News Line| Off Air
Generic placeholder image

Aug
9

විශේෂ මහාධිකරණයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු

Generic placeholder image

මහබැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර මේ වන විට අධිකරණය මඟහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්ප ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් […]


Aug
9

පළමු දිනයේදී ක්‍රිකට් සභාපතිගේ පිළ පළමු ඉනිම සදහා ලකුණු 300 සීමාව ඉක්මවයි

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර ඊයේ ආරම්භ වුනු පළමු පුහුණු තරගයේ ඊයේ දිනය නිමා වන විට පළමුව පන්දුවට පහරදෙන ක්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 06 කට ලකුණු 323 ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී අශාන් ප්‍රියන්ජන නොදැවී පන්දු 76 කට ලකුණු 56 රැස් කරගෙන සිටි අතර මිනෝද් භානුක […]


Aug
9

පොදු අපේක්ෂකයා මෙවර එජාපයෙන්ද?

Generic placeholder image

මොරටුවේ දී මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කලේ එක්සත් ජාතික පක්ෂය තුළ සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බවත් එය ස්‌ථාපිත කිරීමට ක්‍රමවේදයක් ඇති බවයි. ඒ අනුව මෙවරත් ජනපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන අතර ඒ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවත් සදහන් කල එතුමා අපේක්ෂකයාව තෝරාපත්කර ගැනීම සිදුවන්නේ පක්ෂයේ කෘත්‍යාධිකරණ මණ්ඩලය හා […]


Aug
9

ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාර සිය අස්වීමට හේතු පහදයි

Generic placeholder image

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කලේ තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ තමන්ට හිමි මන්ත්‍රී ධුරය ලබා ගැනීමට මිස කිසිවෙකුගේ දේශපාලන ගමන අවහිර කිරීමේ අරමුණින් නොවන බවටයි. එමෙන්ම එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පක්ෂ තීන්දුවක් මත තමන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වු […]


Aug
9

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අදයි

Generic placeholder image

මහනුවර ශ්‍රි දළඳා මාලිගයේ ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද(09) පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ සිව්වන කුඹල් පෙරහැර විථි සංචාරය කෙරුණු අතර රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයා විසින් පෙරහැර කරඬුව වැඩම කළා. එමෙන්ම ශ්‍රි දළඳා සමිදුන්ගේ තේවාව භාර නාහිමියන් වන පුජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රි මේධාංකර හිමියන් මංගල හස්ති රාජයා වෙත කරඬුව වැඩම කරවීම සිදුකළා.


Aug
9

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් අද විශේෂ සාකච්ඡාවක

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙන බව වාර්තා වෙනවා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. එමෙන්ම මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් අතර සාකච්ඡාවක්ද අද පැවැත්වීමට නියමිත වෙනවා.


Aug
9

තද සුළං අඩුවන ලකුණු

Generic placeholder image

දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සදහන්. […]


Aug
8

වයිෆිව බැලන්ස් කිරීම – අනිවාර්යෙන්ම වයිෆ්ට අස්සවන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here සියත 24 අපගේ Youtube චැනලය සමග එකතුවීමට – Click Here


Aug
8

සිය වසරකට වඩා ඉපැරිණි සංචාරක බංගලාවක් ගිනි ගනී

Generic placeholder image

හැටන් නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක් සතු සංචාරක බංගලාවක් අද (08) පස්වරුවේ හටගත් ගින්නකින් විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කළා. දික්ඔය මුලික රෝහල අසල සහ කාසල්රි ජලාශයට ඉහලින් පිහිටි මෙම සංචාරක බංගලාවේ උඩු මහලින් ගින්න හටගෙන පසු පහල මහල දක්වා පැතිර ආ බවයි පොලිසිය සඳහන් කළේ. සංචාරක බංගලාව ගිනි ගන්නා අවස්ථාවේ එහි […]


Aug
8

මට හතුරුසිංහ සමග පුද්ගලික තරහක් නෑ – ඒත් ගිවිසුම ගැන ප‍්‍රශ්නයක් තියෙනවා – කී‍්‍රඩා ඇමති

Generic placeholder image

ක‍්‍රිකට් පුහුණුකාර ධූරය පිළිබදව මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. හතුරුසිංහ මහතා පුහුණුකාර ධූරයට පත් කිරීමට අදාළ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යවරයා එහිදී මෙලෙස පැහැදිලි කලා. ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී […]


Aug
8

මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය පිහිටුවන බව අගමැති කියයි

Generic placeholder image

මෙම මාසය අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය නියත වශයෙන් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඉදිරියට ගෙනයාමට නම් අලුත් අදහස් සමගින් සන්ධාන ගතවිය යුතු බව කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. සෑම විටම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල නව රටක් ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ […]


Aug
8

ඇත්තටම අළු තැම්පත් කල අළු බඳුන , ක්‍රිකට් බැලුවට ඔබ මේ දේවල් දැන සිටියාද ?

Generic placeholder image

අළුන බදුන කි‍්‍රකට් තරගාවලිය ගැන ඔබ නොදත් කරුණු දැනගන්න ”සිරාවට” අහන්න.


News Articles
Latest Videos
Most Popular Post