හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා ඊයේ (28) පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.එහිදී අදාළ ස්ථානයෙහි කලබලකාරී තත්වයක් උද්ගතවී ඇති අතර ඒ අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබුවා. ඉන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි […]
හපුතලේ විහාරගල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ෆේස්බුක් සාදයක් පැවැත්වූ පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කලේ මෙම සාදය සඳහා ඔවුන් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ම භාවිත කර ඇති බවයි. සැකකරුවන් 57 දෙනෙකු සහ එක් සැකකාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඔවුන් බදුල්ල, පස්සර,රත්නපුර සහ මීගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කලේ. සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලීසිය […]
හෙට දවස නිවාඩු දවසක් කියලා ප්‍රචාරය වෙලා තියෙන්නෙ බොරුවක් කියලා අපිට වාර්තා වුණා. සමහර වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍ය වල ප්‍රචාරය වී තිබෙන්නේ අසත්‍යය තොරතුරුයි.
ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරනු ලැබූ විශේෂ ප‍්‍රකාශය (2018-10-28) ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් සම`ග රටේ අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන්මග පැහැදිලි කරමින් විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු […]
ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමාව පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදු කර ඇති බව නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ නව ධූරයේ දිවුරුම් දීමෙන් පසු ප‍්‍රථම වරට අද මහනුවර මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැක උන්වහන්සේලා වෙත අදහස් දක්වමින්. පාර්ලිමේන්තුවේ 120 කට අධික බහුතර බලයක් තහවුරු කර ගැනීමෙන් පසු ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන […]
දෙමටගොඩ ප‍්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි වර්ථා වන්නේ. අර්ජුණ රණතුංග මන්ත‍්‍රීවරයා ඛණිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථාන පරිශ‍්‍රයට පැමිණි අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමග කළහාකාරි තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම අවස්තාවේදී මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි […]
නාමල් රාජපක්ෂ මහතා අද (28) දිනයේ FCID ට පැමිණ තිබේ.ඒ අධිකරණය නියෝගය වලට අදාළව පොලීසියට වාර්තා කිරීම සඳහාය. නාමල් රාජපක්ෂ මහතා කොට කලිසමක් හැඳ එහි පැමිණ තිබූ අතර සමාජ ජාල ඔස්සේ ඒ පිළිබඳව විවේඡනය කරන ඇතැම් දෙනා පවසන්නේ රාජ්‍ය ආයතනයකට ආ යුතු පිළිවෙලක් ඇති බවය. කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් පළ කරන නීතිඥ ප්‍රේම්නාත් සී. […]
බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා. පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ ජාතික චක්‍රලේඛයේද ගැටළු පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. බස්නාහිර පළාත් සභාව ඒ සඳහා ඉදිරිපත් කළ නිර්ණායක නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන නැහැ. එහෙත් නව ක්‍රමවේදයක් යටතේ බස්නාහිර පළාතේ […]
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව දක්වමින් අරලිය ගහ මන්දිරයට රැස් වූ සියලූ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහාතාට සහය පළකිරීමට සිටින බවට පළ වන වාර්තා නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානයක මහතා සියතට ප්‍රකාශ කළේ එජාපයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් […]
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍ය ධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය. ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දිමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ හැටන් නගරයේදි තොන්ඩමන් මහතාව අද […]
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කරන විශේෂ ප‍්‍රකාශය අද පස්වරු 6 ට සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිතුමා එම ප‍්‍රකාශය සිදු කරන්නේ හදිසියේ ඇති වු බල පෙරළියෙන් පසු පළමු වරටයි. ජනාධිපතිතුමාගේ එම විශේෂ ප‍්‍රකාශය සවස 6 සිට සියත එෆ් එම් ඔස්සේ බලාපොරොත්තු වන්න.