ඉදිරි දෙවසර තුල මැතිවරණ තුනක් අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික්කයේ විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීන් අමතමින් ඔවුන්ට ඊට සුදානමින් ඉන්නැයි ප්‍රකාශ කළේය. ඒ අනුව 2020 ඔක්තෝම්බර් මස 31 වන දින වනවිට පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා අවසන් කළ යුතු බව […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නැති බවට පැහැදිලි යැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ප්‍රකාශ කරනවා. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණා. “අපි කිව්වේ ඔක්තෝබර් 26 දායින් පසුව ඇතිව තිබෙන ප්‍රශ්ණ විසඳහන්න […]
ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙක් භාවිතා නොකළ ආකාරයට වර්තමාන ජනාධිපතිවරයා විධායක බලතල භාවිතා කරන බවත් ඔහු ව්‍යවස්ථාවේ නැති බලතල ආරූඨ කරගෙන කටයුතු කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා , “පාර්ලිමේන්තුවේ බහුතරය අවස්ථා ගණනාවකදී අපි පෙන්වලා තිබෙනවා. මේක […]
වත්මන් දේශපාලන අර්බුද විසඳා ගැනීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තවත් පාර්ශ්ව කිහිපයක් අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර ඊයේ (29) පස්වරුවේ ඇතිකර ගත් එකගතාවන්ට අනුවයි මෙම […]
පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගමෙන් 2018 වර්ෂයේ ජූලි මස සඳහා ප්‍රවාහන දීමනාවක් ලෙසට රුපියල් 95000 ක් ලබා ගෙන ඇති බවට අද (30) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරනයේ දී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව එම මුදලට අදාල රිසිට් පත්‍රය ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය පාලකයා විසින් විවෘත අධිකරණයේ හඳුනාගනු ලැබුවා. සාක්ෂිකරු මෙම කරුණු අනාවරණය කළේ හිටපු […]
ජාතික ගුවන් විදුලි සංස්ථාව පක්ෂග්රාහීව කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ සජීවී විකාශය සිදුකිරීම සඳහා එම සංස්ථාවට මුදල් ගෙවීම් කර ඇතැත් ඔවුන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විකාශය සිදු නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තමන් ලේකම්වරයා දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය ස්ථාපිත කිරීමට සහාය දැක්වුවත් කිසිසේත්ම ආණ්ඩුවට එක්නොවන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. අද (30දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරියටත් විපක්ෂයේ සිට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අද (30) සම්මත කර ගැණුනු යෝජනාවට පක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව ඊයේ (29) දිනයේ සම්මත කරගත් යෝජනාවට හිමි වූ ඡන්ද සංඛ්‍යාවට වඩා එකකින් අඩු වී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පැවසුවේ ඊට හේතු වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පෞද්ගලික කරුණක් මත අද පාර්ලිමේන්තු නොපැමිණීම බවයි. ඒ පිළිබඳ මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් […]
මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ගොනු කළ පෙත්සම පිළිබඳ නඩු විභාගය කල් තබා තිබෙනවා. ඒ එළඹෙන දෙසැම්බර් මස 03 වැනිදා දක්වායි.
එක්සත් ජාතික පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් නමුත් එම මැතිවරණ පැවැත්විය යුතු වන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති තත්ත්වය යටතේ බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය සඳහන් කරනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ මැතිවරණ පැවැත්වෙන කාලයේදී භාරකාර රජයක් පවත්වා ගැනිම ගැටලුවක් බවයි. ඔක්තෝබර් 26 දා ට පෙර පැවැති තත්ත්වය යටතේ මහ මැතිවරණයක්, ජනපති මැතිවරණයක් […]
ආදිවාසීන් නියෝජනය කරමින් අපේ රැහේ අයෙක් දදේශපාලනයට පිවිස තිබෙන බවත් වත්මන් පාර්ලිමේන්තුව ආදර්ශයක් කරගනිමින් ඉදිරියේ දී ඔහු ද පක්ෂ මාරු කර වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මෙන් නුසුදුසුව කටයුතු සිදුකරතැයි බියක් මතුවන බව වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රකාශ කරනවා. ඊයේ මහනුවරදී පැවති විජයග්‍රාහී ජාතික සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවු අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළ සිටියේ ය. මහජන නියෝජිතයන් […]
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළා. ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.