ලෝකයේ වේගයෙන්ම ගිලා බසිමින් ඇති නගරය බවට ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය පත්වෙලා තියෙනවා. නගරයෙහි ඇතැම් පෙදෙස් වසරකට සෙන්ටිමීටර් 25 බැගින් ගිලා බසිමින් ඇති බවයි පැවැසෙන්නේ. පහුගිය අවුරුදු 10ක කාලය තුළ මීටර් 2 කින්, එනම් අඩි 6කට වැඩි ප්‍රමාණයකින් ගිලා බැහල කියලයි අලුත්ම වාර්තා වලින් හොයාගෙන තියෙන්නේ. ලක්ෂ 40 ක පමණ ජනතාවක් ජීවත්වන මෙම ප්‍රදේශය […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප‍්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියා. ජනාධිපතිතුමා සමඟ එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද එක් වුණා. එහිදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පල […]
එංගලන්තය සමඟ ඉන්දියානු කණ්ඩායමේ සිව්වැනි ටෙස්‌ට් ක්‍රිකට් තරඟය ලබන 30 වැනිදා සවුත්හැම්ටන් හීදී ආරම්භ වනවා. මේ සඳහා වයස අවුරුදු 18 ක කණිෂ්ඨ ක්‍රීඩකයකු කැඳවීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය තීරණය කරල තියෙනවා. ආරම්භක පිතිකරුවකු වන වන ප්‍රිතිව් ෂෝ තවමත් පාසල් ශිෂ්‍යයෙක්. ප්‍රිතිව් ෂෝ කැඳවල තියෙන්නේ මුරලි විඡේ වෙනුවට. ප්‍රිතිව් ෂෝ පළමු පෙළ තරඟ 14 කදී ශතක 7ක් […]
පන්නිපිටිය පැලැන්වත්ත ප‍්‍රදේශයේ ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලූ සාගර නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී යතුරු පැදියකින් හෙරොයින් ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සතුව තිබූ හෙරොයින් ග‍්‍රෑම් 75 යි මිලිග‍්‍රෑම් 630ක් , ජංගම දුරකථන 2ක් […]
අභීජීට් ෂේන්ඩි කියන්නේ බොලිවුඩයේ ජනප්‍රිය සහ දක්ෂ නර්ථන ශිල්පියෙක්. ඔහු සුපිරි බොලිවුඩ් චිත්‍රපට රැසක නළු,නිළියන්ගේ නර්තන පුහුණුකරුවෙක් වගේම නර්තන අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් කටයුතු කරලා තියෙනවා. එත් හදිසියේම ඔහු සියදිවි හානිකරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ අභීජීට් සිය නිවසේ විදුලිපංකාවක එල්ලී සියදිවි හානිකරගෙන තියෙනවා කියලයි. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 32ක්. […]
වියට්නායමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහාඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද අලූයම වියට්නායමය බලා දිවයිනෙන් පිටත්ව ගියා. අලූයම 01:10 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කිස් 169 ගුවන් යානයෙන් අග‍්‍රාමාත්‍යවරයා සහ 08 දෙනෙකුගෙන් යුත් ¥ත පිරිස වියට්නාමය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ සියත වාර්තාකරු සදහන් කළේ. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන තේමාව […]
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු හික්කඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් රිවෝල්වරයක් සහ කඩුවක් ද සමග ඊයේ හික්කඩුව පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18 ත් 21 ත් අතර වයස් කාණ්ඩවල පසුවන හික්කඩුව ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 05 දෙනෙක්. සැකකරුවන් අද ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හික්කඩුව ප‍්‍රදේශයේ […]
‘ඉස්ලාමික් ස්ටේට්’ ජිහාද් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි වසරකට පස්සේ හඬ පටයක් නිකුත් කරල තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයෙන් පස්සේ අයි.එස් සංවිධානයේ නායකයා හඬ පටයක් නිකුත් කළ පළමු අවස්ථාව තමයි මේ. පහුගිය බදාදා තිබුණ ඉස්ලාම් භක්තිකයන්ගේ ඊද් උත්සවය ඉලක්ක කරගනිමින් තමයි මේ හඬපටය නිකුත් කරලා තියෙන්නේ. මේ සඳහා ඔහු යොදාගෙන තියෙන්නේ ටෙලිග්‍රෑම් තාක්ෂණය. හඬ පටය […]
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන ඝරසරප පහුගිය 10 වැනිදා ඉඳන් තිරගත වීම ආරම්භ වුණා. ඝරසරප චිත්‍රපටයේ ‘ප්‍රැන්කි’ විදියට අමීෂා කාවින්දි අපූරු රංගනයක යෙදෙනවා. මේ චරිතය අමීෂාගේ රංගන දිවියේ කඩඉමක් බවත් චිත්‍රපටය නැරඹූ බොහෝ අය කියනවා. ඔය අතරේ අන්තර්ජාලය හරහා අමීෂා සහ අර්ජුන් කමලනාත්ට සිදුවී ඇති අකරතැබ්බයන් ගැනත් පහුගිය දා දැනගන්නට ලැබුණා. […]
සර්වඥ කේෂ ධාතූන් වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් අද (25) සහ හෙට (26) උදාවෙනවා. ඒ කොළඹ 09 , දෙමටගොඩ, ආරාමය පාරේ තියෙන ශ්‍රී වික්‍රමසිංහාරාම මහා පිරිවෙන් විහාරයේදී. උදෑසන 6 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ශ්‍රී සර්වඥකේශ ධාතූන්වහන්සේලා එහිදී ඔබට වන්දනාමාන කරගන්න පුලුවන්. අද (25) සහ හෙට (26) මහජන වන්දනාව උදෙසා ප්‍රදර්ශනය කෙරෙන ශ්‍රී සර්වඥ කේශ ධාතූන්වහන්සේලා ඉන් […]
ලෝකයේ සිටින සුපිරි ගායක Ed Sheeran, game of thrones නවතම චිත්‍රපටියට සහභාගී වෙලා තියෙනවා. මෙය Ed Sheeran ගේ ප්‍රේක්ෂකයින්ට ඉතාමත් සතුටුදායක කරුණක් බවයි විදෙස් මාධ්‍ය කියන්නේ . Game of Thrones නවතම චිත්‍රපටිය නම් කරලා තියෙන්න Seven of the Worst Cameos කියලයි. මේ ගැන වැඩිදුරටත් සමාජ මාධ්‍ය වල අදහස් හුවමාරු වෙනවා.
සමනලී ෆොන්සේකා කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇයගේ පෙම්වතා තමයි අපි කවුරුත් දන්න ලංකාවේ සිටින දක්ෂ ගායන ශිල්පී ඉන්ද්‍රචාපා ලියනගේ. මේ දවස්වල සමනලී සහ ඉන්ද්‍රචාපා ගේ ආදර කතාව උණුසුම් වෙලා තියෙනවා. ඒ මේ දෙන්නා එක්ව ආදරෙන් ඉන්න ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වෙද්දී හුවමාරු වන නිසා . මේ දෙන්නා ගැන […]