බැටික්ලෝ කැම්පස් ආයතනයට සෞදි ආරබියේ තහනම් සංවිධානවලින් මුදල් ආධාර ලබාදී ඇතැයි තහවුරු වීම නිසා එහි නිර්මාතෘ,නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතු බව උන්වහන්සේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා. කෝටි 1757 පිළිබඳව […]
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වන්නේ අධිකරණ තීන්දුවකින් පමණක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
පාස්කු ඉරු දින ප්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ආණ්ඩුවට එල්ල කරන සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද පැවති සත් විරු අභිමන් 2019 රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් එතුමා මෙම අදහස් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ පිටකොන්දක් නොමැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළද […]
හොංකොං හි යොං-ලොංග් ප්‍රදේශයේ දුම්රිය ස්ථානයකට කඩාවැදුණු පිරිසක් සිදුකළ පහරදීමකින් පුද්ගලයන් 45 දෙනෙකු තුවාල ලබා ඇති අතර සුදු පැහැති ඇඳුමින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි මෙම පිරිස බැටන් පොලූවලින් දුම්රිය ස්ථානයේ සිටි පුද්ගලයන්ට පහරදී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. පහරකෑ අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. පහරදීමට හේතුව සහ එය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් […]
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ කතාබහ කරන පාර්ශ්ව සිදු කරන්නේ රටේ පවතින ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කිරීම නොව අපේක්ෂකයින් තෝරාපත්කර ගැනීමට කටයුතු කිරීම පමණක් බව ගිරාඳුරුකෝට්ටේ අලුයටවෙල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. රටේ පවතින ගැටළු විසදීම සඳහා ඇති ඉදිරි ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවට අපේක්ෂකයා ඉදිරිපත් කරන දිනය […]
පසුගිය අප්‍රේල් මස 21 දා සිදු කළ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් තමා වෙත සපයන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (22) වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව කොපමණද, සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ වල වත්මන් තත්ත්වය […]
අභාවප්‍රාප්ත වු ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පිරීම් මහත්මියගේ අවසන් කටයුතු එළඹෙන බදාදා (24) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. කුසුම් පිරීම් මහත්මියගේ දේහය අද (22) සවස 6ට පමණ නිවසට රැගෙන ඒමට කටයුතු කරන බවත් අවසන් කටයුතු ඇල්දෙණිය පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බවත් එතුමියගේ […]
රජයේ ලියාපදිංචි වී ඇති සියලුම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගියදා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ […]
රටේ යහපත් සමාජයක් ගොඩනැගිමේ දී ප්‍රබලම අභියෝගාත්මක මධ්‍යස්ථානය බවට අද වැලිකඩ හිරගෙදර පත්ව ඇති බව අද (22) පෙරවරුවේ මිනුවන්ගොඩ රෙජී රණතුංග විද්‍යා පාසලේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. පසුගියදා නාවික හමුදාව මගින් මුහුදේ දී හෙරෝයින් කිලෝග්‍රෑම් 270ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථන පරික්ෂා කිරීමේ දී එම කටයුතු මෙහෙයවා ඇත්තේ ද […]
පාන් පිටි සහ කිරි පිටි සඳහා මිළ සුත්‍රයක් හඳුන්වාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව වැඩබලන කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා. ඒ අනුව අමාත්‍යවරයා පවසන්නේ ඒ අනුව ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම් වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි. කැබිනට් මණ්ඩලය හා ජීවන වියදම් කමිටුවත් ඊට අදාළ […]
වොල්ට් ඩිස්නි සමාගම නිෂ්පාදිත අන්තර්ජාතික චිත්‍රපටයක් ලෙස පසුගියදා එළි දැක්වුණ ‘ලයන් කිංග්’ නමැති චිත්‍රපටයේ හින්දි පිටපත වෙනුවෙන් ෂාරුක් ඛාන් හා ඔහුගේ පුතු ආර්යන් සජීවී සතුන්ට හඩ කැවීම සදහා සම්බන්ධ වී තිබෙනවා. එහි හින්දි භාෂා ප්‍රතිනිර්මාණය සිදු කිරීමේදී ප්‍රධාන චරිතය වූ මුසාෆා සිංහයාට ෂාරුක් කානුත් මුසාෆාගේ පුතු වූ සිම්බා සිංහ පැටවාට ෂාරුක් කාන්ගේ පුතු ආර්යනුත් හඩ […]
පාසල් සිසුන් මන්දපෝෂණයෙන් ගලවා ගැනීම හා ගම්බද කිරි ගොවීන්ගේ ආදායම් වර්ධනය කිරීම අරමුණු කොටගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කර ඇති ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ දිවයිනේ පාසල් සිසුන්ට කිරි වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන අතර මෙහි පළමු අදියර යටතේ කනිෂ්ඨ පාසල් 950ක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුසිසුවියන් ලක්ෂ […]