තමන් රට ගොඩනගන වැඩපිළිවෙළට අවතීර්ණ වී ඇති බව ඊයේ (01දා) හම්බන්තොට පැවැති වැඩසටනකදී ජනතාව අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. එහිදී එතුමා මෙලෙස අදහස් පළ කළා. “වෙන කථා දෙකක් නෑ. මම වැඩේට බැහැලා ඉන්නේ. මොකක්ද මේ වැඩේ රට ගෙඩනගන වැඩසටහන, ජනතාව ශක්තිමත් කරන, ජීවත් කරවන, මාතෘ භූමිය ලොවම ජයග්‍රහණය කරන වැඩසටහන. මගේ ප්‍රාර්ථනාව රටේ […]
ආණ්ඩුව ගනු ලබන ඕනෑම තීරණයක් රටේ ජනතාවගේ ජන ජීවිතයට සෘජුව බලපාන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ හංවැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළා. ග්‍රාමීය ප්‍රජාව විසින් දේශපාලකයන්ගෙන් තමන්ට ප්‍රයෝජනයක් නැති බව ප්‍රකාශ කිරීම ඉතාම ප්‍රාථමික ඝණයේ ප්‍රකාශයක් බවත් කිසිවෙකුට තමන්ගේ ප්‍රශ්න තනිව විසඳාගත නොහැකි බවත් ඒ මහතා සදහන් […]
ඔස්ටේලියාව සහ එංගලන්තය අතර බර්මිංහැම් හිදී පැවැත්වෙන අලු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් ලබා සිටි අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ටේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් සියලු […]
එළැඹෙන 05 වැනිදා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අදියර 03 ක් යටතේ සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පළමු අදියර මෙම මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වාත්, දෙවන අදියර සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වැනිදා දක්වාත් ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි. සැප්තැම්බර් 24 වැනිදා සිට ඔක්තෝම්බර් 08 වැනිදා දක්වා […]
මෝදර – මුතුවැල්ල මාවත ශාන්ත ජේම්ස් හන්දියේ සිට ඩිලාසල් හන්දිය දක්වා වූ මාර්ගයේ අද (02) රාත්‍රී 10.00 සිට ලබන 5 වන දා අලූයම 5.00 දක්වා රථ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා. ජල නළ එලීමේ කටයුත්තක් හේතුවෙන් එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ලබන 9 වන දා […]
ශ්‍රී ලංකාව තුළ රත්‍රං ගවේෂණය සඳහා විදේශ ආයෝජනයන්හි අවධානය යොමුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සදහන් කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන මහතා කියාසිටියේ, උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වීමෙන් පසුව එම ප්‍රදේශ මායිම් ගම්මානවල ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ආයෝජන මණ්ඩලය හරහා මේ වනවිට විදේශ ආයෝජන ලැබෙනමින් පවතින බවයි. ඒ අනුව රත්‍රං […]
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (02) පස්වරුවේ පැවැත්වෙනවා. කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත අතර ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ප‍්‍රධාන පුහුණුකරු ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයට බංග්ලාදේශ තරග සංචාරයෙන් පසු […]
තායිලන්තයේ බැංකොක් අගනුවර පිපිරිම් 06ක් සිදුව තිබෙනවා. මින් එක පිපිරිමක් තායිලන්තයේ උසම ගොඩනැගිල්ල ආසන්නයේ සිදුව ඇති අතර පුපුරා නොගිය තවත් බෝම්බ කිහිපයක්ම එරට ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබෙනවා. පිපිරිම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයේ සමුළුව අද (02) පැවැත්වෙන […]
අනිද්දා (04) දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින සෑම දරුවෙකුගේම විභාග අංකය දරුවාගේ ඇඳුමේ වම්පස ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙස විභාග දෙපාර්තුමේන්තුව දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා. විභාග මධ්‍යස්ථාන දෙදහස් නවසිය අනූපහකදී විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා ශිෂ්‍ය ශිෂ්‍යවන් තුන් ලක්ෂ තිස් නවදහස් තුන්සිය හැට නවයක් පෙනීසිටීමට නියමිතයි. පළමු ප්‍රශ්න පත්‍රය උදෑසන 9.30 සිට 10.15 දක්වාත්, දෙවැනි ප්‍රශ්න […]
අසාමාන්‍ය ලෙස මුඛය තුළ දත් 526 ක් තිබූ 7 හැවිරිදි පිරිමි දරුවෙකු ඉන්දියාවෙන් හමුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ හකු වේදනාවකට ප‍්‍රතිකාර ලබා ගැනීමට සදහා අදාළ දරුවා දෙමාපියන් සමග නවදිල්ලි නුවර රෝහලකට පැමිණි අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඔහුගේ මුඛයේ අසාමාන්‍ය තත්වයක් නිරීක්ෂණය කර ඇති බවයි. පසුුව වෛද්‍යවරුන් විසින් දරුවාගේ මුඛය ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබුණා. එහිදී […]
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින ධීවරයින් වහාම එම ප‍්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් දක්වා ගමන් කරන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පත්මප‍්‍රිය තිසේරා මහතා සදහන් කලේ අදාළ මුහුදු ප‍්‍රදේශයේ අයහපත් කාලගුණ තත්ත්වය හා දැඩි සුළං පැවතීම හේතුවෙන් මෙම දැනුම් දීම කළ බවයි. පුත්තලම සිට මන්නාරම සහ […]
සෞදි අරාබියේ කාන්තාවන්ට වැඩිහිටි භාරකරුවෙකුගේ අවසරය නොමැතිව විදෙස් ගතවීමට අවසර ලබාදීමට එරට රාජකීය පාලනය විසින් අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව අවූරුදු 21 සම්පුර්ණ වූ කාන්තාවන්ට වැඩිහිටි භාරකරුවෙකුගේ අවසරයකින් තොරව විදේශ ගමන් බලපත්‍රය සදහා අයදුම් කිරීමට හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම සෞදි අරාබියේ කාන්තාවන්ට සිය දරු උපත් ලියාපදිංචි කිරීම, විවාහය සහ දික්කසාදය […]