ශාරීරික සුවතා, ව්‍යායාම හෝ මංතීරුවල ඇවිදීමේදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ, එහිදී සමාජ දුරස්ථාභාවය පවත්වා ගැනීම වැදගත් වන බවයි
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව එම […]
සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බස් රථවල ධාවන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ, නිකුත් කර ඇති සෞඛ්‍ය උපදෙස්වලට මුල්තැන දෙමින් බස් රථ ධාවනය විය යුතු බවයි. ආසනගත මගීන් ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීම සඳහා දීප ව්‍යාප්තව විශේෂ කණ්ඩායම් අනියුක්ත කර ඇතැයි ද එම […]
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය මෙම සතිය තුළ දැනුම් දෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ, මනාප අංක අද දිනයේදී සියලුම පක්ෂ වෙත ලැබීමට සලස්වන බව ය. මේ අතර ආදර්ශ ඡන්ද විමසීමක් මෙම සති අන්තයේ ද, දිවයිනේ […]
නවසීලන්තය තුළ කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේ්දනය කර තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා විමක් සිදුවි නොමැති බවයි. සෞඛ්‍ය අංශවල නිගමනයට අනුව මේ වන විට නවසිලන්තය කොවිඩ් […]
බස් ගාස්තු වැඩි නොකිරීමට සියලු බස් සංගම් ඊයේ (08) දින එකඟ විය. එමෙන්ම ලංගම හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට ක්‍රියාත්මක කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ පැවැත්විය. යාන්ත්‍රික දෝෂ සහිත බස් අලුත්වැඩියාවට ලක්ෂ 3ක ණයක් ලබා දීමට එහිදී තීරණය විය. ප්‍රමාද වූ ලීසිං වාරික සඳහා සහන කාලයක් මෙන්ම […]
මහ මැතිවරණය පැවැත්විමට අදාල අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද(09) දින නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හරහා අපේක්ෂකයින් වෙත අද පෙරවරුවේ සිට මනාප අංක නිකුත් කරන බවයි. මැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය. සෞඛ්‍ය […]
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට ලබන 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද(08) යළි නොතීසි නිකුත් කළා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබෙන එම පෙත්සම අද ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරුණි. මෙම නඩුවට අදාළ ලිඛිත […]
ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය කණ්නඩ රංගන ශිල්පියෙකු වූ චිරන්ජීව් සර්ජා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මොහු මිය ගිය බව එරටින් වාර්තා වන අතර මිය යන විට මොහු 39 හැවිරිදි වියේ පසුවූවා.
කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර […]
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කීපයේ දී පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි. බස්නාහිර, වයඹ හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර […]
ගොඩගම දුම්රිය ස්ථානය ආසන්නයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් අද උදැසන කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්මේන්තුව සදහන් කරනවා.