ආණ්ඩුව විසින් රට තුළට කුණු ආනයන කිරීම සම්පුර්ණයෙන් නතර කළ යුතු බව අද(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශ කළා. මෙරටට ගෙනා කුණු සියල්ල යළි අදාල රට වෙත පිටත්කර යැවිය යුතු බවත් එම කුණු ගෙනා පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතීය ක්‍රියාත්මක කර යුතු බවත් උන්වහන්සේ කියා සිටියා. විදේශ රටවලින් […]
ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. මෙහිදී එක්සත් රාජධානිය ඇතුලූ වෙනත් රටවල ඊට අදාළ නීති පිළිබඳව අධ්‍යනය කරන බව සදහන්. තාවකාලික සීමා කිරීම් නියෝග, ත්‍රස්තවාදය දිරිගැන්වීම තහනම් කිරීම ඇතුලූ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ […]
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කටයුතුවල නිරත ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගමන් වියදම් දීමනා මේ දක්වා ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසනවා. සාමාන්‍ය පෙළ විභාගය පැවතියේ 2018 දෙසැම්බර් මස වූ අතර, මේ වන විට මාස 7 ක කාලයක් ඉක්ම ගොස් තිබියදීත් අදාළ ගමන් වියදම් ගෙවා නැති අතර, 2019 […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එළඹෙන ජූලි 26 දින බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් පසු එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව දැනුම් දුන් පසු 26 දින පැවැත්වෙන තරගය ඔහු ඉදිරිපත් වන අවසාන එක්දින කි‍්‍රකට් තරගය බැවින් එදිනට තරගය නැරඹීම සදහා මේ වන විට කී‍්‍රඩාලෝලීන් සියලුම ටිකට් පත් මිලදී ගෙන […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ ඍජු සම්බන්ධයක් ඇති බවට තවමත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න කියා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. සාක්ෂි විමසීමේ කටයුතු අද දහවල් 12.30 සිට […]
එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස නම් කළ යුතු බව අමාත්‍ය කබීර් හෂීම් මහතා යෝජනා කර තිබෙන අතර මෙම යෝජනාවට මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා සහ හර්ෂ ද සිල්වා යන අය ද පක්ෂව කතා කර ඇති අතර මෙහිදී අමාත්‍ය රවී කරුණානායකද මෙහිදී අදහස් දැක්වීමට උත්සාහ […]
පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද(24) පෙරවරුවේ සිය සාක්ෂි සටහන් කරගැනීම ආරම්භ කළ අතර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙක් සාක්ෂි ලබාදීමට නියමිත අතර අද සභාවාරය ආවරණය කිරීම සඳහා මාධ්‍යට ඉඩ ලබා දී නැහැ. අද දිනයේ විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂ […]
ඊයේ (23) පස්වරුවේ විපක්‍ෂ නායක කාර්යාලයේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මූතූර් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් ජනතාව තම ප්‍රදේශවල පවතින ගැටළු සම්බන්ධව දැනුවත් කිරීම සඳහා හමුවී තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී අදහස් පලකළ එම ජනතාව නැගෙනහිර පළාත ත්‍රස්තවාදයෙන් මුදවාගෙන නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද පවසා තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාවට ත්‍රස්තවාදී කටයුතු […]
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය, නුවන් කුලසේකරගේ නමින් නම් කරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තමන් ඉල්ලීමක් කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඊයේ(23) කොළඹ දී මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා බව සඳහන් කළා. ඒ අනුව බංග්ලාදේශය සමඟ පැවැත්වෙන අවසන් තරගය වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර හට කරන උපහාරයක් ලෙස ඔහු […]
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ දැනුම්දීමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු පුහුණුකාර්ය මණ්ඩලයට සිය ධූරවලින් ඉල්ලා අස්වන බව දැන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඇතුළු ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අදහස් සහ යෝජනා අනුව සකස් කළ සංශෝධිත ක්‍රිකට් ව්‍යවස්ථා යෝජනාවලිය ඊයේ(23) ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය පියවරක් නොගතහොත් […]
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන විත්තිකරු ලෙස නම්කර සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුව ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස කර තිබෙන ඉල්ලීමට පදනම් වන කරුණු තිබේ නම් ඒවා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් මේ මස 09 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට නියම කර තිබෙන […]