News Line| Off Air
Generic placeholder image

Jan
17

2015 – 2018 කාලයේ සිදු වූ වංචා ගැන සොයන ජනපති කොමිසම පත් කෙරේ

Generic placeholder image

2015 වසරේ ජනවාරී මස 14 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා රාජ්‍ය ආයතනවල සිදු වූ දූෂණ සහ වංචා පිළිබද විමර්ශනය කිරීමට පංච පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කර තිබේ. විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන සහ විශ‍්‍රාමික විගණකාධිපති පස්දුන් කෝරලේ ආරච්චිගේ පේ‍්‍රමතිලක ඊට ඇතුළත් වෙනවා. විශ‍්‍රාමික අමාත්‍යංශ ලේකම් […]


Jan
17

හිටපු මහඇමති විග්නේශ්වරන් නව උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි

Generic placeholder image

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ඊයේ (16) සවස හමු වී තිබෙනවා. නව ආණ්ඩුකාරවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව සුබ පැතීම සඳහා හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙසේ හමු වුණා. එම හමුවේදී උතුරේ දෙමළ ජනතාවගේ සංවර්ධනය සහ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතව ඇති […]


Jan
17

කොකේන් වලට ලැබුණු මරණ දඩුවම

Generic placeholder image

කොහුවල ප‍්‍රදේශයේ කොකේන් බෙදා හරිනු ලැබු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද දින (17) මරණ දඩුවම නියම කරනු ලැබුවා. මත්ද්‍රව්‍ය හේතුවෙන් සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එම තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි දඩුවම් නියම කරන බව විත්තිකරුට දඩුවම් නියම […]


Jan
17

ලංකාව නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

Generic placeholder image

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුවක් එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු වුණා. පළමුව අත්සන් තැබුණේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමට යි. පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක […]


Jan
17

මත්තේගොඩ – පිටකොටුව බස් වැඩවර්ජනයක්

Generic placeholder image

මාර්ග අංක 138/2, මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතු දක්වන ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ “අදාළ බස් රථ ගාල් කරන ස්ථානය හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් පවරා ගෙන කඩ පේලියක් ඉදි කිරීමට කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. එදිහි බස් රථ ගාල් කිරීමට අවහිරතා ඇති වෙනවා. අපි අද තීරණය […]


Jan
17

අපි තරම් සංවර්ධනයට මුදල් වෙන් කළ පක්ෂයක් තවත් නැහැ – රවී කියයි

Generic placeholder image

“2018 ඔක්තෝබර් 26 දා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු කළු පැල්ලමක් ඇති වුණා. නමුත් ජනතා එකමුතුභාවය සහ අධිකරණයේ ස්වාධීනත්වය තුළ ඒ ව්‍යාජ ආණ්ඩුව ගෙදර අරින්න පුළුවන් වුණා. නමුත් ඒ කාලය තුළ ඇතිවූ ආර්ථික ප්‍රතිවිපාක පහසුවෙන් සුවකළ නොහැකියි. ජනතාවට අවශ්‍ය වන්නේ කතාව නෙමෙයි ක්‍රියාවයි. ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඒ […]


Jan
17

ජනපති ගත් හොඳම තිරණය ගැන හෙළිදරව්වක්

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පවසනවා.උතුරු පළාතේ ආගමික සහජීවනය ඇති කිරීම මුල්කර ගනිමින් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් ආණ්ඩුකාරධූරය භාර ගැනීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින් ඊයේ දිනයේදී හමුවුණා. පළමුව උතුරු ආණ්ඩුකාරවරයා යාපනය අගරදගුරුතුමන් […]


Jan
16

BPL පිටිය රත්කල තිසරගේ සුපිරි ඉනිම මෙන්න | Video

Generic placeholder image

මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තිසර පේරේරා සියල්ලන්වම පුදුම කරමින් ඉතා අගනා පිතිහරඹයක පසුගිය දා යෙදුනා. පහතින් තිසරගේ ඉනිමේ වීඩියෝව..


Jan
16

බස් වලට හෝන් ගහන් දගලන කාලේ මොළේ තියන කෙනෙක් කරපු සුපිරි වැඩක්

Generic placeholder image

බස් වලට විවිධ වර්ණ වල ස්ටිකර් ගහගෙන , සිංදු දාගෙන , තියන බස් අතරෙ ආදර්ශමත් බස් එකක් අපිට දැකගන්නට ලැබුණා. පහත ඡායාරූප වලින්ම ඔයාට දැනගන්න පුළුවන් මේ බස් එකේ ආදර්ශය.


Jan
16

ශ්‍රී ලංකා සහ පිලිපීන ජනපති වරුන්ගේ හමුවීමක්

Generic placeholder image

පිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබෙනවා. පිලිපීන වේලාවෙන් පස්වරු 4.00ට පමණ ජනපතිවරයා එම මන්දිරයට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ගිවිසුම් 6කටද අත්සන් […]


Jan
16

ගයන්ත ගායනයට සමුදීලද ?

Generic placeholder image

ගයන්ත ගායන කටයුතුවලින් මේ දවස්වල පේන්න නැහැ ? මට හිතුණා මම ඉන්න ක්ෂේත්‍රය ගැන පොඩ්ඩක් අප්ඩේට් වෙන්න ඕනේ කියලා. ඉතින් මම ඕඩියෝ ඉන්ජිනියරින් ගැන ඉගෙන ගත්තා. ඒකයි ටිකක් නිහඬ වෙලා හිටියේ. අපි ගයන්තව හඳුනා ගත්තේ ගායකයෙක් විදියටනේ. නමුත් මේ දවස්වල වෙනස්ම ඡායාරූප පෙළකින් ගයන්තව දකින්න ලැබෙනවා ? ඒක වුණේ ඇත්තටම අහඹු සිදුවීමක් නිසා. මම ස්ටුඩියෝ […]


Jan
16

2019 සඳහා පාසල්වල පළමු ශ්‍රේණිය හෙට ඇරඹෙයි

Generic placeholder image

2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) උදෑසන 9.00 ට ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මීට සමගාමීව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීමේ අරමුණින් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශවන දරුවන් සඳහා “එකට වවමු […]


News Articles
Latest Videos
Most Popular Post