News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

කෝටි තුනකට අධික රන් බිස්කට් තොගයක් අත්අඩංගුවට

Generic placeholder image

රුපියල් කෝටි තුනක පමණ වටිනාකිමින් යුතු රත්ත්‍රං බිස්කට් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටතට රැගෙන එමින් සිටින විටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Apr
11

අයිතිකරුවෙක් නැති හෙරොයින් තොගයක් මරදානෙන් හමුවෙයි

Generic placeholder image

අයිතිකරුවෙක් නොමැති හෙරොයින් මරදානෙන් හමුවී තිබෙනවා. ලැබෙන තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් සිදු කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා. මෙලෙස සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රැම් 01යි මිලිග්‍රෑම් 30ක්. සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Apr
11

රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යළි රිමාණ්ඩ්

Generic placeholder image

මකඳුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී සාදයකට සහභාගී වී මෙරටට පිටුවහල් කරන ලද රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


Apr
11

ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරියකට ගම්වාසින්ගෙන් ප්‍රහාරයක්

Generic placeholder image

ගම්වාසින් විසින් සිදු කරන ලද පහර දීමකින් මාතර වැලිගම ප‍්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරියක් ප්‍රතිකාර සඳහා වැලිගම දිසා රෝහල වෙත ඇතුලත්ව කර තිබෙනවා. මෙසේ ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ මිරිස්ස කොට්ඨාසය නියෝජනය කරමින් මෙවර ප‍්‍රාදේශිය සභාවට පත්වුණු වත්සලා දමයන්ති මහත්මියයි. බවුසරයක් මගින් ජලය බෙදිමේ කටයුතුවල නිරතවි සිටින අතරවාරයේ මාතර මිරිස්ස ප‍්‍රදේශයේදි මෙම ප‍්‍රහාරය එල්ල වී […]


Apr
11

බීමත් රියදුරන්ට වැඩ වරදියි

Generic placeholder image

අද (11දා) සිට 20 වැනිදා දක්වා කාල තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කරන බවයි. ජනවාරි, පෙබරවාරි මාස වල බීමත් රියැදුරන් දහනවදහස් දෙසිය හතළිස් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එතුමා සඳහන් කළා.


Apr
11

පෙරපාසැල් ගැන විශේෂ අවධානයක්

Generic placeholder image

පෙරපාසල් වල ඉගැන්විය යුතු විෂය නිර්දේශය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කිරීමේ වැඩපිලිවෙලක් කොළඹ මහනගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා. කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


Apr
11

විදුලි කප්පාදුව අදින් අවසන්

Generic placeholder image

අද සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කලේ විදුලිබල අර්බුදයට අදියර 03 ක් යටතේ නිසි විසදුම් ලබා දීමට පියවර ගෙන ඇති බවයි. වියළි කාලගුණික තත්වයක් මත ජල විදුලි බලාගාර අවට ජලාශ වල ජල මට්ටම අඩු වීම හේතුවෙන් විදුලි අර්බුදයක් මතු වුණා. ඊට […]


Apr
11

මාලිංග චන්දිමාල් ගැටෙන අවසන් තරඟය අද – සජීවී විකාශය මෙතනින්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ සුපිරි ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. කොළඹ හා ගාල්ල කණ්ඩායම අතරඑම තරන්නය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි. දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්ඩායමේ නායකත්වය දරණ අතරගාල්ල කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගය විසින් දරණු ලබනවා. කණ්ඩායම් දෙක මූලික වටයේදී මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් පරාජය පත්කලා. කොළඹ සහ ගාල්ල කණ්ඩායම් දෙකම සමබර තත්ත්වයක […]


Apr
11

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතයි. පලාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්එහිදී අවධානය යොමු කරනු ඇතී. මැතිවරණ කොමෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පසුගිය 07 වනදා ලිපියක් ද යොමු කලා. ඒ පලාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස ඉල්ලමින්. පලාත් සභා මැතිවරණය […]


Apr
11

වංචනික වෙළඳුන්ට නඩු

Generic placeholder image

වංචනික වෙළඳුන් 578 කට නඩු පවරා ඇති බව මහජන පරීක්ෂකවරුනගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා. එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගිය මාර්තු 25 වනදා සිට දීප ව්‍යාප්තවවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. ලබන 12 වනදා දක්වා වැටලීම් ක්‍රියාත්මකයි. මේ සදහා මහජන පරීක්ෂකවරුන් 1 800 ක් අනුයුක්ත කර තිබෙනවා.


Apr
11

ලොව විශාලතම මැතිවරණය අද ඉන්දියාවේ

Generic placeholder image

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණය අද ආරම්භ වෙනවා. මහ මැතිවරණයේ දී ඉන්දීය ලෝක් සභාවට නියෝජිතයින් 543 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි. අද ආරම්භ වන මහ මැතිවරණය මැයි 19 වැනිදා දක්වා සති හයක කාලයක් පැවැත්වෙනවා.එම සති 06 තුළදී සියලූ ප්‍රාන්ත කොටස් 07 කට ඛෙදා අදියර 07 ක් යටතේ ජන්ද විමසීම පැවැත්වීමට […]


Apr
11

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ගැටළුවක්

Generic placeholder image

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ආනයනික පලතුරු සම්බන්ධයෙන්ද ගැටලූ පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post