාව එම නිවස කරා යන්නට පටන් ගෙන ඇත්තේ කුඩා ළමයින් විසින් කරණු ලබන ඇවිටිල්ල නිසාය. මේ නිවසේ උදවිය සුරතලයට බල්ලෙකු ඇති දැඩි කරණ අතර […]


Nov
20

මූඩි දර්ශකය ශ්‍රී ලංකාව පහත දමලා – හර්ෂ

Generic placeholder image

මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව බී2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා. කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව මෙම දර්ශකය මගින් ගණනය කරනු ලබනවා. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ලැබූ දරුණුම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් […]


Nov
20

අකිල අද රෑ ඔස්ට්‍රේලියාවට යයි

Generic placeholder image

සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරික්ෂණයකට පෙනී සිටීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද රෑ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා. ඔහු එළැඹෙන 23 දා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර ජාතික ක්‍රිකට් මධ්‍යස්ථානයේදී මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට නියමිතයි. මේ අනුව ඔහුගෙන් හිස්වන ස්ථානය සඳහා දඟ පන්දු […]


Nov
20

පාර්ලිමේන්තුවේ සිදු වූ හානි තක්සේරු කරන්න රක්ෂණ නියෝජිතයන් ඇවිත්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී මැතිසබයේ දේපළවලට සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වි ඇත්තේ මයික්‍රොෆෝන කිහිපයකට හා පුටුවකට හානි සිදුව ඇති බවය. මයික්‍රෙෆෝන සැපයූ ආයතනවලටද පාර්ලිමේන්තුවට පැමිණ සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ගණනය කරන ලෙසට දන්වා ඇති බව වාර්තා වෙනවා. කෙසේවෙතත් හානියට පත් උපකරණ ලබන සිකුරාදා වනවිට සකස් […]


Nov
20

ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය නැවත ගැටෙයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ බහුතර බලය සම්බන්ධයෙන් යළිත් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා. තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 12 දෙනාගෙන් හත්දෙනෙකු තම පාර්ශ්වයට අවශ්‍ය බවයි ආණ්ඩු පක්‍ෂය පවසන්නේ. ඉතිහාසය තුළ ගත් කළද ආණ්ඩු පක්‍ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමිවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්. බී. දිසානායක මාධ්‍යය වෙත ප‍්‍රකාශ කළා. […]


Nov
20

ස්වාමීන්වහන්සේලාට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිනවා | රුවන්

Generic placeholder image

ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඊයේ පැවැති භික්ෂු විරෝධයට එල්ල වූ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා විසින් හෙළා දැක තිබෙනවා.


Nov
20

කජ්ජේ ඉදන් රට කෑවා – බන්දුලගෙන් විශේෂ හෙලිදරව්වක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය රට විනාශයට පත්කළ බවත් ජනවාරියේ ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. “ආර්ථිකය කඩා වැටීම තිවූර කිරිමට අදාළ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී […]


Nov
20

රන්ජන්ට පිහිය ගේන්න උදව් දීලා තියෙන්නේ පාර්ලිමේන්තු නිළදාරියෙක්…? ජොන්ස්ටන්ගෙන් හෙලිදරව්වක්

Generic placeholder image

ඊයේ දිනයේදී (19) පාර්ලිමේන්තු සැසිය අවසානයේ කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපය පිළිබදව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු භයානක හෙළිදරව්වක් සිදු කළා. එහිදි අමාත්‍යවරයා පැවසූවේ විපක්ෂ මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවට අවි ආයුධ ලබාදෙන්නේ කථානායක කරූ ජයසූරීය බවයි. පාර්ලිමේන්තුවට පැමිණීමේදි සියලූම මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන අතර කථානායකවරයා පරීක්ෂා කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂත්වයකි. “කරූ ජයසූරිය ඇවිල්ලා වාඩි වෙන්න නෙවෙයි, වහාම ඉල්ලා අස් වෙන්න […]


News Articles
Latest Videos
Most Popular Post