News Line| Off Air
Generic placeholder image

Feb
6

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ බිරිඳ රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට […]


Feb
6

අමෙරිකානු ඩොලර් 70 000ක් සමග 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

Generic placeholder image

මන්නාරම – තාරපුරම් ප‍්‍රදේශයේදී අමෙරිකානු ඩොලර් 70,600 ක මුදල් (රු. 12,827,977) සමග 19 හැවිරිදි තරුණයෙකු යුධ හමුදාව සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිට ඇති අතර පොලිසිය සහ යුධ හමුදා නිලධාරීන් විසින් සිදුකළ පරීක්‍ෂණයකදී මෙම මුදල් ඔහුගේ යතුරුපැදියේ ආසනය යට තිබී සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ. මෙම මුදල් ඔහුට ලැබුනු ආකාරය […]


Feb
6

ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවට ආනයනික ටෙලිනාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා. තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අද මෙම පත්කිරීම සිදුකළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,කළාකරුවන් හා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් මෙම සමීක්ෂණ මණ්ඩලයට අයත් වනවා. පසුගිය කාලයේ ආනයනය කළ චිත්‍රපට හා ටෙටිනාට්‍ය නිසා සමාජය හා සංස්කෘතිය අපගමනයට හා […]


Feb
6

නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා

Generic placeholder image

නුගේගොඩ ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ලවී තිබෙනවා. කොළඹ අප ජලය බැහැර කිරීමේ ව්‍යාපෘතියේ කැණීම් වලදී කිලෝ වොට් 11 භූ ගත රැහැන් මාර්ග 02 කට හානි සිදුවීම ඊට හේතුව බවයි විදුලි බල හා බලශක්ති අමාතයාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ. මේ හේතුවෙන් නුගේගොඩ සිට කිරුලපන දක්වා හයිලෙවල් මාර්ගය ආසන්න ප‍්‍රදේශ වලට විදුලි සැපයුම අඩාල […]


Feb
6

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් ගුවන් තොටේදී අල්ලයි

Generic placeholder image

විදෙස් දුම්වැටි කාටූන් 156 ක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්වැටි තොගය සමග ඩුබායි සිට පැමිණි නුවරගල ප‍්‍රදේශයේ පදිංචි 45 ස් හැවරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේ. සැකකරු ගමන් මලූ තුළ සගවා දුම්වැටි තොගය රැගෙනවිත් තිබෙනවා. දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15 කට අධිකයි.


Feb
6

එක්නැලිගොඩ නඩුව ලබන 13 වනදා යළි කැඳවයි

Generic placeholder image

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 13 වනදා යළි කැඳවන ලෙස අධිකරණය අද නියම කලා. නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් අබේකෝන් / සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි. එහිදී […]


Feb
6

සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් රජයේ අධ්‍යනයක්

Generic placeholder image

සිංගප්පූරු ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා ශේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම් අද කැදවනු ලැබුවේ විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී. දෙහිදෙනිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ යි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි […]


Feb
6

පොලිස් සැරයන්වරයෙකුගේ මළ සිරුරක් වව්නතිව් ප්‍රදේශයෙන්

Generic placeholder image

වාලච්චේන පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිළධාරියා ඝාතනය කර ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා. මළ සිරුර සම්බන්ධයෙන් මේ වන විට මහේස්ත‍්‍රාත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි සියත ප‍්‍රාදේශීය වාර්තාකරු සදහන් කලේ, වව්නතිව් මුල්ලාමුණ ප‍්‍රදේශයේ පුද්ගල මළ සිරුරක් ඇති බවට වව්නතිව් පොලීසියට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබුනේ අද පෙරවරුවේ දීයි. පොලීසිය එම ස්ථානයට ගොස් […]


Feb
6

ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව තෙවන වරටත් ICC යෙන් දඩ කයි

Generic placeholder image

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව තෙවන වරටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබෙනවා. ඊයේ නවසීලන්තය සමඟ පැවැති එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරඟ ගාස්තුවෙන් සියයට 80ක දඩයක් නියම වී ඇති බව සඳහන්. ඊට අමතරව කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ද තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් නියම වී තිබෙනවා.


Feb
6

රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය ආයතනවල පුහුණුවක්

Generic placeholder image

ලබන මාර්තු 01 වැනි දා සිට රැකියා විරහිත උපාධිධාරීන්ට රාජ්‍ය ආයතනවල පුහුණුව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව වසරක පුහුණු කාලයකින් පසු එම උපාධිධාරීන්ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීමට කටයුතු කරන බවද පැවසෙනවා. පුහුණු කාලය තුළ ඔවුන්ට රුපියල් 22,500 ක මාසික දීමනාවක් ලබා දීමට නියමිතව තිබෙනවා.


Feb
6

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී හා ඔහුගේ බිරිඳ CID භාරයට

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් වර්ගයේ යානා 10 ක් මිලදී ගැනීම පිළිබද ගනුදෙනුවේදී සිදු වී ඇති බව කියන මුලය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබෙනවා. ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම […]


Feb
6

පොලිස් නිලධාරීන් කීප දෙනෙකුගේ තැන් මාරු වෙයි

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් කීප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී තිබෙනවා. සේවයේ අවශ්‍යතාවය පරිදි පොලිස් නිලධාරීන් 14 දෙනෙකුගේ මෙලෙස ස්ථාන මාරු වීම් සිදු කර තිබෙනවා. ඒ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරිවරු දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරු 6 දෙනෙක් , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් අයත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post