News Line| Off Air
Generic placeholder image

Feb
7

නවසීලන්තය පරදා බංග්ලාදේශය පළමු වරට 19 න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයට

Generic placeholder image

වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට පළමුවරට සුදුසුකම් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් වුණා. නවසීලන්ත 19න් පහළ කණ්ඩායම පරදවා ජය ගනිමින්. වයස 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ලබන ඉරිදා දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Feb
7

එස් ටී එෆ් නව අණ දෙන නිළධාරීයා පත් කෙරේ

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, අදාළ තනතුර සඳහා පොලිස්පතිවරයා විසින් යෝජනා කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුගේ නම් සළකා බැලීමෙන් අනතුරුවයි. නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණදෙන නිලධාරියායි. 1985 වසරේ ජනවාරි මස 20 වැනිදා උප […]


Feb
7

කොරෝනා ගැන පළමු වරට අනාවරණය කල චීන වෛද්‍යවරයාත් යයි

Generic placeholder image

කොරෝනා වෛරස හේතුවෙන් වාර්තා වු මරණ සංඛ්‍යාව 600 ඉක්වමා තිබෙනවා. වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 28 000 ක්. කොරෝනා වෛරසය ආසාදනය වී සම්පුර්ණ සුවය ලැබු චීන ජාතිකයින් 1 153 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කොරෝනා වෛරසය පිළිබද අණාවරණය සිදු කල චීන ජාතික වෛද්‍යවරයා මිය ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය […]


Feb
7

අදත් සවස් කාලයේ තද වැසි

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් බොහෝ ප්‍රදේශ ගණනාවකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. ඒ අනුව සබරගමුව පළාතේත් නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ 02 න් පසු තරමක තද වැසි අපේක්ෂා කල හැකි බවයි දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


Feb
6

ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්

Generic placeholder image

ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ත සහ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තවලට හදිසි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා. වසර දෙකකට පසු වාර්තා වන වැඩිම වර්ෂාපතනය එම ප්‍රදේශවලින් මේ වනවිට සටහන් වන බව විදෙස් මාධ්‍ය සදහන් කළා.


Feb
6

එංගලන්තයෙන් ගෙනා කසළ නැවත එරටට එවන්නැයි ඉල්ලීමක්

Generic placeholder image

එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා. එංගලන්තය විසින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශයට එම ඉල්ලීම නිල වශයෙන් ඉදිරිපත් කර ඇති බව පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා. අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය […]


Feb
6

ජොෆ්රා ආචර් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයෙන් ඉවතට

Generic placeholder image

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයෙන් ඉවත් කර තිබෙනවා. වැලමිටේ ආබාධය තවමත් සුව නොවීමයි ඊට හේතු වූ බව සදහන්. මෙම ආබාධය හමුවේ ඔහුට මාස කිහිපයක් ක්‍රීඩාවෙන් ඉවත්වී සිටීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ටෙස්ට් ක්‍රිකට් තරඟ දෙකකට සහභාගී වීම සඳහා එංගලන්ත කණ්ඩායම ලබන මස 3 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට […]


Feb
6

කොරෝනා හේතුවෙන් මනාල යුවළක් නොමැතිව මංගල උත්සවයක් පවත්වයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය පැතිරීමේ අවධානම හේතුවෙන් මනාල යුවල නොමැතිව පැවති මංගල උත්සවයක් පිලිබද සිංගප්පූරුවෙන් වාර්තා වනවා. අදාල මනාල යුවල තම විවාහ මංගල උත්සවයට පෙර චීනයේ සංචාරය කර ජනවාරි මස 24 වනදා යලි සිංගප්පූරුවට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් එම වෛරස පැතිර යා හැකි බවට බියෙන් කිසිදු අමුත්තෙකු ඔවුන්ගේ මංගල උත්සවයට සහභාගි වීමට කැමති වී නොමැති අතර […]


Feb
6

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ වෙයි

Generic placeholder image

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන ආරම්භ වී තිබෙනවා. රට වෙනුවෙන් වැඩ කිරීමේ සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් තරුණ ප්‍රජාව තිරසර සංවර්ධන ක්‍රියාවලයට විශ්වාසනීය හා තාර්කික පදනමක් මත දායක කර ගැනීම මෙහි අරමුණ වනවා. රැකියා අපේක්ෂකයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019 වසරේ දෙසැම්බර් මස […]


Feb
6

කොරෝනා සුවකිරීමේ මෙහෙයුමේ සිටි වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මිය යයි

Generic placeholder image

කොරෝනා වෛරසය සුව කිරීමේ මෙහෙයුමේ නිරතව සිටි චීන වෛද්‍යවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා. වීනයේ හෙන්ෂැන්ග් පළාතේ ප‍්‍රාදේශීය සායනයක පසුගිය ජනවාරි මස 25 වනදා සිට අඛණ්ඩව දින 10 ක් පැය 24 පුරා සේවය කිරීමෙන් මෙම වෛද්‍යවරයා දැඩි ආතතියට පත්ව මෙලෙස හෘදයාබාධයකින් මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ සදහන් කළා. ලොවපුරා පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ […]


Feb
6

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය වෙනුවෙන් තවත් රෝහල් 150 ක්

Generic placeholder image

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මගින් පහසුකම් ලබාදීමට රජය සැලසුම්කර තිබෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් පමණක් සිදුකරන සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාගැනීමේ වෛද්‍ය පරීක්ෂණය ඒ අනුව තවත් රජයේ රෝහල් 150 ක දී සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන්. ඒ අනුව එම සේවය මහරෝහල්, මුලික […]


Feb
6

කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 16 ක් තවමත් රෝහලේ

Generic placeholder image

නව කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ බවට සැකකෙරෙන රෝගීන් 16 දෙනෙකු මේ වන විටත් අයි.ඩී.එච් උණ රෝහල ඇතුලු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. අද පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. ඒ අනුව කොළඹ උණ රෝහලේ රෝගීන් 3ක්, ගාල්ල කරාපිටිය ශික්ෂණ […]


News Articles
Latest Videos
Most Popular Post