පූජ්‍ය අතුරලියේ රතන හිමි දින හතක් තුළ ආණ්ඩුව පරාජය කිරිමට කටයුතු කළහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා. ඔහු වැඩි දුරටත් පවසන්නේ උන්වහන්සේ ආණ්ඩුව පෙරලීමට ගෙන ආ සියලු කුමන්ත්‍රණ අසාර්ථ වූ බවත් මෙලෙස කුමන්ත්‍රණ කරමින් ජනතාව නොමග නොකරන ලෙසද අසාද් සාලි මහතා එහිද රතන හිමියන්ට පැවසුවා.
දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, පොලොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන […]
මූල්‍ය සැපයුම් ආයතනයක දත්ත පද්ධතියක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් අමෙරිකාවේ සහ කැනඩාවේ පුද්ගලයින් මිලියන 106 ක පිරිසකගේ පෞද්ගලික තොරතුරු සොරකම් කර තිබෙනවා. කැපිටල් වන් නමැති අමෙරිකාවේ ක්‍රියාත්මක ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක දත්ත පද්ධතියට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සයිබර් ප්‍රහාරයෙන් අමෙරිකාවේ […]
ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් හේතුවෙන් මේ වසරේ ගතවූ මාස 6 තුළ පමණක් සිවිල් වැසියන් 4000 කට ආසන්න පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. සටන්කාමී සංවිධානවලට එරෙහි යුධමය වාතාවරණය යටතේ මේ වසරේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමෙන් ඉහල ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙනවා. තලෙයිබාන් සහ අයි.එස්.සටන්කාමීන් සිදුකළ ප්‍රහාරවලින් මෙන්ම […]
රාජ්‍ය බැංකු කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිය දේශපාලන ප්‍රතිපත්තිය එය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ලංකා බැංකුවට වසර 80ක් සපිරීම නිමිත්තෙන් අද (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා. මූල්‍යමය සේවා රැසක් ජනතාව වෙත සපයන ලංකා […]
එක්ස්ටසි වර්ගයේ මත්පෙති 3050 ක් සමග සැකකරුවෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිඛෙනවා. එම පෙති තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහාමාරකට ආසන්නයි.පෘතුගාලයේ සිට ගෙන්වන ලද පාර්සලයක මෙම මත් පෙති තොගය තිබී ඇති බව සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රේගුව මගින් ක්‍රියත්මකයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතයි. ටෙස්ට් ලෝක ශූරතාවලිය රටවල් නවයක, තරගාවලි 27ක් යටතේ පැවැත්වෙන තරග 72කින් යුත් තරගාවලියක් ලෙස 2021 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වීමට නියමිතයි.මෙහි අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්රීඩාංගණයේදීයි. තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 1දා […]
විශ්වවිද්‍යාල තුළින් බිහිවන උපාධිධාරීන්ට මෙන්ම බාහිර උපාධිධාරීන්ටද ඉදිරියේදී රැකියා ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. රැකියා විරහිත උපාධිධාරීන් පිරිසකට අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සාෆි වෛද්‍යවරයා නිදහස් කිරීමට විරුද්ධව හෙට සිට උද්ඝෝෂණ ආරම්භ කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ අද කුරුණෑගල පැවති උද්ඝෝෂණ ව්‍යාපාරයකට එක්වෙමින්. වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පක්ෂග්රාහීබවත් අගතියට පත් මව්වරුන්ගේ පාර්ශව වලට එල්ල වන බලපෑම් නවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් කුරුණෑගල රෝහල ඉදිරිපිටදී අද උද්ඝෝෂණයක් පැවැත් වුණා. රක්ෂිත බන්ධනාගාරගත […]
දේශපාලන පක්ෂ කිහිපයකම ජනපති අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු මාසයේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.ඒ යටතේ පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා එළඹෙන 11 වෙනිදාත් ජ.වි.පෙ ජනපති අපේක්ෂකයා එළඹෙන 18 වෙනිදාත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකයෙකුගේ නමක් ප්‍රකාශයට පත් කරන දිනයක් තවම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නැහැ. මෙම දේශපාලන තත්වයන් යටතේ ඉදිරියේදී […]
බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින් ඉදිරිපත් කර තිබෙනවා. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්. එමෙන්ම මාස 02කට ආසන්න කාලයක් තනතුරු අතහැර සිට අමාත්‍ය ධුරවල ඊයේ නැවත දිවුරුම් දුන් රිෂාඞ් බදියුදීන් සහ රාවුෆ් […]
ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ ජයග්‍රහනය සදහා පුහුණුකරුවන් ගන්නා පියවර සම්බන්ධයෙන් ඉදිරියේ දී සලකා බලන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින්. බංගලාදේශ එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකාර මණ්ඩලය ඉවත් කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය දා දැනුම්දීමක් කළා. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එම ධුරයෙන් […]