සිරිකඳුයාය ප්‍රදේශයේ අනවසරයෙන් පතල් කැපීම සහ අඹන්ගඟ හාරා විනාශ කරමින් සිටි 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. වසර ගණනාවක සිට සිරිකඳුයාය 503 ප්‍රදේශයේ මෙම මහා පරිමාණ අනවසර පතල් කැපීම සහ අඹන්ගඟ හාරා විනාශ කිරීම ආදී ක්‍රියාකාරකම් සිදුවන බව පොලීසිය කියයි. ජාතික පතල් හා මැණික් කාර්යාංශයට පොලිසියට පොලිස් විශේෂ කාර්ය බලකායට මෙම තොරතුරු වසර ගණනාවක […]
අද(14) මීගමුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය කරවීමට කටයුතු යොදා ඇති විශේෂ දුම්රිය, මඩු මාතා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.අද උදෑසන 07.30 ට මීගමුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය කුරණ, කටුනායක, සීදුව, ජා – ඇල, රාගම, ගම්පහ, වේයන්ගොඩ සහ කුරුණෑගල දුම්රිය ස්ථානවල නවත්වනු අතර එම දුම්රිය පස්වරු 03.00 ට පමණ මඩුපාර දුම්රිය […]
විශේෂ රථ වාහන මෙහෙයුම මඟින් දිවයින පුරා මේ වන විට බීමත් රියදුරන් 8635ක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 2019.07.05 දින සිට අද දිනය (14) දක්වා සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම රියදුරන් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස ඊයේ (13) උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 147ක් අත්අඩංගුවට ගෙන ඇත.
මුදල් ඇමතිවරයා විසින් 2020 වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර පළමු කාර්තුවේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම වසර අගදී ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබීම සහ ලබන වසරේදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීම ඊට හේතුවයි.
අවසන් රන්දෝලි පෙරහැර අද(14) රාත්‍රී විථි සංචාරය කිරිමට නියමිතයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ සඳහා කප් සිටුවිම පසුගිය 01 වනදා සිදු කෙරෙනු අතර පළමු කුඹල් පෙරෙහැර පසුගිය 05 වනදා විථි සංචාරය කෙරුණි. රන්දෝලි පෙරහැර පසුගිය 10 වනදා ආරම්භ වූ අතර අවසන් රන්දෝලි පෙරහැර අද රාත්රිසයේ වීථි සංචාරය කිරිමට නියමිතව ඇත.
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මහවැලි ගඟ පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව වාර්තා වේ. මහවැලි ගඟට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 ඊයේ (13) පස්වරු 4 සිට ජලයෙන් යට වි ඇති බවත් ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදි […]
අද දිනයේ දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. රත්නපුර , කිරිඇල්ල යන ප්‍රදේශයන් වලින් ගත වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වනවා.එය මිලිමීටර් 194.5ක්. ගිලිමලේ ප්‍රදේශයට මිලිමීටර් 157.5ක සහ කළුතර – මොරපිටිය ප්‍රදේශයට මිලිමීටර් 140ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසක් හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට නිිකිනි පොහොය වැදගත් වනවා. බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3 කට පසු අජාසත්ත රජතුමාගේ දායකත්වයෙන් දඹදිව රජගහ නුවර දී සප්තපන්නී ලෙනේ දී ප‍්‍රථම මහා සංඝායනාව පැවැත්වුයේ නිිකිනි පුරපසලොස්වක පොහෝ දිනයකදීයි. ආනන්ද හිමියන් අරහත් පලයට පත් වුයේ ද අද වන් පොහෝ දිනයකදී බව […]
ශරීරයේ බර වැඩිවීම යනු වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා පීඩා විඳින තත්වයක්. කාර්ය බහුල ජීවන රටාව නිසා හුරු වී ඇති නොගැලපෙන ආහාර පුරුදු, ව්‍යායාම මදිකම ආදී තත්වයන් බොහොමයක් මෙයට බලපානවා. පහත පරිදි ආහාර පාලන සැලසුම සතියක් පුරාවට අනුගමනය කිරීමෙන් බර 8kg – 10kg අතර ප්‍රමාණයකින් අඩු කරගැනීමට හැකියි. 01. පළමු දිනය පළමු දිනයේදී ඔබට […]
අද මධ්‍යම රාති‍්‍රයේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමන රජය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් ද, 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ යන බව සදහන්. ඔටෝ ඩීසල් වල මිලහි වෙනසක් සිදුව නැහැ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි වන බවද සදහන්.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හෙට මහනුවර ශී‍්‍ර දළදා සමිදුන් වැද පුදා ගැනීමට නියමිතයි. එමෙන්ම නිකිනි පුර පසළොස්වක පොහොය දිනය හෙටට යෙදී තිබෙන අතර මහනුවර ශී‍්‍ර දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහැරද හෙට දින පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය අනුව පොදුජන පෙරමුණ සමඟ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් මහලේකම්වරයා මෙම අදහස් පල කළා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම […]