මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය නිසා රට වටේම ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවෙලා. ඒ වගේම ගංගා ආශ්‍රිත ජල මට්ටම්ද ඉහල ගිහින් තියෙනවා. මේ අතර දියවන්නා ඔයේ ජල මට්ටමත් ඉහළ යාමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. මේ නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතිවීමට ගිය හදිසි ගංවතුර තත්ත්වයක් වලක්වා ගැනීමට යුධ හමුදා සෙබළුන් අද (07) අලුයම් කාලයේ සිට මෙහෙයුමක් ක්‍රියාත්මක කරා. […]
ද්‍රවීකෘත ස්වභාවික වායුව මඟින් ක්‍රියාත්මක කරන මෙගාවොට් 400ක ධාරිතාවයකින් යුත් විදුලි බලාගාරයක් චීන රජය හා ශ්‍රී ලංකා රජය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව එම ව්‍යාපෘතිය සිංගප්පූරුවේ සංස්ථාපනය කර ඇති Hambantota Power Private Limited හා ලංකා විදුලිබල මණ්ඩලය අතර පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරයක් මඟින් ක්‍රියාත්මක […]
බස්නාහිර පළාතේ නාගරික කලාප ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය ගමන් මාර්ග 3ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. රාගම – කඩවත – කොළඹ කොටුව හරහා කිරුළපන දක්වා කිලෝමීටර් 33 ක් දිගින් යුත් සැහැල්ලු දුම්රිය මාර්ගයක්, […]
ලෝකයේ පොලිස් ලොක්කා ඇමෙරිකාව කිව්වට ලෝකෙටම බලපාන පොලීසියක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර පොලීසිය. එහෙම නැත්නම් INTERPOL එක. ජාත්‍යන්තර පොලිසියේ ප්‍රධානී චීන ජාතික මෙං හොංවෙයි අතුරුදහන් වෙලා තියෙනවා. සතියකට පෙර ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයේ සිට චීනයට පිටත්ව ගිහින් තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔහු ගැන කිසිදු තොරතුරක් නෑ කියලා ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දීලා තියෙනවා. මේ […]
මේ වෙද්දී සුපිරි වීරයන්ගේ චිත්‍රපටි ලෝකයේ ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම Marvel ආයතනයේ Avengers චිත්‍රපටි මාලාව එකකට එකක් පරයා ආදායම් වාර්තා බිඳ දමන්න සමත් වුණා. Avengers චිත්‍රපටි මාලාවේ ඉන්න සුපිරි චරිතයක් තමයි කැප්ටන් ඇමෙරිකා. පළවෙනි Avenger විදියට තමයි කැප්ටන් ඇමෙරිකා හඳුන්වන්නේ. අවුරුදු 8 ක් තිස්සේ කැප්ටන් ඇමෙරිකා චරිතයට පණ දුන්නේ Chris Evans. ඔහු Avengers චිත්‍රපටි 10 කට […]
ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ක්‍රිකට් අභිමානය පතුරවපු රටක් ශ්‍රී ලංකාව කියන්නේ. හැබැයි මේ වෙද්දී ආසියාවෙනුත් අන්තිම අඩියට වැටෙන්න ලංකාවට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ජාතික කණ්ඩායම නැති කරපු රටේ ගෞරවය නැවත්ත ලබා ගන්න ශ්‍රී ලංකා යෞවනයෝ සූදානමින් ඉන්නවා. ඒ ආසියානු යොවුන් ශූරතාව දිනාගෙන. ආසියානු යොවුන් කුසලානයේ අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා. ඒ ශ්‍රී ලංකාව […]
ඊයේ ඉඳන් තියෙන ඉවරයක් නැති වැස්ස නිසා ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙලා තියෙනවා. අදත් රට වටේටම වැසි ඇඳහැලෙනවා කියලයි කාලගුණය වාර්තා කරන්නේ. ඒ වගේම ගිනිකොණ දිග අරාබි මුහුදු ප‍්‍රදේශයේ පැවැති අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වී කොළඹට කිලෝමීටර් 1500ක් දුරින් පවතිනවා. එය ඉදිරි පැය 24ක කාලය තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙලා දිවයිනෙන් ඉවතට […]
ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයෙකු කොටවෙහෙර මුන්නෑකුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදීයි. සැකකරු සතුව තිබී ව්‍යාජ 5 000 නෝට්ටු 48 ක් දහසේ නෝට්ටු 48 ක් සහ පන්සියයේ නෝට්ටු 06 ක් සොයාගෙන තිබෙනවා. 28 හැවිරිදි එම සැකකරු රාජාංගණය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ලෝකයේ නව ප‍්‍රවණතාවයන් හා සසදන පරිදි ශී‍්‍ර ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර සබදතා නව මානයකට ගෙන ඒමට දෙරටේ නායකයින් එකග වී තිබෙනවා.ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් අතර ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ කාර්යයාලයේ පැවති නිල සාකච්ඡාවේ දියි . සාගරය මුලූ මහත් ලෝකයාගේම උරුමයක් වන බැවින් සාගරය ආරක්ෂා කිරීම සහ සාගර සාමය […]
හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේදීයි. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 07 කට අධිකයි. ඊයේ රාති‍්‍රයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවන් තුන්දෙනෙකු එගොඩ උයන බොරැුල්ල සහ ඔරුගොඩවත්ත […]
ආසියානු වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් තරඟයට අද ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් පූර්ව තරඟයේදී ඇෆ්ගනිස්ථානය ලකුනු 31කින් පරාජයට පත් කරමින්. තරඟයේ පලමු පන්දුවට පහර දුන්නේ ලංක යොවුන් පිලයි. එහිදී ඔවුන් පන්දුවාර 50 ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 209ක් රැස්කළා.කඩා වැටුන පිල ගොඩනගමින් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 111ක් රැස් කලා. […]