News Line| Off Air
Generic placeholder image

Apr
24

බණ්ඩාරනායක මාවතේ තවත් පිරිසකගේ PCR පරීක්ෂණ වාර්තා අද නිකුත් කෙරේ

Generic placeholder image

කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ තවත් පදිංචිකරුවන් පිරිසකගේ PRC පරීක්ෂණ වාර්තා අද(24) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සදහන් කළේ එම ප්‍රදේශයේ පුද්ගලයින් 142ගේ පරික්ෂණ වාර්තා අද පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.


Apr
24

ලොවපුරා කොවිඩ් මරණ ගණන 191,055ක් දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ්-19 වෛරසය ලොව පුරා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 27 ලක්ෂය ඉක්මවා තිබේ. මේ වන විට එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2,725,391ක් ලෙසයි. මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 191,055ක් දක්වා ඉහළ ගොස් තිබේ. ගතවු පැය 24 තුළ දී ද අමෙරිකාවෙන් මරණ 2292ක් වාර්තාවන අතර බ්‍රිතාන්‍යයෙන් 638ක් , ප්‍රංශයෙන් 516ක් , ඉතාලියෙන් 464ක්, ස්පාඤඤයෙන් 440ක් සහ බ්‍රසිලයෙන් 407ක් වාර්තා වෙයි. මේ අතර […]


Apr
24

ගත වූ පැය 24 තුල ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් ගණන 650ක්

Generic placeholder image

ඊයේ(23) රාත්‍රීය තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 650කට ආසන්න පිරිසක් සහ රථවාහන 165ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මෙතෙක් අත්අඩංගුවට ගත් තැනැත්තන් පිලිබද ක්‍රියාත්මක වන බවයි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන කාල වලදි පවා සෞඛ්‍ය උපදෙස් […]


Apr
24

ලෝක සෞඛ්‍ය සංවිධානයට යළි අමෙරිකාව ආධාර නොදෙන බව ප්‍රකාශ කරයි

Generic placeholder image

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන අධාර නවතා තිබෙනවා. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් ලබා දෙන අධාර කිසිදිනක නැවත ලබා නොදෙනු ඇති බවයි. මේ වන විට ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා වන්නේ අමෙරිකාවෙනි. එම ගණන , 2,110 ක්. ඒ අනුව අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 49,769 […]


Apr
24

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ කිසිවෙකුටත් කොරෝනා අසාදනය වී නොමැති බව තහවුරු වෙයි

Generic placeholder image

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ කොවිඩ් -19 සඳහා PCR පරීක්ෂාවට ලක් කළ වෙළෙඳුන් සහ සේවකයින් 529 දෙනාගෙන් කිසිවෙකුටත්, වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළා.


Apr
24

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මි.මී.75ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද […]


Apr
24

අද රෑ 8 සිට ලබන සඳුදා දක්වා දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලටත්, අලවතුගොඩ, වරකාපොළ හා අක්කරෙයිපත්තුව පොලිස් බල ප්‍රදේශවලත් හැර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද අලුයම 5 ට ලිහිල් කෙරුණු පොලිස් ඇඳිරි නීතිය යළි අද රාත්‍රී 8 ට පැනවීමට නියමිතය. කෙසේ වෙතත් එම දිස්ත්‍රික්කවල සති අන්තයේ පොලිස් ඇදිරි නීතිය ලිහිල් කෙරෙන්නේ නැත. ඒ අනුව අද රාත්‍රී 8 ට පැන‍වෙන පොලිස් ඇඳිරි […]


Apr
23

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළට

Generic placeholder image

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා‍ වෛරසය ආසාදනය වීමත් සමඟ ‍ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව අද(23) වාර්තා වුණා. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 368 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනයේ සුවය ලැබු රෝගීන් දෙදෙනා සමඟ සුවය ලැබූ ‍සමස්ත රෝගීන් ගණන 107ක්. මේ අතර තවත් පුද්ගලයින් 254 ක් […]


Apr
23

වැලිසර නාවික හමුදා කඳවුර හුදකලා කරයි

Generic placeholder image

කොරෝනා ආසාදිත නාවික සෙබළුන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වැලිසර නාවික හමුදා කඳවුර මේ වන විට හුදකලා කර තිබෙනවා. අද(23) දිනයේ දී නාවික හමුදාවේ සෙබළුන් 29 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් තහවුරු කර සිටි අතර එම හේතුව නිසාවෙන් වැලිසර නාවික හමුදා කඳවුර මෙලෙස හුදකලා කරනු ලැබුවා. […]


Apr
23

නාවික හමුදාවේ සෙබළුන් 29කටත් කොරෝනා ආසාධනය වෙයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාධනය වීමත් සමග සිදුකළ පී.සී.ආර් පරීක්‍ෂණ වලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට කොවිඩ් 19 ආසාධනය වී තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ පමණක් හදුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙය දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 368 දක්වා […]


Apr
23

කොරෝනා ආසාධිතයින් 335 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ ආසාධිතයින් 5 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.


Apr
23

කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Generic placeholder image

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතින් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකි […]


News Articles
Latest Videos
Most Popular Post