දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින්විට හමන තද සුළං ද සෙසු ප්‍රදේශවල තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අනිද්දා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බවයි […]
එංගලන්ත ලෝක කුසලාන සිහිනය සැබෑ කරමින් අවසාන මහා තරගයේ දී පන්දු අනූ අටක් තුළ නොදැවී ලකුණු 84 ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් බෙන් ස්ටොක්ස්ට බ්‍රිතානයෙය් ඉහලම ගෞරවනාමය වන නයිට් පදවියක් පිරිනැමීම සූදානමක් ඇති බවට වාර්තා වෙනවා. වර්තමාන එංගලන්ත අගමැති තෙරේසා මේ එම තනතුර නික්ම යාමෙන් අනතුරුව ඒ සදහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් […]
විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් අද (18) සහ හෙට (19) ලෙඩ නිවඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියමාර්ගයක නිරතවිමට තිරණය කර ඇත.ගුරුවරුන් සහ විදුහල්පතිවරුගේ අයිතීන් 4 ක් දිනා ගැනීම සදහා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ කියාසිටී. ” වසර 22ක කාලයක් පවතින වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, මේ […]
ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ ජෝකුයින් ගස්මන් නොහොත්, එල් චාපෝ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණයක් තීරණය කර තිබෙනවා. ඊට අමතරව ඔහුට එරෙහිව වසර 30ක සිරදඬුවමක් ද පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6ක් වන ඔහුගේ වත්කම් ද රාජසන්තක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සුපිරි ධනවතෙකු […]
ලෝකයේ කිසිදු රටකට දෙවනි නොවූ මෙරට පුරාණ තාක්‍ෂණික ශිල්පීය ක‍්‍රම සහ දැනුම ආරක්‍ෂා කර ගනිමින් හෙට දවසේද නිපුණතාවයෙන් සහ දක්‍ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැප විය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවා. ඒ සදහා අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹ […]
පසුගිය ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් පූර්ව තරගය ඉන්දීය කණ්ඩායම පරාජයට පත් වීම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවම උඩු යටිකුරු කරනා සිදුවීමක් බවට පත්වුනා. ඒ අනුව ලෝක කුසලාන ඉන්දියානු ජාතික කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයම විසුරුවා දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව සදහන්. පුරප්පාඩූ වූ තනතුරු වලට නව ප‍්‍රධාන පුහුණුකරුවකු සහ සහය පුහුණුකාර්ය මණ්ඩලයක් පත්කිරීමට එරට […]
පාන් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8 කින් ඉහළ දමන බවට පිටි සමාගම් විසින් මෙතෙක් දැනුවත් කිරීමක් සිදුකර නොමැති බැවින් එම නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට කිසිදු ඉඩක් නොමැති බව එම අධිකාරිය සඳහන් කළා. එමෙන්ම තිරිඟු පිටි අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් […]
එංගලන්තයෙන් බැහැර කෙරුණු රෝහල් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය සහිත බහාලුම් 102ක් කොළඹ වරාය තුළ පවතින බව සමස්ත ලංකා රේගු සේවා සංගමය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කළා. අදාළ අපද්‍රව්‍ය රට තුළට ඇතුළුවීමෙන් විය හැකි හානිකර තත්ත්වය සළකා ඒවා හැකි ඉක්මණින් ප්‍රතිඅපනයනය සඳහා මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික […]
ලොව ජයගැනීමට නම් මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම් සිදුකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ලෝක තරුණ නිපුණතා දිනය වෙනුවෙන් සංවිධාන කරනු ලබන රාජ්‍ය හා පෞද්ගලික වෘත්තිය පුහුණු ආයතනවල තරුණ ව්‍යවසායකයින් ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවයට අද පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ.
ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ෆීජි රාජ්‍ය කණ්ඩායමට එරෙහි තරගයෙන් ශ‍්‍රී ලංකාව අද පරාජයට පත් වුණා. තරගය අවසන් වුනේ ලකුණු 59 ට 44 ක් ලෙසයි. ලෝක කුසලාන දැල් පන්දු තරගාවලිය මේ දින වල එංගලන්තයේ ලිවර්පුල් හී දී පැවැත්වෙනවා. ශ‍්‍රී ලංකාව ඊයේ සැමොවා රාජ්‍ය කණ්ඩායමට එරෙහිව තරග වැදුනු අතර ඉන් පරාජයට පත් වුණා.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. පෙත්සම අද කැදවනු ලැබුවේ ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ශ‍්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. පෙත්සම්කාර […]
මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශවය විසින් මල්වතු මහා විහාර පාර්ශවයට භාර දීම අද සිදු වුණා. මල්වතු පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් වෙත තේවාව භාර දුන්නේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන මහ නාහිමියන් විසින්. ලබන ඇසළ පොහෝ දින තෙක් මල්වතු පාර්ශවය විසින් තේවා කටයුතු සිදු […]