පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 3 වනදා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලිය කප්පාදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විශේෂ විමර්ශණයේ වාර්තාව ලබන අගහරුවාදාට පෙර දෙන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම් දී තිබෙනවා. විදුලි කප්පාදුවක් කිරීමට හේතු වූ සියලුම කරුණු සහ එය වළක්වා ගැනීමට නොහැකිවූ හේතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් දෙන ලෙස විමර්ශණය සඳහා පත් කර ඇති […]
කොරෝනා වෛරසය හේතුවෙන් හුදෙකලා නගරයක් බවට පත්ව ඇති චීනයේ වූහාන් නගරයේ සිරවී සිටින සුරතල් සතුන් මුදාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එම සතුන්ට ආහාර සහ ජලය ලබාදීමටත් මෙහිදී පියවර ගත් බව සදහන්. මාරාන්තික නව කොරෝනා වෛරසය පැතිර යන චීනයේ වූහාන් නගරය හුදෙකලා නගරයක් බවට පත්කර මේ වන විට දින ගණනාවක් ගතවී ඇති අතර පුද්ගලයන් බොහෝ පිරිසක් […]
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (07) පස්වරු 02.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව කථානායක කාර්යායලය සඳහන් කළා. එහිදී රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා භාරදී ඇති දුරකථන සංවාද හඬපට ඇතුළත් සී.ඩී පටය මන්ත්‍රිවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්. මීට අමතරව පාර්ලිමේන්තුවේ ඉදිරි සභාවාර පැවැත්වීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමුකිරීමට නියමිත බව […]
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ජනපති අතර ඊයේ (06) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබුවා. දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා […]
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය අද සහ හෙට වීදි සංචාරය කිරීම සදහා සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නවකෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගලබොඩ ශී‍්‍ර ඥානේස්වර නාහිමියන්ගේ අනුශාසනය පරිදි මෙවර පෙරහර සංවිධානය වන්නේ 42 වන වරටයි. සැරියුත් මුගලක් මහ රහතන් වහන්සේලාගේ අගසව් පදවි සම්ප‍්‍රාප්තියත් තුණුරුවන් උදෙසා පවත්වන පූජෝපහාරයක් ලෙසත් පෙරහර මංගල්‍යය […]
ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබෙනවා. උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදු කෙරුණා.
පසුගියදා ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ප්‍රාන්ත කිහිපයකට දැඩි බලපෑම් එල්ල කිරීමට සමත් වුණා. මෙම ලැව් ගිනි නිසාවෙන් මිනිස් ජිවිත හා වන සතුන් විශාල ප්‍රමාණයක් මිය ගියා. කෙසේ වෙතත් මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය ඇතුළු ප්‍රාන්ත දෙකක ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇඳහැලෙමින් තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වර්ෂාවත් සමඟ සිඩ්නි ඇතුළු නගර කිහිපයකට ගංවතුර අවධානමක්ද මතුව […]
2008/2009 කාලසීමාවේදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට නඩුව අද කැඳවූ අවස්ථාවේදී 3 වන වරටත් සිතාසි නිකුත් කර තිබෙනවා. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව අද කැඳවූ අතර හිටපු නාවික හමුදාපතිවරයා අද දිනයේදීත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. වත්මන් නාවික හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා හරහා […]
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පළමු විදෙස් නිළ සංචාරය ලෙස අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ලබන 10 වනදා දක්වා ඉන්දියාවේ රැදී සිටින බවයි. ඉන්දීය අග‍්‍රාමා්‍යත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම සංචාරයේ නිරත වනවා.සංචාරය තුළ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා […]
මගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 3700 ක් සමග ජපානයේ රඳවා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නැමති නෞකාවෙන් තවත් කොරෝනා රෝගීන් 41 දෙනෙකු හමු වී තිබෙනවා. ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ජපාන බලධාරීන් සඳහන් කළා. ඒ අනුව එම නෞකාවෙන් හමු වු නව කොරෝනා වෛරස ආසාධිතයින්ගේ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම නෞකාව ජපානයට පැමිණ ඇත්තේ […]
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා කටහඩ පරීක්ෂාවක් සදහා අද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයක් මත මන්ත‍්‍රීවරයා රස පරීක්ෂක වරයා වෙත යොමු කරන බවයි. රන්ජන් රාමනායක මහතාට එරෙහි පැමිණිලි විභාගය අවසන් වරට කැදවුයේ පසුගිය 29 වදායි. ලබන 12 වනදා මන්ත‍්‍රීවරයා […]
ඩෙංගු මර්දනය සදහා නව බැක්ටීරියා විශේෂයක් හදුන්වා දීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.එම බැක්ටීරියා විශේෂය ලබන දෙවනදා හදුන්වාදීමට නියමිතයි. මෙම බැක්ටීරියාව හදුන්වනු ලබන්නේ වොල්බැකියා නමින්. ඕස්ටේ‍්‍රලියාවේ මොනෑස් විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කල පර්යේෂණයකින් පසු එරට දී එය සාර්ථකව අත්හදා බලා තිබෙනවා. මෙම බැක්ටීරියාව දැනට භාවිතයට ගන්නා රටවල් ගණන 12 ක්. ඒ […]