News Line| Off Air
Generic placeholder image

Aug
26

ග්‍රහලෝකයෙන් පිටත සිදු වූ පළමු සයිබර් අපරාධය මෙය වේද?

Generic placeholder image

නාසා ගගනගාමියෙකු අභ්‍යවකාශයේ සිට බැංකු ගිණුම හැක් කල බවට චෝදනා ලැබ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගගන ගාමියෙකුට අයෙත් බැංකු ගිණුමකට නුසුදුසු ආකාරයෙන් ප්‍රවේශ වූ බවට චෝදනාවක් මෙලෙස නාසා ආයතනය විමර්ශනය කරන බව වාර්තා වෙනවා. මේ වසර මුලදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 203 ක් අභ්‍යවකාශයේ ගත කළ නාසා ගගනගාමී මැක්ලේන්, අනන්‍යතා සොරකම් […]


Aug
26

පෘථිවියේ හදවත වන ඇමසන් ගිනිදැල් නිවන්නට එක්වන්නැයි පාප් වහන්සේගෙන් ලෝකයට ඇරයුම්

Generic placeholder image

පෘථිවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි ශුද්ධෝත්තම පළමු වන ෆ්රැන්සිස් පාප් වහන්සේ ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින්ය. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ සමස්ථ ප‍්‍රජාවගේම යහපැවත්ම උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවත් […]


Aug
26

එජාපෙන් තීරණාත්මක සාකච්ඡාවක්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් ඇතුළු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ සතියේදී පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මේ සතිය තුලදී ජනපති අපේක්ෂකයා රට හමුවේ අනාවරණ කිරීමයි මෙහි අරමුණ වන්නේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කලේ එමෙන්ම එක් පක්ෂයකට මෙවර ජනාධිපතිවරණය ජය ගැනීම අපහසු කටයුත්තක් බවත්, […]


Aug
26

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව , දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. (50-75) ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වන්නේ. එමෙන්ම උතුරුසහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, […]


Aug
25

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට අදත් වර්ෂාවෙන් බාධා

Generic placeholder image

ශ්‍රී ලංකා නවසිලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 04 වන දිනය වන අද දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන අතර ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 196 රැස් කරගෙන සිටියා. දෙවන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා […]


Aug
25

අධිවේගී මාර්ගයට හොරෙන් ඇතුළු කළ ත්‍රීරෝද රථයක් ගිනි ගනී

Generic placeholder image

ඊයේ පස්වරුවේදී හම්බන්තොට අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස හොරෙන් ඇතුළු කල ත්‍රීරෝද රථයක් ධාවනය කරමින් සිටිය දී ඇති වූ කාර්මික දෝෂයක් මත ගිනි ගෙන ඇති බව වාර්තා වෙනවා. ගින්නෙන් ත්‍රීරෝද රථය මුළුමනින්ම පිලිස්සී අධිවේගී මාර්ගයේ කොටසකටද බරපතල හානී සිදු වී ඇති බව වාර්තා වෙනවා. හම්බන්තොට අධිවේගී මාර්ග පිවිසුමේ සිට පස්වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මෙම […]


Aug
25

මවකට හා දියණියකට බස් රථයක් තුල හිරිහැර කළ පොලිස් සැරයන්ට මගීන්ගෙන් ගුටි

Generic placeholder image

හම්බන්තොට බස් රථයක ගමන් ගත් මවකට හා දියණියකට හිරිහැර කළ බව කියන පොලිස් සැරයන්වරයෙක්ව පසුව අදාළ බස් රථයේ ගමන් ගත් මගීන් විසින් අල්ලා හම්බන්තොට පොලිසියට භාර දී තිබෙනවා. තිස්සමහාරාමයෙ ප්‍රදේශයේදී බස් රථයට ගොඩ වී ඇති පොලිස් සැරයන්වරයා බස් රථයේ පසුපස අසුනේ සිට ඇති අතර අතරමග ස්ථානයකින් මවක් සහ දියණියක් අදාළ බස් රථයට ගොඩ වී තිබෙන […]


Aug
25

බෙල්ලන්විල අවසන් මහා රන්දෝලි පෙරහැර සාර්ථකව නිමවේ – ගෝඨාභයත් බෙල්ලන්විලට

Generic placeholder image

බෙල්ලන්විල රජමහා විහාරස්ථාන වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා.එමෙන්ම මෙම අවස්ථාව දැක ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව බෙල්ලන්විල රජමහා විහාරාස්ථ වාර්ෂික ඇසළ පුණ්‍යෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීම ගෝඨාභය රාජපක්ෂ අතින් සිදුකෙරුණු අතර පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී […]


Aug
25

ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර ප්‍රකාශ කලේ ලබන සතියේ එළඹෙන අඟහරුවාදා සිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡා වටයක් ආරම්භ වන බවයි. එහිදී තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත තිබෙන බවත් විශේෂයෙන් එහිදී ඉදිරියේදී සිදු කරනු ලබන වැඩපිළිවෙල ගැන සාකච්ඡා කෙරෙන බවයි වර්තා වන්නේ. […]


Aug
25

කළගුණදත් ආදර්ශමත් යුධ හමූදාපති

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 23 වන යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ධුරයේ සිය රාජකාරි ආරම්භ කිරීමත් සමග ප්‍රථමයෙන් ම පසුගිය යුද සමයේ තමා සමග උරෙනුර ගැටී රුදුරු යුධබිමෙහි සටන් කළ තම වීරෝදාර සෙබලුන්ගේ සුව දුක් විමසීමට එක් වුණා. බොහෝ විට සම්ප්‍රදායක් ලෙස රාජ්‍ය සේවයේ ඉහලම නිලතල ලැබූවෝ පළමුව සිදුකරන්නේ ප්‍රභූන් හමු […]


Aug
25

පිතිකරු ලැයිස්තුවේ ස්ථාවර තැනක් දුන්නොත් වඩා හොදයි – ධනංජයගෙන් ඉල්ලීමක්

Generic placeholder image

සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ධනංජය ද සිල්වා ප්‍රකාශ කලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථාවර ස්ථානයක් හිමිවන්නේ නම් තමන්ට තරගාවලියක සාර්ථක වීමට හැකි බවත් කුමන බාධක පැමිණියත් කණ්ඩායම වෙනුවෙන් සිදු කළ හැකි උපරිමය හැම තරගයකදීම සිදු කරන බවත් ය. නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් […]


Aug
25

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පෙනී සිටින ලෙස ජනපතිටත් ඇරයුම්

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි දිනයක් සහ වේලාවක් ඒ සදහා ලබාදෙන ලෙස එම නිවේදනය වැඩි දුරටත් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේවෙතත් තමන් පාර්ලිමේන්තු විශේෂ […]


News Articles
Latest Videos
Most Popular Post