මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාමික මේජර් […]
මෙරට සියලූදෙනා ඉදිරි මාස 09 ක කාලය තුළ ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ කොළඹ පැවති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ 61 වන වාර්ෂික සැසිවාරය අමතමින්. සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි මාස 04 තුළ දිවයිනේ සියලූ රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීම සදහා විදේශීය සමාගමක ආයෝජන ද […]
බංග්ලාදේශයේ සංචාරයකට සහභාගී වන ලෙස එරට අගමැතිනි ෂෙයික් හසිනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා. බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය මුස්තෆා කමල් අග්‍රාමාත්‍යවරයා වෙත මේ බව සදහන් කළේ වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව පැවැත්වුණු ද්විපාර්ශවික සාකච්ඡාවේදී. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා තව තවත් සමීප කරලීමට සඳහා නිරන්තර සාකච්ඡා ඔස්සේ ක්රිකයාකාරී සැලසුමක් දියත් කළ […]
මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ මින්නේරිය වනජීවී කාර්යයාලයේ ඊයේ හටගත් උණුුසුම් තත්වයත් සමගයි. වනජීවි කාර්යයාලයේ රදවාගෙන සිටි සැකකරුවෙකුව නාදුනන පිරිසක් පැමිණ නිලධාරින්ට පහර දී රැගෙන ගොස් ඇත්තේ ඊයේ රාත්රියේදීයි. පහරදීම සදහා සියයකට අධික පිරිසක් පැමින ඇති බවයි වාර්තා වන්නේ. පහර කෑමට ලක් වු මින්නේරිය වන ජිවි කාර්යාලයේ සිටි නිලධාරින් […]
ගත වූ පැය 24 තුළ සිදවූ රිය අනතුරු 03 කින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බදුල්ල අලූගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී යාමෙන් අනතුරක් සිදු වුණේ අද පෙරවරුවේදීයි. අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ බදුල්ල […]
අකුරැස්ස බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී ඊයේ රාති‍්‍රයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර්ගයේ ගමන් කළ මෝටර් රථයකට මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ. මෙලෙස වෙඩි ප්‍රහාර එල්ල වී ඇත්තේ 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ගමන්ගත් මෝටර් රථයකටයි. වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයට හානියක් සිදුව නැහැ. මේ අතර මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී ඊයේ […]
ගල්කිස්ස, බොරැල්ල සහ බදුල්ල ප්‍රදේශවලදී හෙරොයින් සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 210 ක් සමග ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 530 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැුල්ල ප්රදේශයේදීයි. 29 හැවිරිදි සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියා. ජනාධිපතිතුමා සමඟ එම අවස්ථාවට අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ද එක් වුණා. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පල […]
පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලූ සාගර නැමැත්තාගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකදී යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 630ක් , ජංගම දුරකථන 2ක් […]
වියට්නායමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහාඅග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලූයම වියට්නායමය බලා දිවයිනෙන් පිටත්ව ගියා. අලූයම 01:10 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස් කිස් 169 ගුවන් යානයෙන් අග්‍රාමාත්‍යවරයා සහ 08 දෙනෙකුගෙන් යුත් ¥ත පිරිස වියට්නාමය බලා පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ සියත වාර්තාකරු සදහන් කළේ. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන තේමාව […]
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සැකකරුවන් රිවෝල්වරයක් සහ කඩුවක් ද සමග ඊයේ හික්කඩුව පොලිස් ස්ථානයට පැමිණ භාර වීමෙන් අනතුරුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18 ත් 21 ත් අතර වයස් කාණ්ඩවල පසුවන හික්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 05 දෙනෙක්. සැකකරුවන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. හික්කඩුව ප්‍රදේශයේ […]
සර්වඥ කේෂ ධාතූන් වැඳ පුදා ගැනීමේ අවස්ථාවක් අද (25) සහ හෙට (26) උදාවෙනවා. ඒ කොළඹ 09 , දෙමටගොඩ, ආරාමය පාරේ තියෙන ශ්‍රී වික්‍රමසිංහාරාම මහා පිරිවෙන් විහාරයේදී. උදෑසන 6 ඉඳන් රාත්‍රී 9 වෙනකන් ශ්‍රී සර්වඥකේශ ධාතූන්වහන්සේලා එහිදී ඔබට වන්දනාමාන කරගන්න පුලුවන්. අද (25) සහ හෙට (26) මහජන වන්දනාව උදෙසා ප්‍රදර්ශනය කෙරෙන ශ්‍රී සර්වඥ කේශ ධාතූන්වහන්සේලා ඉන් […]