ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවැත්වෙන 08 වන වටයේ සාකච්ඡාව ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී. ඒ අනුව මිට පෙර සාකච්ඡා වට හතක් පවත්වා ඇති අතර අද මෙම හමුව සදහා සහභාගී වන පිරිස වන්නේ දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා ශ්‍රී […]
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ.ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් තම සංගමය මෙම තීරණයට එළඹි බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5.50 කින් වැඩි […]
විපක්ෂයේ මාධ්‍යය හමුවක් අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කලේ ජනපති මෛත්‍රී පාල සිරිසේන මහතා ඊලග ජනපති ධුරයේ බලතල අඩුවීම ගැන කරපු ප්‍රකාශය සාවද්‍ය බවයි. එමෙන්ම ඊලග ජනපතිවරයාගේ බලතල පිළිබද රටම දැනුවත් කල යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වගන්තිය උපුටා ගැනීමින් ඒ මහතා පෙන්වා […]
සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට මුගාබේ මහතාගේ වයස අවුරුදු 95 ක් වන අතර අයහපත් සෞඛ්‍ය තත්වයක් හේතුවෙන් ඔහු දීර්ඝ කලක් තිස්සේ ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වනවා. දශක තුනකට ආසන්න කාලයක් රොබට් මුගාබේ මහතා සිම්බාබ්වේ රාජ්‍යයේ පාළන බලය හෙබවූවා.
බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු දෙකක තේ දලු නෙලමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරය දෙකකින් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන 10 ට හා 11 ට මෙම බඹර ප්‍රහාර එල්ල වී ඇති අතර තුවාලකරුවන් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිසමට දන්වා තිබෙනවා. එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි මහතා විසින් ඒ බව දන්වා ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ සාකච්ඡා වට ගණනාවකින් පසුවයි ශ්‍රීලනිප මෙම තීරණය ගෙන ඇත්තේ.වීරකුමාර දිසානායක මහතා සදහන් කලේ අපේක්ෂකයා ලෙස […]
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද තරගය පිළිබද මාධ්‍යය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් සදහන් කලේ යොවුන් නවක ක්‍රීඩකයින් විදුලි ආලෝක තත්වයන් යටතේ පුහුණුවීම් සිදු කල යුතු බවයි. සංචාරක නවසිලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් විස්සයි විස්ස තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 17 දින දක්වා කල් තැබුවා. අද දිනට නියමිත ආණ්ඩුවේ කටයුතු ඉල්ලා අස් කර ගන්නා බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දීමත් සමඟ පාර්ලිමේන්තුව ලබන 17 වන දා දක්වා කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත් බව සදහන්.
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආර්යාව හෙවත් කේට් මිඩ්ල්ටන්ගේ දියණිය පසුගියදා සිය පාසල් අධ්‍යාපන කටයුතු ආරම්භ කළා. විලියම් කේට් යුවල ෂාලට් කුමරිය ඇතුළත් කර ඇත්තේද තෝමසස් බෙතර්සී පාසලටයි. ෂාලට් කුමරියගේ වැඩිමල් සොහොයුරා මෙන්ම විලියම් කේට් යුවලගේ වැඩිමල් පුතුද වන ජෝර්ජ් කුමරු අධ්‍යාපනය ලබන්නේද මෙම පාසලේ වන අතර ෂාලට් කුමරිය ලජ්ජාශීලිව මවගේ අතේ එල්ලීගෙන […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන අවසන් පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගය පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේදී අද රාත්‍රී 7.00 ආරම්භ වෙනවා. දෙවන තරගයේදී ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් හා ෂෙහාන් ජයසුරිය මෙම තරගයට සහභාගී වන්නේ නැ. බොහෝවිට අද කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක එක්වන බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ජනාධිපතිවරණය සඳහා කවරෙකු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවද, දැනට ප්‍රකාශයට පත්කර තිබෙන මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට උපදෙස්දී තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂයේ බෙන්තර ඇල්පිටිය ආසන […]