News Line| Off Air
Generic placeholder image

Jan
11

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගැන කමිටු වාර්තා 5 ක් පාර්ලිමේන්තුවට

Generic placeholder image

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා 5ක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දින (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබුවා. ඉන් අනතුරුව ඒ පිළිබඳව විවාදයක් ආරම්භ වුණා. මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් රට පාවා නොදෙන බවත් බුදුදහමට ඇති ප්‍රමුඛතාව හා රටේ ඒකීය […]


Jan
11

ඔබ නිසා ඇවිත් මහින්ද රනිල් මෛත්‍රී එකට අසුන් ගනී

Generic placeholder image

අද දිනයේ සමාජජාල තුල වැඩියෙන්ම හුවමාරු වෙන ජායාරූපය බවට පත්ව ඇත්තේ ඊයේ දිනයේ පැවති භාතිය සන්තුෂ් ඔබ නිසා ප්‍රසංගයට පැමිණි ලංකාවේ ප්‍රභලම දේශපාලන චරිත තුන එකට සිට ප්‍රසංගය රසවිදින ආකාරය දැක්වෙන ජායාරූපයයි. සංගීතයට කල නොහැක්කක් නැහැ යනුවෙන් මෙය හුවමාරු වීමත් විශේෂයක්.පහතින් දැක්වෙන්නේ එම ජායාරූපයයි.


Jan
10

අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය යටතේ.

Generic placeholder image

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියැදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටිනවා. එමෙන්ම අවයව දන්දීමේ මෙම පුණ්‍ය කර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගයකිරීම සඳහාද ඉදිරියේදී කටයුතු සැලසුම් කරමින් පවතින බව ජනාධිපති […]


Jan
10

මේ වසරේ සිට වාහන ලියාපදිංචිය නිවසෙදීම?

Generic placeholder image

වාහන ලියාපදිංචි කිරීම, පැවරීම ඇතුළු රථවාහනවලට අදාළ සියලු කටයුතු ඊ-මෝටරින් ක්‍රමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් වෙමින් සිදුවන බවත් එය එළැඹෙන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවත් මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ඒ.එච්.කේ. ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කරනවා. මේ අනුව සියලුම වාහන ලියාපදිංචි කිරීමේ සිට පැවරීම් ඇතුළු සියලු කටයුතු ඊ-මෝටරින් යටතේ ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක් […]


Jan
10

ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා 2019 වසරේදී වර්ධනය වෙනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා. 2019 වසරේදී ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ ශක්තිමත් දේශීය ඉල්ලුම, යටිතල පහසුකම් සංවර්ධනය විම හරහා සිදුවන ආයෝජන වර්ධනය හේතුවෙන් මෙසේ ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි ලෝක […]


Jan
10

LTTE ‌දෙදෙනෙක් වසර 185කට ඇතුලට

Generic placeholder image

ආරක්ෂක අංශ නිලධාරීන් ගමන් ගත් ඇන්ටනෝව් 32ක වර් ගයේ මගී ගුවන් මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙළා විනාශ කළ බවට අනුරාධපුර මහාධිකරණයේ විභාග වූ නඩුවකට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රභලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහෙෂ් වීරමන් මහතා විසින් නියම කළා. ඒ ඔවුන්ට එල්ල වූ […]


Jan
10

ශ්‍රී.ල.නි.ප ජනාධිපති අපේක්ෂකයා කවුද? මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වාගෙන් හෙළිදරවුවක්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් මෙවරත් නම් කර සිටින්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අද(10) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා මේ බව පැවසුවා. මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙසින් පක්ෂයෙන් නම් කොට තිබෙන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන […]


Jan
10

රෙජිනෝල්ගේ සහ නිලුකාගේ අළුත් පුටු දෙක?

Generic placeholder image

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙනවා. සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද පත් කර තිබෙනවා. මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා […]


Jan
10

උතුරේ සියලු නාම පුවරු සිංහල සහ දෙමළෙන් විය යුතුයි උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩභාර ගනිමින් කියපු කතාව

Generic placeholder image

උතුරු පළාතේ සියළුම ස්ථාන වල නාම පුවරු ලබන අප්‍රේල් මාසය වන විට අනිවාර්යෙන්ම සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම ප්‍රදර්ශනය කරවීමට පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරමින් පැවසීය.රජයේ පවත්නා ක්‍රමයට අනුව සිංහල,දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවලින් සෑම දෙයක්ම ලියා තිබිය යුතු නිසා විශේෂයෙන්ම […]


Jan
10

ජනවාරි 14 ඉතිහාසගතවෙයි – අගමැති කියයි

Generic placeholder image

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවීමට සිදුව ඇති විශාලම ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600ක් ජනවාරි 14 දා ගෙවීමට සිදුව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අද (10 දා) පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා. එසේම ඔක්තෝබර් 26 දා ඇතිවූ දේශපාලන අර්බුදය ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනයට සෘණාත්මක ලෙස බලපාන බවද ඔහු සඳහන් කළා. ඉදිරියේදී දුෂ්කරතා, අසීරුතා මතුවුවත් ඒ මධ්‍යයේ […]


Jan
10

අද රාත්‍රී ඉන්ධන මිල වැඩිවෙන ලකුණු

Generic placeholder image

අද රාත‍්‍රියේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් විය හැකි බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පවසනවා.නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු වැඩි වීමක් ද දක්නට ලැබෙන බවයි. ඒ අනුව ඉන්ධන මිල බොහෝවිට වැඩි වීමක් සුදුවිය හැකි බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ.ඉන්ධන මිල සූත‍්‍රය අනුව සෑම මසකම 10 වැනිදාට […]


Jan
10

මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න – ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් කණ්ඩායමට කියයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිසර පෙරේරා හා ලසිත් මාලිංගත්, ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනා අතරත් සිදුවූ මත ගැටුම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය අදහස් දක්වා සිටියා. “තරුණ ක්‍රීඩකයෝ විවෘතව ප්‍රශ්ණ ගැන සාකච්ඡා කරන්න. ක්‍රීඩකයින් තනි තනියම ඇවිත් කතා කළාම ඒක වැරදි මතයක් බවට පත් වෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට ඇවිල්ලා කතා කරන්න. පහුගිය […]


News Articles
Latest Videos
Most Popular Post