පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රිවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඵල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොකෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන් වර්ගවත් අපි භාවිතා නොකරන නිසයි යනුවෙන් පා.ම උදය ගම්මන්පිල මහතා පැවසිය. අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු […]
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අලුගෝසුවන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, මෙම මස 21 හා 22 යන දෙදින තුළ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී සිදු කෙරෙන බව බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. එම තනතුර සඳහා පුද්ගලයින් එකසිය දෙදෙනෙකු (102) අයදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් හැත්තෑ නව දෙනෙකු (79) එකී සම්මුඛ පරීක්ෂණය සඳහා කැදවන බවද, එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් […]
ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස ජපානයේ කානේටනාකා ගිනස් වාර්තා පොතට ඇතුළු වී තිබෙනවා. 1903 වසරේ ජනවාරි දෙවනදා උපත ලැබූ ටනාකා 116 වන වියේ පසුවනවා. ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස තේරී පත්වූ ගිනස්වාර්තා සටහන ඇයට ලබා දුන්නා. සෑම දිනකම උදෑසනින් අවධිවන ඇය ගෙවන සෞඛ්‍ය සම්පන්න ජීවිතය හේතුවෙන් මෙතක් කල් තමන්ට ජීවත්වීමට හැකිවූ බවයි ටනාකා පවසන්නේ. ඇගේ වයසට සාපේක්ෂව […]
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල අද (18) පස්වරුවේ තද වැසි පතිත විය. අද පස්වරු 3.15 සිට පස්වරු 3.45 දක්වා බගවන්තලාව, නොර්වුඩ් සහ හැටන් යන ප්‍රදේශවලට තද වැසි පතිත විය. කාසල්රි ජලාශයට යාබදව පිහිටි නොර්වුඩ් නගර සිමාවේ ස්ථාන කිහිපයකට වර්ෂාවත් සමග අයිස් වැසි පතිත වු බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. කාසල්රි සහ මවුස්සාකැලේ ජල […]
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ස්ථිර ලෙසම ඉදිරිපත් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසනවා. කුළියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
අපේ පක්ෂයේ ස්වාමීන් වහන්සේලාට කිසිම විටක නාමයෝජනා දෙන්නේ නෑ යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසිය. අමාත්‍යතුමිය මෙම අදහස් පළ කළේ නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව දියත් කර ඇති සිසු දහම් සෙවන වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 40 ක් වැය කරමින් ඉදි කිරීමට නියමිත බලංගොඩ සමනලගම […]
‘Pick Me’ ආයතනය යටතේ ත්‍රි‘රෝද රථ ඇතුළුව වාහන ධාවනය කරන පිරිස්වලට ඇතිවී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා එම ආයතන ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ‘Pick Me’ වාහන හිමියන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. අදාළ ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් මෙම විරෝධතාව අඛණ්ඩව සිදුකරන බවද සමස්ත ලංකා කුලීරථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමය සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ […]
මහ බැංකු බැඳුම්කර සිදුවිමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධයෙන් තම ප්‍රතිප්තිය සිංගප්පූරුව විසින් පැහැසිලි කළ යුතුව ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. අල්ලස හා දූශණ තුරන් කිරිමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්විමේ අවස්ථාවට අද (18දා) කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙම කරුණ […]
නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය වසර තුනකට අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18දා) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරිමේ චෝදනාවට වරදකරු කරමින් ඔහුගේ නීතිඥභාවය මෙසේ වසර තුනකට අත්හිටුවන ලදි. මේ සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතා විජිත් මලල්ගොඩ මහතාගෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා සිටියත් අභියාචනාධිකරණයේ කළ ක්‍රියාව සුළුකොට තැකිය නොහැකිබව […]
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ශාඛාවක් අරලිය ගහ මන්දිරයේ නොපවතින්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අමාත්‍ය සාගල රත්නායක මහතා අභියෝග කළේය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ කාර්යාලයක් අරලිය ගහ මන්දිරියේ ස්ථාපිත […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැංවිමට අදාළ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු පිරිස සකස්කළ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම එම වාර්තාව ක්‍රිකට් ආයතනය නොයවන ලෙසත් පාර්ලිමේන්තුව තුළ සහයෝගය ලබාදිමට සූදානම් බවත් දයාසිරි […]
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද (18) දහවල් කාලයේ ජනන යන්ත්‍රය අක්‍රීය වීම සිදුව ඇති බවයි. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී […]