News Line| Off Air
Generic placeholder image

Jun
15

යුනිසෙෆ් ශ්‍රී ලංකා ලාංඡනයෙන් දෙමාපියන් ඉවත්කෙරේ

Generic placeholder image

හෙටට යෙදී ඇති ලෝක පියවරුන්ගේ දිනය තේමා කර ගනිමින් ශ්‍රී ලංකාවට අදාළව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ වසර 70 ක් පැරණි ලාංඡනයේ සටහන්ව ඇති මව සහ දරුවා ලාංඡනයෙන් මව සංකේතාත්මකව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. දරුවන්ගේ පළමු පස් වසර තුල ඔවුන්ගේ කායික හා මානසික වර්ධනය සදහා දෙමාපිය රැකවරණය අත්‍යාවශ්‍ය බව ජගත් සංවිධානයේ අදහස වන අතර ශ්‍රී […]


Jun
15

ඇමති රාජිතට එරෙහි විශ්වාසභංගයට අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා ඇරඹේ

Generic placeholder image

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා කියා සිටියේ එදින පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාව පිළිබදව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට […]


Jun
15

ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැඩවර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් තීරණය කර තිබෙනවා. ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමටයි ඔවුන් සැලසුම් කර ඇත්තේ. මේ සදහා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් එක්වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා සඳහන් කළා.


Jun
15

පොසොන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

Generic placeholder image

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා මේ වන විට ක්‍රියාත්මක වනවා. ඒ අනුව රජරට කොළඹ, මහනුවර සහ ගම්පහ මෙන්ම වයඹ ප්‍රදේශ ආවරණ වන පරිදි ලංගම බස්රථ 600 ක් යෙදවීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක බවත් කොටුව – අනුරාධපුරය, මහව – අනුරාධපුරය හා අනුරාධපුරය – බෙලිඅත්ත යන ගමනාන්ත වෙතද […]


Jun
15

මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් දෙදෙනාත් මරාගෙන මැරෙන්න දිවුරුම් දී ඇති බව අනාවරණ වෙයි

Generic placeholder image

මාවනැල්ල හිගුල ප්‍රදේශයේ දි පසුගියදා අත්අඩංගුවට ගැනුණු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනාද මරාගෙන මැරෙන ප්‍රහාරයකට දායක වන බවට දිවුරුම් දුන් පුද්ගලයින් බව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වි තිබෙනවා. මොහොමඞ් රාසික් මොහොමඞ් රිස්වි සහ මොහොමඞ් මුස්තාෆා මොහොමඞ් රිස්වාන් යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණේ රහසිගතව දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමකදී වන අතර පසුව අනාවරණ වී ඇත්තේ සහරාන් […]


Jun
15

මිල්හාන් අල්ලන්න රතු නිවේදනය හේතු වුණ බව ජාත්‍යන්තර පොලිසිය කියයි

Generic placeholder image

තව්හිද් ජමාත් සංවිධානයේ මොහොමඞ් මිල්හාන් නැමැති පුද්ගලයා සමඟ තවත් සැකකරුවන් සිව් දෙනෙකු සෞදි ජේඩා නුවරදි අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ද බෙහෙවින් ඉවහල් වු බව ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසිය පෙන්වා දෙනවා. ජාත්‍යන්තර පොලීසියේ මහලේකම් යෝගන් ස්ටොක් ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමේ කොටසක් ලෙස අදාළ රතු […]


Jun
15

කයිට්ස් දුපතෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Generic placeholder image

යාපනය – කයිට්ස් – තිරතිව් දූපතේ සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන් සිදුකළ මෙම වැටලීමේදි මිශ්‍ර පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක්, විදුලිමය නොවන ඩෙටනේටර් 98 ක් සහ සේවා නූල් කැබලි 21 ක් සොයාගනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නති අතර […]


Jun
15

ඉල්ලීමක් කළහොත් යලි අමාත්‍ය ධුරය භාරගැනීමට සූදානම් බව කබීර් හෂිම් මන්ත්‍රීවරයා කියයි

Generic placeholder image

ඉල්ලීමක් කළහොත් ‍යලි අමාත්‍ය ධුරයේ වගකීම් භාරගැනීමට සූදානම් බව කබීර් හෂිම් මන්ත්‍රීවරයා පවසන අතර තමා ඇතුළු මුස්ලිම් දේශපාලනිකයින් සිය ධුර වලින් ඉල්ලා අස්විමට තිරණය කළේ රට ගැන සිතමින් බවයි ඔහු කියා සිටියේ. අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබීර් හෂිම් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. එහිදි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් […]


Jun
15

හිස්බුල්ලා TID යට යයි

Generic placeholder image

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා. 2019 අප්‍රේල් 22 වන දින රාත්‍රී 10ට පමණ ඇඳිරි නීතිය බලපැවැත්වෙන් අවස්ථාවේ කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැකසහිත ලෙස අරාබි ජාතිකයින් දෙදෙනෙකු හමුවී සාකච්ඡාවක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇරඹි විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් […]


Jun
14

නවසීලන්ත සමූහ ඝාතකයා නිවැරදිකරු බව අධිකරණයට කියයි

Generic placeholder image

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී පසුගිය මාර්තු 15 වන දා මුස්ලිම් දේවස්ථාන දෙකකට ප්‍රහාරයක් එල්ල කොට බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ අන්තවාදී සුදු ජාතිකයා තමා නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ක්‍රයිස්චර්ච් මහාධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණු අතර, අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටින බ්‍රෙන්ටන් ටැරන්ට් ඊට සවන් දුන්නේ වීඩියෝ සම්බන්ධතාවයකින්. 27 හැවිරිදි ත්‍රස්ත […]


Jun
14

අද සහ හෙට විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්ධන වැඩසටහනක්

Generic placeholder image

සක්‍රීයව පවතින නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.මේ හේතුවෙන් අද සහ හෙට යන දෙදින තුළ විශේෂ ඒකාබද්ධ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර. මහනුවර, ගාල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල මෙලෙස ඩෙංගු අවදානම පවතින […]


Jun
14

ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයට

Generic placeholder image

ත‍්‍රස්ත ප‍්‍රහාරය සමබන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 77 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ප‍්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසනවා. සැකකරුවන් 25 දෙනෙකු ත‍්‍රස්ත විමර්ෂණ කොට්ඨාශය භාරයේ රඳවා සිටින බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post