අතුරුදන්ව සිටි හිටපු ලූතිනන් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නැමැත්තා කොළඹ ලෝටස් මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. 2007 වසරේ දී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියට අදාළව සැකකරු වරෙන්තු ලබා සිටියා. නේවි සම්පත් නැමැත්තාට එල්ල වී ඇති චෝදනා අතරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවිරාජ් මහතා ඝාතන සිද්ධියද ඇතුලත්. පොලීසිය […]
සැබෑ ආදරේ අමතක වුනත් ජීවිතේ පළවෙනි ආදරය කවදාවත් අමතක වෙන්නේ නෑ. සමහර වෙලාවට විවාහ වෙලා දරු මල්ලන් ලැබුනත් පරණ ආදරේ හිතට එනවා. ජීවිතේ පළවෙනි ආදරේ හිතට දැනුන දවසේ ඉඳලා මවපු හීන මතක් වෙනවා. තමන්ගේ පළවෙනි පෙම්වතාට අලුත උපන් දියණිය බලන්න ආරාධනා කරන මවකගේ ගීතයක් අපිට අහන්න ලැබුණා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “ඇවිත් යන්න එන්න” […]
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය පිලිබඳව කථානායකවරයා විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් සිදු කරන ද්වේශ සහගත අපහාස කිරීම් අනුමත නොකරන බව කතානායක කාර්යයාලය පවසනවා. එම නිවේදනයේ දැක්වුණේ තමන් අපේක්ෂා කරන මතය ප‍්‍රකාශ නොකළ පමණින්ම ඊට පරිබාහිර මතයන්ට සහ පුද්ගල චරිතයන්ට නිර්දය ලෙස පහර දීම සහ පදනම් විරහිතව විවේචනය කිරීම අනුමත නොකරන බවයි. […]
කාලෙන් කාලෙට නුවරඑළියේ විවිධ සැණකෙළි පැවැත්වෙනවා. ඒ සැණකෙළි සිරි විඳගන්න නොගිය කෙනෙක් නැතුව ඇති. හැබැයි මේ කියන්න යන්නේ ඒ සියලුම සැණකෙළි පරදන නුවරඑළියේ අලුත්ම සැණකෙළිය ගැන. ඒ තමයි ස්ට්‍රෝබෙරි සුවඳින් සහ රසයෙන් මුළු නුවරඑළියම වසා ගන්න Grand Strawberry Fest 2018. Grand Strawberry Fest කියන්නේ ලංකාවේ එකම ස්ට්‍රෝබෙරි සැණකෙළිය. කවදත් ලෝකෙම පුදුම කරවන වැඩ කරන නුවරඑළිය […]
පෞද්ගලික බස් රථ සේවක සංගමය හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තී්රණය කර තිබෙනවා. ඒ රථ වාහන සදහා හදුන්වා දී ඇති නව දඩ ගාස්තු ක‍්‍රමයට විරෝධය පල කරමින්. වර්ජනය සදහා බස් සංගම් රැසක් එක් වීමට නියමිතයි. මේ සඳහා බවුසර බහාලූම් හා තිරෝද රථ සංගම් වල සහය ලබා දෙන බවට දැනුම් දී ඇති බවයි. […]
රත්නපුර මාරපන ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකුට අද උදෑසන වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තවත් මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් මැණික් ව්‍යාපාරිකයාට කිසිදු තුවාලයක් සිදුව නැහැ. මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇත්තේ රත්නපුර නිවිතිගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. වෙඩි තැබූ සැකකරුවන් සොයා රත්නපුර පොලිසිය […]
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ වලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. ඒ කාසල්රි හා විමසුරේන්ද්‍ර ජල පෝෂක ප‍්‍රදේශ වලට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්. පවතින අධික වර්ෂාවත් සමඟ කාසල්රි හා මවුස්සාකැලේ ජලාශ වලද ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. එම ජලාශවල ජල මට්ටම ඉහළ […]
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මතට නැග කාන්තා රැදවියන් ආරම්භ කල විරෝධතාව තවදුරටත් ක‍්‍රියාත්මකයි. මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටින රැදවියන් පිරිසක්. තමන්ට එරෙහි නඩු කඩිනම්න් විභාග කර අවසන් කරන ලෙස ඔවුන්ගේ ප‍්‍රධාන ඉල්ලීම වනවා. බන්ධනාගාරය තුළ නිසි පහසුකම් නොලැබෙන බැවින් ඒ පිලිබදව අවධානය යොමු කරන ලෙස ද ඔවුන්ගේ තවත් ඉල්ලීමක්. වැලිකඩ එම බන්ධනාගාරයේ සේවය […]
නැවත දැනුම් දෙන තුරු පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරය භාවිතා කිරීමෙන් වළකින ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා. එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදිප් කුමාර මහතා සඳහන් කලේ ඉන්දියාවේ භාවිතා කර ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය තොග ගොඩගැසීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදු කරන බවයි. එම අපද්‍රව්‍ය ඉවත් කරන තුරු වෙරළ තීරය භාවිතයෙන් […]
නිමවුන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. එක්දින තරඟාවලියේ වැඩ පෙන්නපු දක්ෂයන්ට සුදුසු තැන දෙන්න ICC ය අමතක කරලා නෑ. ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල සමත් වෙලා තියෙනවා. මැතිව්ස් 25 වෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. කුසල් මෙන්ඩිස් 53 […]
සමහර වෙලාවට වැරදි දඬුවම් කරන්නම වෙනවා. රථවාහන වැරදි වලට රියදුරන්ට දඩ ගහන්නෙත් ඒ නිසා. දඩයක් ගැහුවම ඒ ගැන මතකයේ තියෙනකන් ඒ වැරැද්ද ආයේ කරන්නේ නෑ. රථවාහන වැරදි කිහිපයක දඩ මුදල් පහුගිය දා තවත් වැඩි කරා. හැබැයි මේ වැඩේට සමහර රියදුරන් වැඩි කැමැත්තක් නෑ. විශේෂයෙන්ම බස්රථ රියදුරන්. මේ නිසා හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් පෞද්ගලික බස් රථ […]
ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක බාබඩෝස් දූපතේ සංචාරයක නිරත වුණා. ඒ T20 තරඟාවලියක් සඳහා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරේ. ජනිත් චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නා. තරඟාවලිය පැවැත්වුණේ බාබඩෝස් ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම සමඟ. එහිදී තරඟ 2 […]